نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.හා. මීම්
٥.රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණෙන සේ ඔහු සලස්වා තිබීමෙහිද, අහසින් වර්ෂාව අල්ලාහ් පහළ කර (වියළී) මැරී ගිය භූමිය එමගින් පණ ගැන්වීමෙහිද, (විවිධ දිශාවන්ටද) සුළං හරව හරවා යැවීමෙහිද, බුද්ධිමත් ජනතාවට (බොහෝ) සාධකයන් ඇත්තේය
٨.කවුරුන් තමන්ට සමුදීරණය කර පෙන්වනු ලැබූ අල්ලාහ්ගේ ආයාවන් ඇසීමෙන් පසු උඞඟූ වී (එය) තම කණ්වලින් නොඇසුවාක් මෙන් (ප්‍රතික්ෂේපය මතම) හිතුවක්කාර කමින් සිටින්නේද, (ඔහුට විනාශයයි!) ඔහුට වේදනා ගෙන දෙන දඬුවම මගින් (නබියේ!) ඔබ සුභාරංචි පවසනු
١٠.ඔවුන් ඉදිරියේ නිරයම ඇත්තේය. ඔවුන් සොයා ගත් දැයෙන් කිසිවක් ඔවුන්ට ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. නැතහොත් (තමන්ට) ආරක්ෂකයින් යයි ඔවුන් ඇර ගත් අල්ලාහ් නොවන දැයද (ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දිය හැකි දැය) නොව. ඔවුන්ට ඉමහත් වූ දඬුවම් ඇත
١٤.(නබියේ!) විශ්වාසවන්තයින්ට ඔබ මෙසේ පවසනු: අල්ලාහ්ගේ දඬුවම විශ්වාස නොකළ අයව, ඔවුන් සමාව දී (ඔවුන්ගේ කාරණාව අල්ලාහ් වෙතම බාර දී අත්හැරිය) යුතුය. (හොඳ හෝ නරක හෝ කරන) ජනතාවට ඔවුන් සොයා ගත් නපුරට සරිලන ඵලවිපාක ඔහු දෙනු ඇත
١٧.තවද පැහැදිලි නියෝගයන් අපි ඔවුන්ට ලබා දුන්නෙමු. (මෙසේ තිබියදී) ඔවුන් තමන් තුළ ඇති ඊර්ෂ්‍යාවේ හේතුවෙන් ඔවුන් වෙත (ධර්ම) ඥානය පැමිණි පසුද, ඔවුන් (තමන් තුළ තර්ක කර) ඛෙදී වෙන්ව ගියහ. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඔවුන් තර්ක කළ දැය ගැන විනිශ්චය දිනදී ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත
١٩.නියත වශයෙන්ම අල්ලාහ්ට විරුද්ධව මොවුන් ඔබට කිසියම් උදව්වක් කිරීමට නොහැකිය. නියත වශයෙන්ම අපරාධකාරයින්ගෙන් සමහරෙක් ඔවුන්ගෙන් සමහරෙකුටම මිතුරන්ය. (විශ්වාසවන්තයින්ට නොව). අල්ලාහ් නම්, භය භක්තිකයින්ට මිතුරෙකු වන්නේය
٢١.කවුරුන් නපුරු විපත් සොයා ගත්තෝද, ඔවුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ අය මෙන් තමන්ද පත් වනු ඇතැයි අදහස් කරමින් සිටින්නෙහුද? ඔවුන් පණ පිටින් සිටීමද, ඔවුන් මැරී යාමද, එක සමානය. ඔවුන් (මෙයට වෙනස්ව) කර ගත් අවසානය ඉතාමත් නපුරුය
٢٢.අහස්ද, භුමියද, අල්ලාහ් නියමිත කාරණාවක් කෙරෙහිම උත්පාදනය කර ඇත්තේය. එබැවින් (ඔවුන්ගෙන් වූ) සියලූම ආත්මයන්ම ඒවා සොයා ගත් ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක දෙනු ලැබේ. ඒවා (අනු ප්‍රමාණයකින් හෝ) අපරාධයක් කරනු නොලබන්නාහ
٢٣.(නබියේ!) තමන්ගේ (ශරීර) ආශාවන් (තමන් නමදින) දෙවිවරුන් වශයෙන් ඇර ගත් කෙනෙකුව ඔබ අවධානය කළෙහිද? ඔහුට (ප්‍රමාණවත්) අධ්‍යාපන දැනුමක් තිබියදී (ඔහුගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් ඔහුව වැරදි මාර්ගයෙහි අත්හැර දමා, ඔහුගේ කණ් මතද, හෘදයන් මතද, මුද්‍රා තැබුවේය. තවද ඔහුගේ බැල්ම මතද, තිරයක් නිර්මාණය කර හැරියේය. අල්ලාහ් (මෙසේ) කිරීමෙන් පසු ඔහුව කවුරුන්ට නම් ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකිද? (මෙය) ඔබ අවධානය කර බැලිය යුතු නොවේද
٢٤.“මෙලොවෙහි අප ජීවත් වන ජීවිතය හැර වෙන (ජීවිතයක්) නැත” යයිද, “(මෙහිම) අපි ජීවත් වන්නෙමු. පසුව මරණයට පත් වන්නෙමු. කාලයා මිස, (වෙන කිසිවක්) අපව විනාශ කරන්නේ නැත” යයිද ඔවුන් පවසන්නාහ. මේ ගැන මොවුන්ට කිසිම ඥානයක් නැත. මොවුන් (පුහු) මනක්කල්පිත කරන්නන් මිස, වෙන කිසිවක් නැත
٢٥.ඔවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් (ඔවුන් විශ්වාසවන්තයින්ට “ඇත්තෙන්ම මරණයට පත් වූවන් පණ ලැබී නැගිටින්නාහ යන කාරණාවෙහි) ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (මරණයට පත් වූ) අපගේ මුතුන් මිත්තන්ව (පණ ගන්වා) ගෙන එනු” යයි පැවසීම ම ඔවුන් කරනු ලබන තර්කය වශයෙන් තිබුණි
٢٦.(නබියේ!) ඔබ (ඔවුන්ට) මෙසේ පවසනු: අල්ලාහ්ම ඔබට පණ දෙන්නේය. (මම නොව). ඔහුම ඔබව මරණයට පත් කරන්නේය. පසුව විනිශ්චය දිනදී (පණ දී) ඔබව ඒකරාශී කරනු ඇත. මෙහි කිසිම සැකයක් නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) වටහා ගන්නේ නැත
٢٨.(නබියේ! එදිනදී) සෑම සමූහයක්ම දණින් වැටී සිටිනු ඔබ දකින්නෙහිය. සෑම සමුහයක්ම (විනිශ්චය සඳහා) ඔවුනොවුන්ගේ (සටහන්) පුස්තකයන් දෙසට කැඳවනු ලබන්නාහ. (ඔවුන්ට) “අද දින ඔබ, ඔබගේ ක්‍රියාවන්ට අයත් ඵලවිපාක දෙනු ලබන්නාහ” (යයිද)
٣١.කවුරුන් (අපගේ ආයාවන්) ප්‍රතික්ෂේප කළෝද, (ඔවුන්ට) “ඔබට මගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවේ නැද්ද? නමුත් (ඒ අවස්ථාවේදී) ඔබ ආඩම්බරයට පත්ව (එය ප්‍රතික්ෂේප කර) හැරියෙහුය. තවද ඔබ වැරදි කරන ජනතාවක් වශයෙන්ම සිටියෙහුය” (යයිද කියනු ලැබේ)
٣٢.තවද “නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. (විනිශ්චය) කාලයේදී (එය පැමිණෙනු යන්නෙහි) කිසිම සැකයක් නැත’ යයි (ඔබට) පවසනු ලැබුවහොත් එයට ‘(විනිශ්චය) කාලය අසවල් දැය යයි අපි දන්නේ නැත. එය (පුහු) සිතුවිල්ලක් මිස, වෙන කිසිවක් නැත යයිම අදහස් කරන්නෙමු. (එය සත්‍යය යයි) අපි විශ්වාස කළේද නැත’ යයි ඔබ කීවෙහු (නොවෙද?”යි ඔවුන්ගෙන් විමසනු ලැබේ)
٣٥.මෙහි හේතුව නම්: “නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ගේ ආයාවන් සමච්චලයෙන් ඇර ගත්තෙහුය. මෙලොව ජීවිතය ඔබව රවටා දැමුවේය” (යයිද කියනු ලැබේ). අද දින එයින් ඔවුන්ව පිටමං කරනු නොලබන්නාහ. තවද ඔවුන්ගේ සමාව ඉල්ලීමද, බාර ගනු ලබන්නේ නැත