١٤.(ඔවුන්ට) “ඔබගේ පිරික්සුම විඳ බලනු. (කවදා එන්නේදයි) ඔබ ඉක්මන් වෙමින් සිටින්නෙහුද, එය මෙයයි” (යයිද කියනු ලැබේ)
١٦.ඔවුන් තමන්ගේ දෙවියන් ඔවුන්ට දෙන දැය (තෘප්තියෙන් යුතුව) ලබා ගන්නාහ. නියත වශයෙන්ම ඔවුන් මීට පෙර පින් ඇති දැය කරන්නන් වශයෙන්ම සිටියහ
٢٣.අහස් හා භූමියෙහි දෙවියන් මත සත්තකින්ම! (ඔබගේ වදන්) ඔබම පවසන්නෙහුය යන්නෙහි (සැකයක් නොමැතිව) ඇත්තාක් මෙන් නියත වශයෙන්ම මෙය (මෙම කුර්ආනයෙහි ඇති සියල්ල) සත්‍යය වන්නේය
٢٥.ඔවුන් ඔහු වෙත පැමිණි අවස්ථාවේදී (ඔහුට “අස්සලාමු අලෙයිකුම් - ඔබට) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පැවසූහ. එයට (ඉබ්රාහීම් “ඔබටත්) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පවසා, ‘(මොවුන් අපි) නාඳුණන ජනතාවක් වශයෙන් සිටින්නේය!’ (යයි තම මනස තුළින් සිතා ගනිමින්)
٢٦.ඉක්මනින්ම තම නිවැසියන් වෙත ගොස් තරබාරු වසු පැටවෙකුගේ (බදින ලද) මස් ටිකක් ගෙනැවිත්, එය ඔවුන් ඉදිරියේ තැබුවේය
٢٨.(පසුවත් අනුභව නොකරමින් සිටිනු දුටු) මොහුට ඔවුන් ගැන බියක් ඇති විය. (මෙය දැන ගත් ඔවුන් “ඕ ඉබ්රාහීම්!) ඔබ බිය නොවනු” යයි පවසා, (ඉස්හාක් නමැති) ඉතාමත් ඥානයෙන් යුත් පුතෙකුගෙන් ඔහුට සුභාරංචි පැවසූහ
٢٩.(මෙයට සවන් දුන්) ඔහුගේ බිරිඳ (සාරා) ශබ්ද නගා (සිනාසෙමින්) ඔවුන් ඉදිරියට පැමිණ තම මුහුණෙහි (කම්මුල්) පහරවල් ගසා ගනිමින් “(මා නම් කිසිවක් කර කියා ගත නොහැකි) නාකි ගැහැනියකි. (එයිනුත්) වඳ ගැහැනියකි. (කෙසේ නම් මා හට දරුවෙකු ලැඛෙන්නේද?)”යි පැවසුවාය
٣٠.එයට ඔවුන් “මේ අන්දමටම ඔබගේ දෙවියන් පවසන්නේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ඥානවන්තයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකුද වන්නේය” යයි පැවසූහ
٣١.(පසුව ඉබ්රාහීම් මලායිකාවරුන්ට) “දූතයිනි! ඔබගේ කාරණාව කුමක්ද? (කුමක් නිසා ඔබ මෙහි පැමිණියෙහුද?)”යි විමසුවේය
٣٧.(දෙවියන්ට අවනත වූ) මුස්ලිම් කිසිවෙකුත් අපි දුටුවේ නැත. වේදනා ගෙන දෙන දඬුවමට බිය වන්නන්ට එහි එක් පාඩමක් අපි අත්හැර තිබුණි
٣٨.මූසාගේ (ඉතිහාසයෙහි)ද (එක් පාඩමක්) ඇත්තේය. පැහැදිලි ප්රාතිහාර්යයක් සමග ෆිර්අව්න් වෙත ඔහුව අපි යැවූ අවස්ථාවේදී
٣٩.ඔහු තමන්ගේ ප්‍රධානීන් සමග (ඔහුව) ප්‍රතික්ෂේප කර, “(මොහු එක්තරා) සූනියම්කාරයෙකි. නැතහොත් පිස්සෙකි” යයි පැවසුවේය
٤٣.සමූද් (නමැති ජනයා)ගෙන්ද (එක් පාඩමක් ඇත). “ඔබ එක් කාලයක් දක්වා සුවසේ ජීවත්ව සිටිනු” යයි ඔවුන්ට කියනු ලැබීමට
٤٤.ඔවුන් තමන්ගේ දෙවියන්ගේ නියෝගයන් කඩ කළහ. එබැවින් ඔවුන් (තමන්ව විනාශ කර දැමීමට පැමිණි වලාකුළ) බලාගෙන සිටියදීම, ඔවුන්ව එක් හෙණ හඞක් අල්ලා ගත්තේය
٤٥.එබැවින් ඔවුන්ට සිට ගැනීමටද නොහැකි විය. (වාඩි වීමටද නොහැකි විය). අපගෙන් පළි ගැනීමටද නොහැකි විය. (සිටි අන්දමටම විනාශ වී ගියහ)
٤٦.(මොවුන් සියල්ලන්ටම) කළින් (මරණයට පත් වූ) නූහුගේ ජනයාවද (විනාශ කර දැමුවෙමු). නියත වශයෙන්ම ඔවුන්ද පාපයන් කරන ජනතාවක් වශයෙන්ම සිටියහ
٤٧.(කිසිවෙකුගේ උදව්වක් නොමැතිව) අපගේ ශක්තිය මගින්ම අහස නිර්මාණය කළෙමු. නියත වශයෙන්ම අපි (එය ඔවුන්ගේ බුද්ධියට හසු නොවන සේ) අති විශාලවත් අන්දමටම තබා ඇත්තෙමු
٤٩.සෑම වස්තුවක්ම (පිරිමින්, ගැහැනුන්ගෙන් වූ) ජෝඩු ජෝඩු වශයෙන්ම අපි උත්පාදනය කර ඇත්තෙමු. (මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා ගනු මැනව
٥٠.එබැවින් (පාපයන්ගෙන් ඈත් වී) අල්ලාහ් දෙසට ඔබ ඉක්මනින් දිව යනු. නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබට පැහැදිලි අන්දමටම බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන් සිටින්නෙමි
٥١.(නැමදුම සඳහා) අල්ලාහ් සමග වෙන කිසිම (ව්‍යාජ) දෙවියෙකු එක්කාසු නොකරනු. නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබට (මේ ගැනද) පැහැදිලිව බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන් සිටින්නෙමි
٥٢.මේ අන්දමටම ඔවුන්ට පෙර විසූ අයද (ඔවුන් වෙත) කුමන දූතයෙකු පැමිණියා වුවද, (ඔහුට) ‘සූනියම්කාරයා’ නැතහොත් ‘පිස්සෙකු’ යයි ඔවුන් නොකියා සිටියේ නැත
٥٣.මෙසේ (කියන අන්දමටම) ඔවුන් තමන් තුළ (පරම්පරාවෙන්ම) කෙනෙකුට කෙනෙකු දේශනා කරමින් පැමිණියාක් මෙන්ය! නොඑසේය! ඔවුන් (ස්වභාවෙන්ම) අපරාධකාර ජනතාවක් වශයෙන් සිටින්නාහ
٥٥.(නබියේ!) ඔබ හොඳ ඔවදන් දෙනු (මැනව!). මන්දයත් නියත වශයෙන්ම හොඳ ඔවදන් විශ්වාසවන්තයින්ට ප්‍රයෝජනවත් වනු ඇත
٥٧.ඔවුන් වෙතින් මා කිසිම වස්තුවක් කැමති වූයේ නැත. තවද (මට) ආහාර ලබා දෙමින් සිටින මෙන්ද කැමති වූයේ නැත
٥٨.(නබියේ! ඔබ මෙසේ පවසනු): නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) අහාර ලබා දෙන්නෙකු හා සසළ කළ නොහැකි බලසම්පන්නයෙකුද වන්නේය
٥٩.මෙම අපරාධකාරයින්ගේ මිතුරන්ට තිබූ (පින් පව් මැන බැලිය හැකි) තරාදි පඩිය මෙන්ම, නියත වශයෙන්ම මොවුන්ටද තරාදි පඩි ඇත. (ඒවා පිරුණු වහාම දඬුවම මගින් මොවුන්ව අල්ලා ගන්නෙමු). එබැවින් ඔවුන්ට (දඬුවම සඳහා මා වෙත) ඉක්මන් නොවනු