١.(නබියේ! ප්රතික්ෂේප කරන්නන්ට) හමු විය හැකි දඬුවම ගැන කෙනෙකු (ඔබ වෙතින් එය කවදා එන්නේදැයි සමච්චලයෙන් මෙන්) විමසන්නේය
٤.(එය හමු වන) වසර පණස්දහසකට සමාන එක් දිනකදී මලායිකාවරුන්ද, (ජිබ්රීල් වන පරිශුද්ධ වූ) ආත්මයද ඔහු වෙත නැග ගන්නාහ
١١.(ඔවුන්) කෙනෙකු තවත් කෙනෙකුව මුණ ගැහෙන්නට සිදු වුනා වුවද (කම් නැත!) වැරදිකරුවන් එදිනයේ දඬුවමට වන්දි වශයෙන් තමන්ගේ දරුවන්වද
٢٨.(මන්දයත්) නියත වශයෙන්ම තම දෙවියන්ගේ දඬුවම බිය නොවී සිටිය හැකි දැයක් නොව (යන්න ඔවුන් හොඳින් දන්නාහ)
٣٠.එහෙත් තමන්ගේ භාර්යයාවන් වෙතද, තමන්ගේ දකුණත් හිමි කර ගත් අය වෙතද, හැර. නියත වශයෙන්ම ඔවුන් (මොවුන් සමග සම්බන්ධකම් පැවැත්වීම ගැන) අවමානයට ලක් කරනු නොලබන්නාහ
٣٢.තවත් කවුරුන් තමන් වෙත (විශ්වාස කර බාර දෙනු ලැබ) තිඛෙන විශ්වාසහරිත වස්තූන්ද, (තමන් කළ) පොරොන්දුද, ඒ අනුවම අනුගමනය කර (ඉතාමත් විශ්වාසවන්තව කටයුතු) කරන්නෝද, ඔවුන්ද
٣٩.එය සිදු විය හැකි දැයක් නොව. ඔවුන් දැන ගත් එක් (අල්ප) වස්තුවකින්ම නියත වශයෙන්ම අපි ඔවුන්ව උත්පාදනය කරන්නෙමු
٤٠.නැගෙනහිර දිසාවේ හා බටහිර දිසාවේ දෙවියන් මත සත්තකින්ම! නියත වශයෙන්ම අපි (අපගේ කැමැත්තට අනුව කරන්නට) බලසම්පන්න වෙමු
٤١.(මොවුන්ව පහ කර) මොවුන්ට වඩා උසස් අය මාරු කර හැරීමටද (බලසම්පන්න වෙමු). (මෙහිදී) කිසිවෙකුටත් අපව පරාජය කළ නොහැක
٤٢.එබැවින් (නබියේ!) ඔවුන්ට පොරොන්දු දෙන ලද දිනය ඔවුන්ට හමු වන තුරු ඔවුන් සෙල්ලම් කරමින් (පුහු කාරණාවන්හි) ගැලී සිටින්නටම ඔබ ඔවුන්ව අත්හැර දමනු
٤٣.(නබියේ! ඔවුන්ට එක් දිනයක් ගැන ඔබ මතක් කර දෙනු. පිළිරූ වන්ඳනා කරන්නන් තමන්ගේ උත්සව දිනයන්හි පූජාව සඳහා සිටුවන ලද) කොඩි දෙසට වේගයෙන් දිව යන්නාක් මෙන්ම සොහොන් වලින් පිට වී (මහ්ෂර් නමැති පිටියට) ඉතාමත් තීව්රව යන්නාහ
٤٤.ඔවුන්ගේ බැල්ම පහත හෙළමින් තිඛෙණු ඇත. අවමානයද ඔවුන්ව වටකර ගනු ඇත. (නබියේ!) මෙම දිනයම ඔවුන්ට පොරොන්දු වන ලද දිනය වන්නේය