نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද, අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටින්නාහ. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය
٤.(විශ්වාසවන්තයිනි!) කවුරුන් ඊයම් උණු කර, අඹන ලද (ශක්තිමත්) බැම්මක් මෙන් බල ඇණියෙහි (හිඳිමින් හා පසු නොබැස) සිටිමින් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ආදරය කරන්නේය
٥.මූසා තම ජනතාවට “මගේ ජනතාවෙනි! මාව කුමක් නිසා නම් වේදනා කරන්නෙහුද? ඇත්තෙන්ම මා ඔබ වෙත යවන ලද අල්ලාහ්ගේ දූතයා යන්න නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නෙහු නොවෙද!” යයි පැවසීම (නබියේ! ඔබ) සිතා බලනු මැනව! (ඍජු මාර්ගයෙන්) ඔවුන් ඈත් වූ වහාම, අල්ලාහ්ද ඔවුන්ගේ හෘදයන් (ඍජු මාර්ගයෙන්) ඈත් කර දැමුවේය. පාපයන් කරන ජනතාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත
٦.මර්යම්ගේ පුත් ඊසා (ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට) “ඉස්රායීල පරම්පරාවේ දරුවනි! ඇත්තෙන්ම මා ඔබ වෙත යවන ලද අල්ලාහ්ගේ එක් දූතයෙකි. මා මගෙන් පෙර තිබූ තව්රාතයද සත්‍යය කරන්නෙමි. මගෙන් පසු අහ්මද් නමැති නමින් යුත් එක් දූතයෙකු පැමිණීම ගැනද මා (ඔබට) ශුභාරංචි පවසන්නෙමි” යයි පැවසීම (නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (ඔහු දැනුම් දුන් අන්දමට එම දූතයා) පැහැදිලි ප්‍රාතිහාර්යයන් සමග ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී (ඔහුව විශ්වාස නොකර) මෙය පැහැදිලි සූනියමක් යයි ඔවුන් පැවසූහ
٧.(ඉබ්රාහිම් නබිගේ) ඉස්ලාමය දෙසට ආරාධනා කරනු ලබන විට, (එය ප්‍රතික්ෂේප කර) අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා කියන්නාට වඩා අපරාධකාරයා කවරෙක්ද? (මෙවැනි) අපරාධකාර ජනයාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත
١١.(එනම්): අල්ලාහ්වද, ඔහුගේ (මෙම) දූතයාවද, විශ්වාස කර, ඔබගේ වස්තූන්ද, ඔබගේ පණද පරිත්‍යාග කර, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු. ඔබ බුද්ධිමතුන් නම්, මෙයම ඔබට ඉතාමත් උසස් දැයක් වශයෙන් ඇත්තේය (යන්න දැනගන්නෙහුය)
١٢.(එසේ කළහොත්) ඔහු ඔබගේ පාපයන්ගෙන් ඔබට සමාව දී දිය දහරා සැමදා ගලා බසිමින් ඇති ස්වර්ගයන්හිද ඔබව ඇතුළු කරනු ඇත. තවද ස්ථීර වූ ස්වර්ගයන්හි ඇති ශුද්ධ වූ වාසස්ථානද, (ඔබට) ඇත. මෙය ඉමහත් භාග්‍යයක් වන්නේය
١٤.විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට උදව් කරන්නන් බවට පත් වනු. මර්යම්ගේ පුත් ඊසා (තමන්ගේ) ගෝලයින්ට “අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නා කවරෙක්ද?”යි විමසූ අවස්ථාවේදී “අපි අල්ලාහ් වෙනුවෙන් උදව් කරන්නෙමු” යයි එම ගෝලයින් පැවසූ අන්දමටම (විශ්වාසවන්තයිනි! ඔබත් අල්ලාහ්ට උදව් කරන්නන් බවට පත් වනු). එහෙත් ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් එක් (කුඩා) සමූහයක්ම (ඔහුව) විශ්වාස කළහ. අනිත් (විශාල) සමූහයක් (ඔහුව) ප්‍රතික්ෂේප කළහ. එබැවින් විශ්වාස කළ ඔවුන්ට ඔවුන්ගේ සතුරන් කෙරෙහි (ජයග්‍රහණය කිරීමට) අපිම උදව් කළෙමු. එබැවින් ඔවුන් ජයග්‍රහණය කළහ