نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.(නබියේ!) ඔබ මෙසේ පවසනු: වහී මගින් මා හට දැනුම් දෙන ලදී. ඇත්තෙන්ම ජින්වරුන්ගෙන් සමහරක් (මෙම ධර්මයට) සවන් දී (තමන්ගේ වාර්ගිකයින් වෙත ගොස් ඔවුන්ට) “නියත වශයෙන්ම අපි ඉතාමත් පුදුමාකාර එක් කුර්ආනයකට සවන් දුන්නෙමු”
٩.“(කළින්) එහි (සිදු වන කාරණාවන්) සවන් දිය හැකි විවිධ ස්ථානයන්හි අපි වාඩි වී සිටින්නෙමු. දැන් නම්, (ඒවාට) සවන් දීමට කවුරුන් හෝ ගියහොත් ගින්නෙහි ගිනි සැර ඔහුට (පහර දීමට) බලාපොරොත්තුවෙන් සිටිනු ඔහු දකිනු ඇත”
١٤.“(සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලීම්වරුන් බොහොමයක්ද නියත වශයෙන්ම අපගෙන් සිටින්නාහ. සීමාව ඉක්මවූවන්ද අපගෙන් බොහොමයක් දෙනා සිටින්නාහ. කවුරුන් සම්පූර්ණයෙන්ම අවනත වන්නෝද, ඔවුන්ම ඍජු මාර්ගය තෝරා ගත් අයයි”
٢٣.එහෙත් අල්ලාහ්ගේ සන්නිධානයෙන් (මා හට ලැබුණු) ඔහුගේ දූත මෙහෙවරේ පුවත් ගෙනහැර දැක්වීම මිස, (මා හට වෙන මගක් නැත). එබැවින් කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, වෙනස්කම් කරන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරා ගින්නම (ඵලවිපාක වශයෙන්) ඇත්තේය. එහි ඔවුන් සදාකල්ම රැඳී සිටින්නාහ” යයි (නබියේ!) ඔබ පවසනු
٢٤.ඔවුන්ට බියගන්වනු ලැබූ දඬුවමම ඔවුන් (දෑසින්) දකින අවස්ථාවේදී කවුරුන්ගේ උදව්කරුවන් ඉතාමත් ඛෙලහීනයන් යන්නද, (කවුරුන්ගේ උදව්කරුවන්) ඉතාමත් ගණනයෙන් සුළු ප්‍රමාණයක් යන්නද, සැකයෙන් තොරව දැන ගන්නාහ
٢٧.“එහෙත් (තමන්ගේ) තෝරා ගත් දූතයාට හැර. (එය ඔහුට, ඔහු දැනුම් දීමට ඉඩ ඇත. එය ඔහු, ඔහුට දැනුම් දුන් අවස්ථාවේදී) නියත වශයෙන්ම ඔහු ඔහුට ඉදිරියෙන්ද, පසුපසින්ද (මලායිකාවරයෙකු) ආරක්ෂකයෙකු වශයෙන් යවන්නේය
٢٨.(එම දූතයින්) තම දෙවියන්ගේ දූත මෙහෙවරේ පුවත් ඇත්තෙන්ම ගෙනහැර දැක්වූහ යන්න, තමන් දැන ගැනීම සඳහා (එසේ ආරක්ෂකයෙකු යවන්නේය). ඔවුන් වෙත ඇති දැය ඔහු (තම ඥානයෙන්) වටකර දැනගෙන සිටින අතර, සෑම වස්තුවකම ගණනයද පූරණව දන්නෙකු වශයෙන් සිටින්නේය