٣.(මරණයට පත්ව දිරා පත් වී පස් බවට පත් වූ) ඔහුගේ ඇට කටු අපි එක්කාසු නොකරන්නෙමු යයි මිනිසා අදහස් කරමින් සිටින්නේද
١٣.මිනිසා කළින් (ඉටු කර), යැවූ දැයද (ලොවෙහි) අත්හැර දමා පැමිණි දැයද, ගැන එදිනදී ඔහුට දැනුම් දෙනු ලැබේ
١٦.(නබියේ! ජිබ්රීල් වහී මගින් සමුදීරණය කර පෙන්වනු ලබන ආයාවන් වැරදී යාවිදෝ යයි බිය වී ඔහු සමුදීරණය කර අවසන් වීමට පෙර) ඔබ ඉක්මන් වී එය සමුදීරණය කිරීමට ඔබගේ දිව නොසොළවනු
١٧.මන්දයත් එය එක්කාසු කර, (ඔබ) සමුදීරණය කරන ලෙසට සැලැස්වීම නියත වශයෙන් අප කෙරෙහි ඇති අනිවාර්යය යුතුකමක් වන්නේය
١٨.එබැවින් (ජිබ්රීල් මගින්) එය අපි (ඔබට) සමුදීරණය කර පෙන්වුවහොත්, (ඔහු සමුදීරණය කර අවසන් වූ පසු) ඒ ආකාරයටම එය ඔබ අනුගමනය කර, සමුදීරණය කරනු
٢٧.(ඔහු සමීපයෙහි සිටින්නන්, ඔහුව සුවපත් කිරීමට) මතුරන්නේ කවරෙක්ද? (කොහේ නම් සිටින්නෙහිද?) යයි විමසන්නාහ