نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.(දිස්වී) සැඟවෙන තාරකාවන් මත සත්තකින්ම
٢٣.මේවා සියල්ල ඔබත්, ඔබගේ මුතුන් මිත්තනුත් තබා ගත් පුහු නාමයන් මිස, (ඇත්තෙන්ම ඒවා) කිසිවක් නැත. ඒ වෙනුවෙන් (දෙවිවරුන් යන්නට) අල්ලාහ් (ඔබට) කිසියම් සාධකයක් (පෙර තිබූ කුමක් හෝ ධර්මයක) පහළ කළේ නැත. ඔවුන් (තමන්ගේ) මනසේ ආශාවන්ද, (පුහු) සැකයන්ද අනුගමනය කරනවා මිස, වෙන කිසිවක් නැත. නියත වශයෙන්ම ඔවුන් දෙවියන් වෙතින් ඔවුන්ට ඍජු මාර්ගය පැමිණම ඇත්තේය. (එහෙත් එය ඔවුන් අනුගමනය කරන්නේ නැත)
٢٦.අහස්හි කොපමණදෝ මලායිකාවරුන් සිටින්නාහ. (කිසිවෙකුටත්) ඔවුන් මැදිහත් වී කතා කිරීම, කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. එහෙත් අල්ලාහ් කැමති වී කවුරුන් ගැන හෝ සෑහීමට පත් වී, ඔහු අනුමැතිය ලබා දෙන්නේද, ඔහු හැර. (එවැන්නන් මැදිහත් වී කතා කිරීමෙන් ප්‍රයෝජනයක් අත් වන්නේය)
٣٠.මොවුන්ගේ අධ්‍යාපන ඥානය මෙපමණ දුර පමණක් යන්නේය! (මීට එහාට යන්නේ නැත). නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන්ගේ මාර්ගයෙන් වැරද ගිය අය කවුරුන්ද යන්නද හොඳින් දන්නේය. ඍජු මාර්ගයෙහි යන්නා කවුරුන්ද යන්නද ඔහු හොඳින් දන්නේය
٣١.අහස් හා භූමියෙහි ඇති දැය සියල්ල අල්ලාහ්ටම අයත් දැයයි. එබැවින් නපුර කළ අයට ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන්ට සරිලන සේ (නපුරම) ඵලවිපාක වශයෙන් ලබා දෙන්නේය. දැහැමි දැය කළ අයට හොඳක්ම ඵලවිපාක වශයෙන් ලබා දෙන්නේය
٣٢.(පින් ඇති දැය කරන) ඔවුන් (නොදැනුවත්ව සිදු වන) අල්ප වැරදි මිස, අනිත් විශාල පාපයන්ගෙන්ද, අවමන් ගෙන දෙන කාරණාවන්ගෙන්ද ඈත් වී සිටිනු ඇත. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් සමාව දීමෙහි ඉතාමත් අප්‍රමාණවත්ය. ඔබව පස්වලින් නිර්මාණය කළ අවස්ථාවේදී ඔබගේ (ගති ගුණයන්) ඔහු හොඳින් දන්නේය. ඔබ, ඔබ මවගේ කුසෙහි (මාංශ පිණ්ඩයක් වශයෙන්) සැඟවී තිබූ අවස්ථාවෙහිද, (ඔබව ඔහු හොඳින් දන්නේය). එබැවින් ඔබ, ඔබව පරිශුද්ධවන්තයින් යයි (ආරෝපණය) කර නොගනු. (ඔබගෙන්) පරිශුද්ධවන්තයින් කවුරුන්ද යන්න ඔහුම හොඳින් දන්නේය