٨.(පළමුව): දකුණු පාර්ශවයේ ඇති අයයි. දකුණු පාර්ශවයේ සිටින ඔවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? ඔවුන් ඉතාමත් භාග්‍යවන්තයින්ය)
٩.(දෙවනුව): වම් පාර්ශවයේ සිටින අයයි. වම් පාර්ශවයේ සිටින මොවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? මොවුන් ඉතාමත් අභාග්‍යවන්තයින්ය)
١٠.(තුන්වෙනුව): පෙර ඉකුත්ව ගිය අයයි. (මොවුන් දැහැමි කාරණාවන්හි අන් සියල්ලන්ටම වඩා) පෙර ඉකුත්ව ගිය අයයි
٣٣.ඒවායේ පලතුරු (අනුභව කිරීම) වළක්වනු ලබන්නේද නැත. (කැඩීම නිසා) අඩු වන්නේද නැත. (එකක් කැඩීමෙන් වෙනත් එකක් ඒ ස්ථානයේම දක්නට ලැබේ)
٣٥.(ඔවුන් සමග අති අලංකාරවත් කන්‍යාවන් වන හූරුල් ඊන් නමැති කන්‍යාවන්ද සිටිනු ඇත. ඔවුන් කිසිවෙකු විසින් ප්‍රසූත කරනු ලැබූවන් නොව). නියත වශයෙන්ම අපි ඔවුන්ටම (අයිති වන සේ මොවුන්ව අළුතින්ම) උත්පාදනය කර ඇත්තෙමු
٤٧.තවද “කිමෙක්ද! අපි මරණයට පත් වී (දිරා ගොස්) පස් බවටද, ඇටසැකිළි බවටද පත් වූ පසු ඇත්තෙන්ම අපි පණ දී නැගිටවනු ලබන්නෙමුද
٤٨.(එසේම) පෙර ඉකුත්ව ගිය අපගේ පියවරුන්වද (නැගිටුවනු ලබන්නෙහුද?)” යයි (සමච්චලයෙන් මෙන්) පවසමින් සිටියහ
٤٩.(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම ඔබගෙන් වූ පෙර සිටියවුන් වුවද කම් නැත, පසුව සිටියවුන් වුවද කම් නැත
٥٧.(දුර්මාර්ගිකයිනි!) අපිම ඔබව (පළමු වරට) උත්පාදනය කර ඇත්තෙමු. (එබැවින් නැවත වරක් ඔබව පණ ගැන්වීම) සත්‍යය යයි ඔබ විශ්වාස කළ යුතු නොවේද
٦١.(තවද) අපි ඔබගේ හැඩරුවම වෙනස් කර, ඔබ නොදන්නා එක් හැඩරුවකින් ඔබව නිර්මාණය කර හැරීමට (නොහැකි කෙනෙකු නොව)
٦٢.පළමු වාරයේදී (ඔබව) උත්පාදනය කිරීම නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නවා නොවෙද! (මෙමගින්) ඔබ හොඳ දැනුමක් ලබා ගත යුතු නොවේද? (මෙසේම පරලොවෙහිද අපි ඔබව පණ දී නැගිට්ටවන්නෙමු)
٧٠.අපි කැමති වුවහොත් එය (ඔබට බොන්නට නොහැකි) ලූණු ජලය බවට පත් කර හැර ඇත්තෙමු. (මෙයට) ඔබ කෘතඥ විය යුතු නොවේද
٧٤.එබැවින් (නබියේ! මේවාට කෘතඥ වන සේ) ශ්‍රේෂ්ඨ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව
٨٤.ඒ අවස්ථාවේදී ඔබ (මරණයට පත් වන අයට සමීපව සිටියද, ඔබට කිසිවක් කර කියා ගත නොහැකිව) උඩ ගොස් බිම වැටෙන්නෙහුය
٨٧.ඇත්තෙන්ම ඔබ (මෙහි) සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, එය (මරණයට පත් වූ ඔහුගේ පණ) ඔබ බේරා ගන්නවා නොවෙද
٨٨.(මරණයට පත් වූ අය පරිශුද්ධවන්තයින් වශයෙන් හිඳ, දෙවියන්ට) සමීප වූවන්ගෙන් කෙනෙකු වශයෙන් ඔහු සිටින්නෙහි නම්