٧.රාත්‍රීන් හතක්ද, දහවල් අටක්ද, නොකඩවා ඔවුන් කෙරෙහි ඔහු එය හමන්නට සැලැස්සුවේය. (නබියේ! ඒ අවස්ථාවේදී ඔබ එහි සිටියහොත්) මුල් නොමැතිව ඇද වැටුණු ඉඳි ගස් මෙන් එම ජනයා බිම වැටී තිඛෙනු දැක ඇත්තෙහිය
٩.ෆිර්අව්න්ද, ඔහුගෙන් පෙර සිටි අයද, උඩු යටිකුරු ලෙස පෙරළා දමන ලද රටෙහි සිටි (ලුත්ගේ) ජනයාද, (එම සත්‍ය සිදුවීම ප්‍රතික්ෂේප කර) පාපයන් කරමින්ම සිටියහ
١١.(නූහු නබිගේ සමයෙහි ඇති වූ ජල ගැල්මෙහි) ජලය පිරී ඉතිරී ගිය අවස්ථාවේදී නියත වශයෙන්ම අපි ඔබව (ඔබගේ මුතුන් මිත්තන්ව) නැවෙහි පටවා (බේරා) ගත්තෙමු
١٧.(නබියේ!) මලායිකාවරුන් එහි පැතිවල සිටින්නාහ. තවද එදිනදී ඔබ දෙවියන්ගේ අර්ෂ්, මලායිකාවරුන් අට දෙනෙකු තමන්ට ඉහළින් ඔසවාගෙන සිටිනු ඇත
١٨.(මිනිසුනේ!) එදිනදී ඔබ (ඔබගේ දෙවියන් ඉදිරියේ) ගෙන යනු ලබන්නෙහුය. ගුප්ත වූ ඔබගේ කුමන කාරණාවක් වුවද, ඔහුට සැඟවෙන්නේ නැත
١٩.කවුරුන් තමන්ගේ දකුණු අතෙහි ක්‍රියාකාරකම් ලේඛනය දෙනු ලබන්නෙහිද, ඔහු (ඉතාමත් සතුටින් අන් අයට) “මෙන්න! මගේ ක්‍රියාකාරකම් ලේඛනය. මෙය ඔබ කියවා බලනු” යයිද
٢٣.එහි ඇති පලතුරු (මොවුන් නිදා සිටියා වුවද, සිටිගෙන සිටියා වුවද, සෑම තත්වයකදීම අතින් ඇල්ලිය හැකි අන්දමට මොවුන්ට) සමීපයෙන් තිඛෙනු ඇත
٢٤.(මොවුන්ට) “පසුගිය කාලයේදී ඔබ එක්කාසු කර තබා ඇති දැය (පින් ඇති දැයෙහි) හේතුවෙන් ඕනෑ තරම් මේවා අනුභව කරනු, පානය කරනු” (යයි කියනු ලැබේ)
٢٥.කවුරුන් තමන්ගේ වම් අතෙහි ක්‍රියාකාරකම් ලේඛනය දෙනු ලබන්නෙහිද, ඔහු “මගේ ක්‍රියාකාරකම් ලේඛනය මා හට දෙනු නොලැබ තිබුනා නම් අගනේය නොවෙද?”
٤٠.මෙය නියත වශයෙන්ම (අප විසින් දැනුම් දෙන ලද ප්‍රකාරම) ඉතාමත් ගෞරවණීය දූතයෙකු විසින් පවසන ලද දැයක් වන්නේය
٤٢.(මෙය) එක්තරා නිවිතිකරුවෙකුගේ වදනක්ද නොව. (එහෙත් මෙමගින්) ඉතාමත් අල්ප වශයෙන්ම ඔබ හොඳ දැනුමක් ලබන්නෙහුය