١.නියත වශයෙන්ම නූහුව ඔහුගේ ජනතාව වෙත (අපගේ) දූතයා වශයෙන් යවා (ඔහුට), “ඔබ, ඔබගේ ජනතාවට වේදනා ගෙන දෙන දඬුවම පැමිණීමට පෙරම ඔවුන්ට (ඒ ගැන) බියගන්වා අනතුරු අඟවනු” යයි නියෝග කළෙමු
٤.(එසේ ඔබ කටයුතු කළහොත් අල්ලාහ්) ඔබගේ වැරදිවලට ඔබට සමාව දී නියමිත කාලයක් දක්වා ඔබව (සමාදානයෙන් ජීවත් වීමට) අත්හැර තබනු ඇත. නියත වශයෙන්ම (දඬුවම සඳහා නියම කරන ලද) අල්ලාහ්ගේ වාරය පැමිණෙන අවස්ථාවේදී, එය පොඩියක් හෝ ප්‍රමාද වන්නේ නැත. (මෙය) ඔබ දැන ගත යුතු නොවේද?”යි පැවසුවේය
٥.(එසේ ඔහු කොපමණදෝ කාලයක් තිස්සේ පැවසුවද, ඔවුන් එයට විරුද්ධ වී ඔහුව ප්‍රතික්ෂේප කර දැමූ වහාම ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ ජනයාව (ඔබගේ මාර්ගයෙහි) රෑ දහවල් තිස්සේ ආරාධනා කළෙමි
٧.ඔබ ඔවුන්ට සමාව දීමට (ඔබ දෙසට) මා ඔවුන්ව ආරාධනා කළ සෑමවිටම, තමන්ගේ කණ්වල තමන්ගේ ඇඟිලි දමා වසාගෙන, (මාව නොබලා) තමන්ගේ ඇඳුම් මගින්ද තමන්ව ආවරණය කර ගත්හ. ඉමහත් අහංකාරයෙන් (තමන්ගේ වැරදි කෙරෙහිම හිතුවක්කාරකමින්) ස්ථීරව සිටියහ
١٢.වස්තුවද, දරුවන්ද ලබා දී ඔබට උදව් කරනු ඇත. ඔබට වතුද උත්පාදනය කර, (ඒවායෙහි) ගංඟාවන්ද ඔබ වෙනුවෙන් ගළන්නට සලස්වනු ඇත
١٦.ඔහුම ඒවායෙහි චන්ද්‍රයාව (පරාවර්ථනය වන) ආලෝකයක් වශයෙන්ද, සූර්යයා එක් (දීප්තිමත්) පහණක් වශයෙන්ද නිර්මාණය කළේය”
١٨.තවද එහිම ඔබව (මරණයට පත් කිරීමටද සලස්වා එහි) ඒකරාශී කර හරින්නේය. (එයින්ම) තවත් වරක්ද ඔබව ඉකුත් කරන්නේය
٢٠.එහි (විවිධ ප්‍රදේශයන්ට) ඔබ සංචාරය කරනු පිණිස පළල්වූ මංමාවත්ද නිර්මාණය කළේය (යනුවෙන් ඔහු තම ජනතාවට පැවසුවේය)
٢١.(නැවතත් නූහු නබි තම දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔවුන් මට වෙනස්කම් කරන්නාහ. තවද වස්තූන්ද, දරුවන්ද කවුරුන් හට අමාරුකම මිස, (වෙන කිසිවක්) අධික කළේ නැද්ද, ඔවුන්වම අනුගමනය කරන්නාහ
٢٣.තවද (ඔවුන්ගෙන් වූ අය තමන්ගෙන් වූ අන් අයට) ‘ඔබ, ඔබගේ දෙවිවරුන්ව අත්හැර නොදමනු. ‘වද්’ (නමැති පිළිරුව)ද (අත්හැර නොදමනු). ‘සුවාඋ, යඌස, නස්ර්’ (ආදී පිළිරූ)ද අත්හැර නොදමනු” යයි ඔවුන් පවසා
٢٤.“නියත වශයෙන්ම බොහොමයක් දෙනාව මාර්ගය වැරද යාමට සැලැස්වූහ. (එබැවින් මගේ දෙවියනේ!) මෙම අපරාධකාරයින්ට දුර්මාර්ගයම මිස, ඔබ අධික කර නොතබනු!” (යයිද ප්‍රාර්ථනා කළේය)
٢٥.එබැවින් ඔවුන් කරමින් සිටි පාපයන්හි හේතුවෙන් (ජල ගැල්මෙහි) ඔවුන්ව ගිල්වා දමනු ලැබ, පසුව නිරයෙහිද ඇතුළු කරනු ලැබූහ. අල්ලාහ් හැර, ඔවුන්ට උදව් කරන්නන්ව ඔවුන් දුටුවේ නැත
٢٦.නැවතත් නූහු (නබි තම දෙවියන්ට) “මගේ දෙවියනේ! භූමියෙහි එම ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කිසිවෙකුවත් වාසය කිරීමට ඔබ අත්හැර නොදමනු
٢٧.ඔබ ඔවුන්ව අත්හැර දමා තබන්නේ නම්, ඔබගේ (අනිත්) වහලූන්වද නියත වශයෙන්ම ඔවුන් මාර්ගය වැරද යාමටම සලස්වන්නාහ. පාපතරයන්වද, ප්‍රතික්ෂේප කරන්නන්වද මිස, (වෙන කිසිවෙකුත් දරුවන් වශයෙන්) ඔවුන් ප්‍රසූත කරන්නේද නැත
٢٨.මගේ දෙවියනේ! මගේ දෙමව්පියන්ටද, විශ්වාසය තැබූවන් වශයෙන් මගේ නිවසෙහි ඇතුළු වූ අයටද, (නිවසෙහි ඇතුළු නොවූ අනිත්) විශ්වාසය තැබූ පිරිමින්ටද, විශ්වාසය තැබූ ගැහැනුන්ටද, ඔබ සමාව දෙනු මැනව! මෙම අපරාධකාරයින්ට විනාශයම මිස, ඔබ අධික නොකරනු මැනව!” (යයිද ප්‍රාර්ථනා කළේය)