نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.(මිනිසුනේ! අහස් හා භූමිය ආදියෙහි) රාජ්‍යය කවුරුන් අත ඇත්තේද, ඔහු ඉතාමත් භාග්‍යයෙන් යුත්තෙකි. ඔහු සියලූ දැය කෙරෙහිද බලසම්පන්නයෙකි
٥.නියත වශයෙන්ම අපි පහතින්ම ඇති අහස පහන් (තාරකා) මගින් (භූමියෙහි සිටින්නන්ට) අලංකාරවත් කර තැබුවෙමු. තවද ඒවා ෂෙයිතාන්වරුන්ට දමා ගසනු ලබන ගල් වශයෙන්ද පත් කළෙමු. තවද ඔවුන්ට නිරා දඬුවමද, අපි පිළියෙල කර තබා ඇත්තෙමු
٩.එයට ඔවුන් “ඇත්තය. බියගන්වා අනතුරු අඟවන්නා නියත වශයෙන්ම අප වෙත පැමිණියේය. එහෙත් අපි (ඔහුව) බොරුකාරයා බවට පත් කර, ‘අල්ලාහ් (ඔබ වෙත) කිසිම දැයක් පහළ කර තැබුවේම නැත. ඔබ ඉමහත් දුර්මාර්ගයෙහි මිස, සිටියේ නැත’ යයි (ඔහුට) අපි කීවෙමු” යයි පවසනු ඇත
١٣.(මිනිසුනේ!) ඔබ, ඔබගේ වදන් රහසින් පවසනු. නැතහොත් ප්‍රසිද්ධියේ පවසනු. (කුමන අන්දමකට පැවසුවා වුවද, දෙවියන් එය හොඳින් දැන ගන්නේය. මන්දයත්) නියත වශයෙන්ම ඔහු (මිනිසුන්ගේ) හෘදයන්හි ඇති දැයද, හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
١٥.ඔහුම ඔබට භූමිය (ඔබ වාසය කිරීමට) සැප පහසු අන්දමට පත් කර තැබුවේය. එබැවින් එහි විවිධ දිසාවන්ට ගොස් ඔහු (ඔබට) ලබා දී ඇති දැය අනුභව කරමින් සිටිනු. (පරලොවදී) ඔහු වෙතම (සියල්ලන්ම) නැගිට යා යුතුව ඇත්තේය
١٩.අත්තටු විහිදමින්ද, හකුළා ගනිමින්ද, මොවුන්ට ඉහළින් (අහසෙහි කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් පියාඹන) පක්ෂීන්ව මොවුන් අවධානය කළේ නැද්ද? රහ්මාන් හැර, (වෙන කිසිවෙකුත්) ඒවා (අහසෙහි ඔසවා) අල්ලාගෙන සිටියේ නැත! නියත වශයෙන්ම ඔහු සියල්ල අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය
٢٨.(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මා සමග සිටින්නන්වද, (ඔබ කැමති වන අන්දමට) අල්ලාහ් විනාශ කර දැමුවද, නැතහොත් ඔහු අපට වරප්‍රසාදයන් පහළ කළා වුවද, (එය අපගේ කාරණාවයි). එහෙත් වේදනා ගෙන දෙන දඬුවමෙන් ප්‍රතික්ෂේප කරන්නන්ව බේරා ගන්නා කවරෙක්ද යන්න ඔබ (අවධානය කර) බැලූවෙහුද?”