نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.විශ්වාසවන්තයින්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කළහ
٦.එහෙත් ඔවුන් තමන්ගේ භාර්යයාවන් වෙත හෝ නැතහොත් තමන්ගේ දකුණු අත් හිමි කර ගත් (වහල්) ස්ත්‍රීන් වෙත හෝ (එක්කාසු වීමෙන්) නියත වශයෙන්ම (ඔවුන් වැරදිකරුවන් නොවන්නාහ. එබැවින් මෙම කාරණාවෙහි) ඔවුන් නින්දා කරනු නොලබන්නාහ
١٤.පසුව එම ඉන්ද්‍රිය ලේ කැටියක් බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිණ්ඩයක් බවට පත් කළෙමු. පසුව එම මාංශ පිණ්ඩයෙන් ඇට කටු නිර්මාණය කර, එම ඇට සැකිළ්ලට මස් මාංශ ඇන්ෙඳව්වෙමු. පසුව එය (පූරණ) මිනිස් (ජීවිතයක් බවට පත් කළෙමු. මෙසේ උත්පාදනය කළ) අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (ඔහු) උත්පාදයකයින්ගෙන් ඉතාමත් අලංකාරවන්තයෙකි
١٧.මිනිසුනේ! මෙසේ අපි ඔබව පමණක්ද උත්පාදනය කර ඇත්තේ? නියත වශයෙන්ම ඔබට ඉහළින් ඇති අහස් හතද අපිම උත්පාදනය කළෙමු. (ඒවා සෑම එකකම ඔබ වැනි උත්පාදනයන් ඇත්තේය. මේවා උත්පාදනය කර ඇති අතර) මෙම උත්පාදනයන්ට (අවශ්‍ය දැය) ගැන අපි නොසැලකිලිමත් නොවූවෙමු. (ඒවාට අවශ්‍ය සෑම දැයක්ම පරිපූරණ වශයෙන් අපි උත්පාදනය කර ඇත්තෙමු)
٢٣.නියත වශයෙන්ම අපි නූහු (නබිව) අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර, වෙනත් හිමියෙකු ඔබට ඇත්තේම නැත. (ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි පැවසුවේය
٢٤.(ඔහුව) ප්‍රතික්ෂේප කළ ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන් (තමන්ගේ ජනතාවට නූහු නබිව ගෙනහැර දක්වමින්) “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. එහෙත් ඔහු ඔබ කෙරෙහි උසස් පදවියක් දරන්නට අදහස් කරන්නේය. (ඇත්තෙන්ම) අල්ලාහ් (අප වෙත දූතයෙකු යවන්නට) අදහස් කළේ නම්, මලායිකාවරුන්වම යවන්නට ඉඩ තිබුණි. පෙර විසූ අපගේ මුතුන් මිත්තන් වෙත මෙවැනි කාරණාවන් අපි අරංචි වී ඇත්තේ නැත” යයිද
٢٧.එයට අපි ඔහුට “අපි දන්වන ආකාරයටම ඔබ අපගේ ඇස් ඉදිරියේ නැවක් ඉදි කරනු. අපගේ නියෝගය ඇති වී ලිප (මත ඇති දැය) උතුරා යන්නට ආරම්භ වුවහොත් (සෑම ජීවියෙකුගෙන්ම) පිරිමි ගැහැනු දෙක දෙක බැගින් එක්කාසු වූ ජෝඩු ජෝඩු වශයෙන් ඔබගේ පවුලේ උදවියගෙන් කවුරුන් කෙරෙහි අපගේ (දඬුවම ගැන වූ) පොරොන්දුව ඇති වූවේද, ඔහුව හැර, අනිත් (ඔබගේ පවුලේ) උදවියද ඔබ එහි පටවා ගනු. අපරාධකරුවන් ගැන ඔබ මා වෙත කිසිවක් (මැදිහත් වී) කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුන් (ජල ගැල්මෙහි) ගිල්වා දමනු ලබන්නාහ” යයි වහී දැන්වූවෙමු
٢٩.“තවද ‘මගේ දෙවියනේ! ඔබ මාව ඉතාමත් භාග්‍යවන්තයෙකු වශයෙන් (භාග්‍යයෙන් පිරි ස්ථානයෙහි ඔබගේ අමුත්තෙකු වශයෙන් නැවෙන්) බැසීමට සලස්වනු මැනව! ඔබ නම්, බැසීමට සලස්වා සංග්‍රහ කිරීමෙහි ඉතාමත් උසස්වන්තයෙකි’ යයි ප්‍රාර්ථනා කරනු මැනව!” (යයිද කීවෙමු)
٣٣.එයට (ඔහුව) ප්‍රතික්ෂේප කර හැරිය ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන්ද, විනිශ්චය දිනය හමු වීම ගැන බොරු කරමින් සිටි අයද, මෙලොව ජීවිතයේ සැප සම්පත් අප විසින් ලබා දී තිබියදී (ඔවුන් තම ජනතාවට හූද් නබිව ගෙනහැර දක්වා) මෙසේ පැවසූහ: “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. ඔබ අනුභව කරන දැයම ඔහුත් අනුභව කරන්නේය. ඔබ පානය කරන දැයම ඔහුත් පානය කරන්නේය”
٤٤.නැවතත් අපි අපගේ දූතයින්ව කෙනෙකුගෙන් පසු කෙනෙකු වශයෙන් යවමින්ම සිටියෙමු. (අපගේ) දූතයා කුමන සමූහයක් වෙත පැමිණියා වුවද, ඔවුන් ඔහුව බොරුකාරයා කරමින්ම සිටියහ. එබැවින් අපිත් (එම සමූහයන්ව) කෙනෙකුගෙන් පසු කෙනෙකු වශයෙන් විනාශ කරමින්ම සිටියෙමු. ඔවුන් සියල්ලන්වම (පසුව පැමිණෙන්නන් කතා කරන) සාමාන්‍ය ඉතිහාසයක් බවට පත් කළෙමු. එබැවින් විශ්වාසය නොතැබූ (මෙවැනි) ජනතාවට විනාශයයි
٦٢.අපි කිසිම ආත්මයක් තමන්ගේ ශක්තියට අධික වශයෙන් (යම් කිසිවක් කරන මෙන්) බල කරන්නේ නැත. (සෑම කෙනෙකුගේම) නිවැරදි (දෛනික) සටහනද අප වෙත ඇත්තේය. (ඔවුන්ගේ පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ) ඔවුන්ට අපරාධයක් කරනු නොලබන්නාහ
٧١.දිව්රුම ඔවුන්ගේ (වැරදි) අදහස් අනුගමනය කරන්නෙහු නම්, නියත වශයෙන්ම අහස්ද, භූමියද, ඒවායේ ඇති දැයද විනාශ වී යනු ඇත. එබැවින් ඔවුන්ට හොඳ ඔවදනම යැව්වෙමු. එහෙත් ඔවුන් නම්, තමන් වෙත පැමිණි එම හොඳ ඔවදනම ප්‍රතික්ෂේප කර හැරියහ
٩١.අල්ලාහ් දරුවන් ඇර ගත්තේ නැත. ඔහු සමග වෙනත් හිමියෙකුද නැත. එසේ නම්, සෑම දෙවියෙකුම තමන් උත්පාදනය කළ දැය, (තමන් සමග එක්කාසු) කරගෙන කෙනෙකු අනිත් කෙනා කෙරෙහි යුද්ධ කර, ඉහළින් යාමට ආරම්භ කරනු ඇත. (ප්‍රතික්ෂේප කරන) මොවුන් වර්ණනා කරන මේවායෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි
١٠٠.“මා අත්හැර දමා පැමිණි (ලොවෙහි) එහි (මින් පසු) හොඳ කාරණාවන්ම මා කරමින් සිටින්නෙමි” යයි පවසනු ඇත. (එහෙත් එය සිදුවිය හැකි කාරණාවක්) නොව. (මෙවැනි අවස්ථාවේදී) ඔහු කියන පුහු වදනක් (මිස, වෙන කිසිවක් නැත). ඔවුන්ට පෙර එහි (පණ දී) නැගිට්ටවන දින දක්වා එක් ආවරණයක් ඇති වනු ඇත
١٠٩.නියත වශයෙන්ම මගේ වහලූන්ගෙන් එක් කොටසක් සිටියහ. ඔවුන් (මා හට) “අපගේ දෙවියනේ! අපි (ඔබව) විශ්වාස කරන්නෙමු. ඔබ අපගේ වැරදිවලට සමාව දී අප කෙරෙහි දයාව පහළ කරනු මැනව! දයාව පහළ කරන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස්වන්තයෙකි” යයි ප්‍රාර්ථනා කරමින් සිටියහ
١١٧.(නබියේ!) කවුරුන් අල්ලාහ් සමග වෙනත් හිමියෙකු (දෙවියන් යයි) ආරාධනා කරන්නේද, ඔහු වෙත එයට අයත් කිසිම සාධකයක් නැත. ඔහුගේ (පාපයන්ගේ) ගණනය ඔහුගේ දෙවියන් වෙතම (තීන්දු කරනු ලැබේ). නියත වශයෙන්ම (සත්‍යය) ප්‍රතික්ෂේප කරන මෙවැන්නන් ජයග්‍රහණය කරනු නොලබන්නාහ