نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.(වහී පහළ කරන ලද) කන්ද මත සත්තකින්ම
١٦.“මෙහි (ඇතුළු වී) මුහු වී (ගින්ණෙන් දැවී) යනු. (මෙහි දඬුවම විඳ) දරාගෙන සිටිනු. නැතහොත් විඳ දරා නොගනු. (දෙකම) ඔබට එක සමානය! (දඬුවමෙහි එක් අනු ප්‍රමාණයක් හෝ අඩු කළ නොහැක). ඔබ කළ දැයට අයත් ඵලවිපාකම ඔබට දෙනු ලබන්නේය” (යයිද කියනු ලැබේ)
٢١.කවුරුන් විශ්වාසය තබා ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ද, විශ්වාසයෙහි ඔවුන්ව අනුගමනය කළෝද (එවැනි) ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ද, (එම පරම්පරාවේ දරුවන්ගේ පින් අඩුවෙන් තිබුනා වුවද, ඔවුන්ගේ පියවරුන් තෘප්තියට පත් වනු පිණිස) ඔවුන් සමග (ස්වරගයෙහි) එක්කාසු කර හරින්නෙමු. (මෙනිසා) ඔවුන්ගේ (පියවරුන්ගේ පින් ඇති) ක්‍රියාවන්හි කිසිවක් ඔවුන්ට අපි අඩු කර නොදමන්නෙමු. සෑම මිනිසෙකුම තමන්ගේ ක්‍රියාවන්ට ඇප වශයෙන් සිටින්නේය
٤٨.(නබියේ!) ඔබ දෙවියන්ගේ තීන්දුව (බලාපොරොත්තුවෙන් ඉවසා සිටිනු. නියත වශයෙන්ම ඔබ අප ඇස් ඉදිරියේම සිටින්නෙහිය. (එබැවින් ඔවුන් ඔබව තමන්ගේ කැමැත්තට අනුව වේදනා කළ නොහැක). එහෙත් ඔබ (නින්දෙන් පසු) නැගිට්ට විට, ඔබ දෙවියන්ගේ ප්‍රශංසාව පවසා සුවිශුද්ධ කරමින් සිටිනු මැනව