٦.එහෙත් ඔවුන් තමන්ගේ භාර්යයාවන් වෙත හෝ නැතහොත් තමන්ගේ දකුණු අත් හිමි කර ගත් (වහල්) ස්ත්‍රීන් වෙත හෝ (එක්කාසු වීමෙන්) නියත වශයෙන්ම (ඔවුන් වැරදිකරුවන් නොවන්නාහ. එබැවින් මෙම කාරණාවෙහි) ඔවුන් නින්දා කරනු නොලබන්නාහ
٧.මෙයට පටහැනි දැයක් කවුරුන් හෝ කැමති වුවහොත් ඔවුන් සීමාව ඉක්මවූ අය බවටද, (වැරදිකරුවන් බවටද) පත් වන්නාහ
٨.තවද ඔවුන් (විශ්වාස කර බාර දෙනු ලැබූ) තමන්ගේ විශ්වාසයට අයත් දැයද, තමන්ගේ පොරොන්දුවද ගෞරව කරමින් කටයුතු කර
١٤.පසුව එම ඉන්ද්රිය ලේ කැටියක් බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිණ්ඩයක් බවට පත් කළෙමු. පසුව එම මාංශ පිණ්ඩයෙන් ඇට කටු නිර්මාණය කර, එම ඇට සැකිළ්ලට මස් මාංශ ඇන්ෙඳව්වෙමු. පසුව එය (පූරණ) මිනිස් (ජීවිතයක් බවට පත් කළෙමු. මෙසේ උත්පාදනය කළ) අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (ඔහු) උත්පාදයකයින්ගෙන් ඉතාමත් අලංකාරවන්තයෙකි
١٧.මිනිසුනේ! මෙසේ අපි ඔබව පමණක්ද උත්පාදනය කර ඇත්තේ? නියත වශයෙන්ම ඔබට ඉහළින් ඇති අහස් හතද අපිම උත්පාදනය කළෙමු. (ඒවා සෑම එකකම ඔබ වැනි උත්පාදනයන් ඇත්තේය. මේවා උත්පාදනය කර ඇති අතර) මෙම උත්පාදනයන්ට (අවශ්‍ය දැය) ගැන අපි නොසැලකිලිමත් නොවූවෙමු. (ඒවාට අවශ්‍ය සෑම දැයක්ම පරිපූරණ වශයෙන් අපි උත්පාදනය කර ඇත්තෙමු)
١٨.වලාකුළෙන් (අපගේ) සැලසුමට අනුව වර්ෂාව වසින්නට සලස්වන්නෙමු. එය භූමියෙහි රැෙඳන සේ සලස්වන්නෙමු. එය (භූමියෙන්) පහ කිරීමටද අපි බලසම්පන්න වෙමු
١٩.එමගින් ඉඳි, මිදි (ආදී) වතුද ඔබ වෙනුවෙන් අපි උත්පාදනය කරන්නෙමු. ඒවායෙන් ඔබට අවශ්‍ය බොහොමයක් පලතුරු වර්ග ඇත්තේය. ඒවායෙන් (බොහොමයක් වර්ග) ඔබ අනුභව කරන්නෙහුය
٢٠.තූර්, සිනායි කන්ෙඳහි වැඩෙන (සෙයිතූන් නමැති ඔලිව්) ගසද (අපි උත්පාදනය කරන්නෙමු). එය තෙල්ද, ආහාරයට ගන්නා අයට රසයක්ද ලබා දෙන්නේය
٢١.නියත වශයෙන්ම එළු, ගව, ඔටුවන් ආදී දැයෙන් ඔබට පාඩමක් ඇත්තේය. මේවායේ තන බුරුල් වලින් (කිරි) අපි ඔබට පොවන්නෙමු. තවද ඔබට බොහොමයක් ප්‍රයෝජනද ඇත්තේය. ඒවායෙන් සමහරක් ඔබ අනුභව කරන්නෙහිය
٢٣.නියත වශයෙන්ම අපි නූහු (නබිව) අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර, වෙනත් හිමියෙකු ඔබට ඇත්තේම නැත. (ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි පැවසුවේය
٢٤.(ඔහුව) ප්‍රතික්ෂේප කළ ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන් (තමන්ගේ ජනතාවට නූහු නබිව ගෙනහැර දක්වමින්) “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. එහෙත් ඔහු ඔබ කෙරෙහි උසස් පදවියක් දරන්නට අදහස් කරන්නේය. (ඇත්තෙන්ම) අල්ලාහ් (අප වෙත දූතයෙකු යවන්නට) අදහස් කළේ නම්, මලායිකාවරුන්වම යවන්නට ඉඩ තිබුණි. පෙර විසූ අපගේ මුතුන් මිත්තන් වෙත මෙවැනි කාරණාවන් අපි අරංචි වී ඇත්තේ නැත” යයිද
٢٥.“මොහු එක්තරා පිස්සු මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. එබැවින් (මොහු පවසන සත්‍යය) ටික කලක් ඉවසා බලනු” යයිද පැවසූහ
٢٦.(එයට නූහු නබි) මගේ දෙවියනේ! මොවුන් මාව බොරුකාරයා කර හැරිය බැවින් ඔබ මා හට උදව් කළ යුතුය” යයි ප්‍රාර්ථනා කළේය
٢٧.එයට අපි ඔහුට “අපි දන්වන ආකාරයටම ඔබ අපගේ ඇස් ඉදිරියේ නැවක් ඉදි කරනු. අපගේ නියෝගය ඇති වී ලිප (මත ඇති දැය) උතුරා යන්නට ආරම්භ වුවහොත් (සෑම ජීවියෙකුගෙන්ම) පිරිමි ගැහැනු දෙක දෙක බැගින් එක්කාසු වූ ජෝඩු ජෝඩු වශයෙන් ඔබගේ පවුලේ උදවියගෙන් කවුරුන් කෙරෙහි අපගේ (දඬුවම ගැන වූ) පොරොන්දුව ඇති වූවේද, ඔහුව හැර, අනිත් (ඔබගේ පවුලේ) උදවියද ඔබ එහි පටවා ගනු. අපරාධකරුවන් ගැන ඔබ මා වෙත කිසිවක් (මැදිහත් වී) කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුන් (ජල ගැල්මෙහි) ගිල්වා දමනු ලබන්නාහ” යයි වහී දැන්වූවෙමු
٢٨.(තවද ඔහුට මෙසේ පැවසුවෙමු): “ඔබත්, ඔබගෙන් වූ අයත් නැවෙහි නැග වාඩි වූ පසු, ‘අපරාධකාර ජනතාවගෙන් අපව බේරාගත් අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා!’ යයි පවසනු මැනව!”
٢٩.“තවද ‘මගේ දෙවියනේ! ඔබ මාව ඉතාමත් භාග්‍යවන්තයෙකු වශයෙන් (භාග්‍යයෙන් පිරි ස්ථානයෙහි ඔබගේ අමුත්තෙකු වශයෙන් නැවෙන්) බැසීමට සලස්වනු මැනව! ඔබ නම්, බැසීමට සලස්වා සංග්‍රහ කිරීමෙහි ඉතාමත් උසස්වන්තයෙකි’ යයි ප්‍රාර්ථනා කරනු මැනව!” (යයිද කීවෙමු)
٣٢.ඔවුන්ගෙන් වූ (හූද් නමැති) කෙනෙකුවම ඔවුන්ට (අපගේ) දූතයා වශයෙන් යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. ඔහුව හැර, ඔබට වෙන හිමියෙකු ඇත්තේම නැත. (ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි (කීවේය)
٣٣.එයට (ඔහුව) ප්‍රතික්ෂේප කර හැරිය ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන්ද, විනිශ්චය දිනය හමු වීම ගැන බොරු කරමින් සිටි අයද, මෙලොව ජීවිතයේ සැප සම්පත් අප විසින් ලබා දී තිබියදී (ඔවුන් තම ජනතාවට හූද් නබිව ගෙනහැර දක්වා) මෙසේ පැවසූහ: “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. ඔබ අනුභව කරන දැයම ඔහුත් අනුභව කරන්නේය. ඔබ පානය කරන දැයම ඔහුත් පානය කරන්නේය”
٣٥.ඔබ මරණයට පත් වී ඇට කටු බවටද, පස් බවටද පත් වූ පසු, ඇත්තෙන්ම ඔබ (පණ පිටින්) ඉකුත් කරනු ලබන්නෙහුය යයි ඔහු ඔබව බිය ගන්වන්නෙහුද
٣٧.“අපට මෙලොව ජීවිතය මිස, වෙන ජීවිතයක් නැත. (මෙහිම) අපි ජීවත්ව සිට මරණයට පත් වන්නෙමු. (මෙයින් පසු පණ ලබා දී) අපිව නැගිට්ටවන්ට යන්නේ නැත
٣٨.මොහු අල්ලාහ් කෙරෙහි බොරු ගොතා මනක්කල්පිත කර පවසන මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. මොහුව අපි විශ්වාසම නොකරන්නෙමු” (යයිද පැවසූහ)
٣٩.එයට ඔහු “මගේ දෙවියනේ! මොවුන් මාව ඛෙරුකාරයෙකු කර දැමූහ. ඔබයි මා හට උදව් කළ යුත්තේ” යයි ප්‍රාර්ථනා කළේය
٤٠.(එයට) ඔහු (දෙවියන්) “(පොඩියක් ඉවසා සිටිනු). ඉතාමත් ඉක්මනින් මොවුන් දුකෙහි ගැලී යනු ඇත” යයි පැවසුවේය
٤١.එබැවින් ඇත්තෙන්ම (හෙණ හඞ වැනි) ශබ්දයක් ඔවුන්ව අල්ලා ගන්නා ලදී. අපි ඔවුන්ව (ගං වතුරෙහි ගසාගෙන යා හැකි) කුණු ගොඩවල් මෙන් බවට පත් කළෙමු. එබැවින් අපරාධකාර ජනතාව කෙරෙහි (දෙවියන්ගේ) ශාපය ඇති විය
٤٤.නැවතත් අපි අපගේ දූතයින්ව කෙනෙකුගෙන් පසු කෙනෙකු වශයෙන් යවමින්ම සිටියෙමු. (අපගේ) දූතයා කුමන සමූහයක් වෙත පැමිණියා වුවද, ඔවුන් ඔහුව බොරුකාරයා කරමින්ම සිටියහ. එබැවින් අපිත් (එම සමූහයන්ව) කෙනෙකුගෙන් පසු කෙනෙකු වශයෙන් විනාශ කරමින්ම සිටියෙමු. ඔවුන් සියල්ලන්වම (පසුව පැමිණෙන්නන් කතා කරන) සාමාන්‍ය ඉතිහාසයක් බවට පත් කළෙමු. එබැවින් විශ්වාසය නොතැබූ (මෙවැනි) ජනතාවට විනාශයයි
٤٦.(අපගේ දූතයින් වශයෙන්) ෆිර්අව්න් වෙත හා ඔහුගේ ප්‍රධානීන් වෙතද යැව්වෙමු. ඔවුන් නම්, උඞඟූ වී ආඩම්බර බස් ෙදාඩන මිනිසුන් වශයෙන් සිටියහ
٤٧.එබැවින් ඔවුන් මෙසේ පැවසූහ: “අපි මෙන් මිනිසුන් වන මේ දෙදෙනාව අපි විශ්වාස කරන්නෙමුද? මොවුන්ගේ මිනිසුන්ද (අපට වහලූන් වශයෙන් සිටිමින්) අපට වැඩ කරන්නාහ”
٤٩.ඔවුන් ඍජු මාර්ගයෙහි යනු පිණිස මූසාට නියත වශයෙන්ම අපි ධර්මයක් ලබා දුන්නෙමු. (එහෙත් එය ඔවුන් සැලකිල්ලකට ගත්තේ නැත)
٥٠.මර්යම්ගේ පුතාවද, ඔහුගේ මවවද අපි සාධකයක් බවට පත් කර, ඒ දෙදෙනාවද (ඉතාමත් සශ්‍රීක) දිය දහරාවලින් පිරි (වාසය කිරීමට) ඉතාමත් (සුදුසු) උසස් භූමියෙහි ජීවත්වීමට සැලැස්සුවෙමු
٥١.(අපි යැවූ සෑම දූතයෙකුටම) මගේ දූතයාණෙනි! ඔබ පරිශුද්ධ දැයම අනුභව කරනු. නියත වශයෙන්ම මා, ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නෙමි
٥٢.“නියත වශයෙන්ම ඔබගේ මෙම සමූහය එකම සමූහයකි. (මෙහි කිසිම භේදයක් නොමැත). මම ම ඔබගේ දෙවියන්ය. එබැවින් ඔබ මටම බිය වනු” (යයි අණ කර තිබුණෙමු. ඔවුන්ද තම ජනතාවට මේ අන්දමටම පවසමින් සිටියහ)
٥٣.එහෙත් (යුදෙව්වන්) තමන්ගේ ධර්ම කාරණාවන් විවිධ කොටස්වලට ඛෙදාගෙන, සෑම සමූහයක්ම තමන් වෙත ඇති කොටස මගින් සතුටට පත් වන්නාහ
٥٦.(මෙබැවින් නියත වශයෙන්ම) අපි ඔවුන්ට හොඳක් කිරීමෙහි තීව්රව සිටින්නෙමුද? (මෙසේ සිතා ගත්තෙහුද?) එසේ නොව! (එය කුමක් සඳහාද යන්න) ඔවුන් වටහා ගන්නේ නැත
٦٠.කවුරුන් තමන්ට සුදුසු වන අන්දමට දානමාන කරන අතර ඔවුන්ගේ හෘදයන් නියත වශයෙන්ම තමන්ගේ දෙවියන් වෙත ආපසු යන්නෙමු යයි බිය වෙමින් සිටින්නෝද ඔවුන්ද
٦٢.අපි කිසිම ආත්මයක් තමන්ගේ ශක්තියට අධික වශයෙන් (යම් කිසිවක් කරන මෙන්) බල කරන්නේ නැත. (සෑම කෙනෙකුගේම) නිවැරදි (දෛනික) සටහනද අප වෙත ඇත්තේය. (ඔවුන්ගේ පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ) ඔවුන්ට අපරාධයක් කරනු නොලබන්නාහ
٦٣.එහෙත් ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේ හෘදයන් මෙය (මෙම ධර්මය) ගැන (සැක කර), අවුල් වියවුලෙහි ගැලී සිටින්නාහ. මේ හැර ඔවුන් කරමින් සිටින වෙනත් බොහෝ (නපුරු) කාරණාවන්ද ඇත්තේය
٦٤.එබැවින් ඔවුන්ගේ සැප සම්පත්හි ගැලී සිටින්නන්ව දඬුවම මගින් අපි අල්ලා ගත්තේ නම්, ඔවුන් එවෙලේම (තිගැස්සී, තමන්ව බේරා ගන්නා මෙන්) ආරක්ෂාව පතා ශබ්ද නගන්නාහ
٦٥.(ඒ අතර ඔවුන්ට) “අද දින ඔබ ආරක්ෂාව පතා ශබ්ද නොනගනු. නියත වශයෙන්ම ඔබ අප විසින් උදව් කරනු නොලබන්නෙහුය
٦٨.(අපගේ) වදන් ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? නැතහොත් ඔවුන්ගේ පෙර විසූ මුතුන් මිත්තන් වෙත නොපැමිණි යම්කිසිවක් මොවුන් වෙත පැමිණියේද
٧٠.නැතහොත් “ඔහුට පිස්සු හැදී ඇත” යයි පවසන්නෙහුද? එසේ නොව. (අපගේ දූතයා) ඔහුට සත්‍යය ගෙන ආවේය. එහෙත් ඔවුන්ගෙන් බොහොමයක් දෙනා එම සත්‍යය පිළිකුල් කරන්නාහ
٧١.දිව්රුම ඔවුන්ගේ (වැරදි) අදහස් අනුගමනය කරන්නෙහු නම්, නියත වශයෙන්ම අහස්ද, භූමියද, ඒවායේ ඇති දැයද විනාශ වී යනු ඇත. එබැවින් ඔවුන්ට හොඳ ඔවදනම යැව්වෙමු. එහෙත් ඔවුන් නම්, තමන් වෙත පැමිණි එම හොඳ ඔවදනම ප්‍රතික්ෂේප කර හැරියහ
٧٢.නැතහොත් ඔබ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහිද? (එසේත් නැත. මන්දයත්) ඔබගේ දෙවියන් (ඔබට) ලබා දෙන කුලියම ඉතාමත් උසස් වශයෙන් ඇත්තේය. ඔහු නම්, දානමාන කරන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි
٧٥.අපි ඔවුන් කෙරෙහි ආදර කරුණාව පහළ කර, ඔවුන්ට ඇති වූ දුක් ගැහැට පහ කළා වුවද, ඔවුන් (නැවතත්) මුරණ්ඩුකමෙන් යුතුව තමන්ගේ දුර්මාර්ගයෙහිම ගිලී දඟලන්නාහ
٧٦.අපි ඔවුන්ව දඬුවම මගින් අල්ලා ගත්තා වුවද, ඔවුන් තමන්ගේ දෙවියන් වෙත හැරෙන්නේ නැත. (ඔහු වෙත) යටත් පහත්ව ප්‍රාර්ථනා කරන්නේද නැත
٧٧.ඔවුන් කෙරෙහි දරුණු දඬුවමෙහි එක් ෙදාරටුවක් විවෘත කර හැරියේ නම්, ඔවුන් තිගැස්සී තමන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නේය
٧٨.ඔහුම ඔබ වෙනුවෙන් සවන, ඇස් පෙනීම, හෘදය, ආදී දැය නිර්මාණය කළ අයයි. (මෙසේ තිබියදී ඔහුට) ඉතාමත් සුළු වශයෙන්ම කෘතඥ වන්නෙහුය
٨٠.ඔහුම පණ දෙන්නේය. මරණයටද පත් කරන්නේය. රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමද ඔහුගේ නියෝගයන්ට අනුවය! (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද
٨٢.(එනම්) “අපි මරණයට පත් වී ඇටසැකිළි බවටද, දිරාපත්ව පස් බවටද පත් වූ පසු, ඇත්තෙන්ම අපි නැගිට්ටවනු ලබන්නෙමුද?”යි (ඔවුන් පැවසූ අන්දමටම මොවුන්ද) පවසන්නාහ
٨٣.(තවද) “මීට පෙර නියත වශයෙන්ම අපිත් අපගේ මුතුන් මිත්තන්ද මේ අන්දමටම පොරොන්දු දෙනු ලැබ සිටියෙමු. එය පෙර විසූ අයගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” (යයිද පවසන්නාහ)
٨٤.(එබැවින් නබියේ! ඔබ ඔවුන්ට) “භූමියද, එහි ඇති දැයද කා හට අයත් දැයද? ඔබ දන්නෙහු නම් පවසනු!” යයි කියනු
٨٥.එයට ඔවුන් “අල්ලාහ්ට අයත් දැයයි!” යයි පවසන්නාහ. (එසේ නම් “මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා නොගන්නෙහුද?”යි පවසනු
٨٧.එයට ඔවුන් “(සියල්ල) අල්ලාහ්ට අයත් දැයයි!” යයි පවසන්නාහ. “(එසේ නම්) ඔබ ඔහුට බිය විය යුතු නොවේද?”යි කියනු
٨٨.(තවද) “සියලූ වස්තූන්හි බලය කවුරුන් අතේ ඇත්තේද? කිසිවෙකු විසින් බේරා නොගන්නා ලද, (නමුත් සියල්ලන්වම) බේරා ගත හැකි අය කවරෙක්ද? ඔබ දන්නෙහු නම්, (පවසනු)” යයි කියනු
٨٩.එයට ඔවුන් “(සියලූ බලයද) අල්ලාහ්ට අයත් දැයයි!” යයි පවසන්නාහ. “(එසේ නම්) ඔබ, ඔබගේ බුද්ධිය කොහේදී නම් නැති කර ගත්තෙහුද?”යි කියනු
٩١.අල්ලාහ් දරුවන් ඇර ගත්තේ නැත. ඔහු සමග වෙනත් හිමියෙකුද නැත. එසේ නම්, සෑම දෙවියෙකුම තමන් උත්පාදනය කළ දැය, (තමන් සමග එක්කාසු) කරගෙන කෙනෙකු අනිත් කෙනා කෙරෙහි යුද්ධ කර, ඉහළින් යාමට ආරම්භ කරනු ඇත. (ප්‍රතික්ෂේප කරන) මොවුන් වර්ණනා කරන මේවායෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි
٩٤.මගේ දෙවියනේ! (ඒ සමගම) මෙම අපරාධකාර ජනතාවත් සමග ඔබ මාව එක්කාසු නොකරනු (මැනව!)’ යයි (නබියේ!) ඔබ ප්‍රාර්ථනා කරනු මැනව
٩٧.තවද “මගේ දෙවියනේ! (පාපතර කාරණාවන් ගැන) ෂෙයිතාන්ගේ පෙළඹවීමෙන් මාව ආරක්ෂා කර ගන්නා මෙන් මා ඔබ වෙතින් ඉල්ලා සිටිමි
٩٨.මගේ දෙවියනේ! ෂෙයිතාන් මා වෙත නෑවිත් සිටීමටද ඔබ වෙතින් ඉල්ලා සිටින්නෙමි” යයි (නබියේ!) ඔබ ප්‍රාර්ථනා කරමින් සිටිනු මැනව
٩٩.(ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ගෙන් කවුරුන්ට හෝ මරණය ළඟා වුවහොත් (ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! මාව (ලොවට) ආපසු හරවා යවනු
١٠٠.“මා අත්හැර දමා පැමිණි (ලොවෙහි) එහි (මින් පසු) හොඳ කාරණාවන්ම මා කරමින් සිටින්නෙමි” යයි පවසනු ඇත. (එහෙත් එය සිදුවිය හැකි කාරණාවක්) නොව. (මෙවැනි අවස්ථාවේදී) ඔහු කියන පුහු වදනක් (මිස, වෙන කිසිවක් නැත). ඔවුන්ට පෙර එහි (පණ දී) නැගිට්ටවන දින දක්වා එක් ආවරණයක් ඇති වනු ඇත
١٠١.සූර් (නමැති හොරණෑව කවදා හෝ) පිඹිනු ලැබුවහොත් එදිනදී ඔවුන් අතරේ බන්ධනයක් නොතිඛෙණු ඇත. කෙනෙකුගේ (සුවදුක්) වෙනත් කෙනෙකු නොවිමසනු ඇත. (තම තමන්ගේ දුක විශාලව පෙණෙනු ඇත)
١٠٤.ඔවුන්ගේ මුහුණු (නිරා) ගින්න දවා (තොල් පෙති දැවී හැකිළී), එහි ඔවුන් මුහුණු විකෘතිවුවන් වශයෙන් සිටින්නාහ
١٠٥.(ඔවුන්ට) “ඔබ කෙරෙහි මගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවේ නැද්ද? ඒවා ඔබ බොරු කරමින්ම සිටියෙහුය” (යයි කියනු ලැබේ)
١٠٦.එයට ඔවුන් “අපගේ දෙවියනේ! අපගේ අවාසනාව අපව යටපත් කළේය. එබැවින් අපි දුර්මාර්ගයෙහි ගියෙමු” යයි පවසනු ඇත
١٠٧.(තවද) “අපගේ දෙවියනේ! මෙයින් (මෙම නිරයෙන්) අපව පිටමං කර හරිනු. (පාපයන් කිරීමට) නැවතත් ඉදිරිපත් වුවහොත් අපි ඉමහත් අපරාධකරුවන් බවට පත් වන්නෙමු” (යයි පවසනු ඇත)
١٠٩.නියත වශයෙන්ම මගේ වහලූන්ගෙන් එක් කොටසක් සිටියහ. ඔවුන් (මා හට) “අපගේ දෙවියනේ! අපි (ඔබව) විශ්වාස කරන්නෙමු. ඔබ අපගේ වැරදිවලට සමාව දී අප කෙරෙහි දයාව පහළ කරනු මැනව! දයාව පහළ කරන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස්වන්තයෙකි” යයි ප්‍රාර්ථනා කරමින් සිටියහ
١١٠.නමුත් “ඔබ නම්, මාව සිහි කිරීම සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඔවුන්ව අපහාසයට ලක් කරමින් ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහුය
١١١.(ඔබගේ අපහාසය) ඔවුන් විඳ දරාගෙන සිටීමේ හේතුවෙන් අද දින නියත වශයෙන්ම මා ඔවුන්ට (හොඳ) ඵලවිපාක දුන්නෙමි. ඇත්තෙන්ම ඔවුන්ම ජයග්‍රහණය අත් කර ගත් අයයි” (යයිද දෙවියන් පවසනු ඇත)
١١٣.එයට ඔවුන් “එක් දිනක් නැතහොත් දිනකින් සුළු කොටසක් රැඳී සිටින්නට ඇත්තෙමු. (මේ ගැන) ගණනය කර ඇත්තවුන්ගෙන් ඔබ විමසනු මැනව!” යයි පවසන්නාහ
١١٤.එයට ඔහු “එක් සුළු කාලයක් මිස, (භූමියෙහි අධික කාලයක්) ඔබ රැඳී සිටියේ නැත. (මෙය) කළින්ම ඔබ දැන සිටිය යුතු නොවේද?”යි පවසනු ඇත
١١٥.“(කිමෙක්ද!) අපි ඔබව උත්පාදනය කළේ නියත වශයෙන්ම නිකරුණේ යයිද, ඔබ අප වෙත නැවතත් ගෙන එනු නොලබන්නෙහුය යයිද ඔබ ස්ථීර වශයෙන් අදස් කරමින් සිටියෙහුද?”යි (පවසනු ඇත)
١١٦.එබැවින් සත්‍යය රජු වන අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි. ඔහු හැර නමදින්නට යුතු හිමියෙකු නැත. ගෞරවණීය අර්ෂ් වලට අයත් දෙවියන් ඔහුය
١١٧.(නබියේ!) කවුරුන් අල්ලාහ් සමග වෙනත් හිමියෙකු (දෙවියන් යයි) ආරාධනා කරන්නේද, ඔහු වෙත එයට අයත් කිසිම සාධකයක් නැත. ඔහුගේ (පාපයන්ගේ) ගණනය ඔහුගේ දෙවියන් වෙතම (තීන්දු කරනු ලැබේ). නියත වශයෙන්ම (සත්‍යය) ප්‍රතික්ෂේප කරන මෙවැන්නන් ජයග්‍රහණය කරනු නොලබන්නාහ
١١٨.(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියනේ! ඔබ (මා හට) සමාව දී කරුණාව දක්වනු මැනව! කරුණාව දක්වන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස්වන්තයෙකි”