نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.නියත වශයෙන්ම නූහුව ඔහුගේ ජනතාව වෙත (අපගේ) දූතයා වශයෙන් යවා (ඔහුට), “ඔබ, ඔබගේ ජනතාවට වේදනා ගෙන දෙන දඬුවම පැමිණීමට පෙරම ඔවුන්ට (ඒ ගැන) බියගන්වා අනතුරු අඟවනු” යයි නියෝග කළෙමු
٤.(එසේ ඔබ කටයුතු කළහොත් අල්ලාහ්) ඔබගේ වැරදිවලට ඔබට සමාව දී නියමිත කාලයක් දක්වා ඔබව (සමාදානයෙන් ජීවත් වීමට) අත්හැර තබනු ඇත. නියත වශයෙන්ම (දඬුවම සඳහා නියම කරන ලද) අල්ලාහ්ගේ වාරය පැමිණෙන අවස්ථාවේදී, එය පොඩියක් හෝ ප්‍රමාද වන්නේ නැත. (මෙය) ඔබ දැන ගත යුතු නොවේද?”යි පැවසුවේය
٥.(එසේ ඔහු කොපමණදෝ කාලයක් තිස්සේ පැවසුවද, ඔවුන් එයට විරුද්ධ වී ඔහුව ප්‍රතික්ෂේප කර දැමූ වහාම ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ ජනයාව (ඔබගේ මාර්ගයෙහි) රෑ දහවල් තිස්සේ ආරාධනා කළෙමි
٧.ඔබ ඔවුන්ට සමාව දීමට (ඔබ දෙසට) මා ඔවුන්ව ආරාධනා කළ සෑමවිටම, තමන්ගේ කණ්වල තමන්ගේ ඇඟිලි දමා වසාගෙන, (මාව නොබලා) තමන්ගේ ඇඳුම් මගින්ද තමන්ව ආවරණය කර ගත්හ. ඉමහත් අහංකාරයෙන් (තමන්ගේ වැරදි කෙරෙහිම හිතුවක්කාරකමින්) ස්ථීරව සිටියහ
٢٧.ඔබ ඔවුන්ව අත්හැර දමා තබන්නේ නම්, ඔබගේ (අනිත්) වහලූන්වද නියත වශයෙන්ම ඔවුන් මාර්ගය වැරද යාමටම සලස්වන්නාහ. පාපතරයන්වද, ප්‍රතික්ෂේප කරන්නන්වද මිස, (වෙන කිසිවෙකුත් දරුවන් වශයෙන්) ඔවුන් ප්‍රසූත කරන්නේද නැත
٢٨.මගේ දෙවියනේ! මගේ දෙමව්පියන්ටද, විශ්වාසය තැබූවන් වශයෙන් මගේ නිවසෙහි ඇතුළු වූ අයටද, (නිවසෙහි ඇතුළු නොවූ අනිත්) විශ්වාසය තැබූ පිරිමින්ටද, විශ්වාසය තැබූ ගැහැනුන්ටද, ඔබ සමාව දෙනු මැනව! මෙම අපරාධකාරයින්ට විනාශයම මිස, ඔබ අධික නොකරනු මැනව!” (යයිද ප්‍රාර්ථනා කළේය)