نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.හා. මීම්
٩.“අහස්ද, භූමියද උත්පාදනය කළේ කවරෙක්ද?”යි ඔබ ඔවුන්ගෙන් විමසන විට, (සියල්ලටම) ශ්‍රේෂ්ටයෙකු හා ඥානවන්තයෙකු (වන අල්ලාහ්)ම ඒවා උත්පාදනය කළේය යයි නියත වශයෙන්ම ඔවුන් (පිළිතුරු) දෙනු ඇත. (මෙය දැන සිටියදී ඔහුට වෙනස්කම් කරන්නාහ)
١١.ඔහුම වලාකුළෙන් වර්ෂාව සීමා සහිත ප්‍රමාණයෙන් පහළ කරන්නේය. (මෙසේ කරන අල්ලාහ් වන) අපිම පසුව එමගින් මැරී වියළී ගිය භූමියට පණ දෙන්නෙමු. මෙසේම ඔබත් (මරණයට පත් වූ පසු සොහොන්වලින් පණ දී) ඉකුත් කරනු ලබන්නෙහුය
١٣.ඒවායේ පිට කොන්ද මත ඔබ (නැග) වාඩි වීම සඳහා, ඒ මත ඔබ (තෘප්තිමත්ව වන අන්දමට) වාඩි වුවහොත් ඔබගේ දෙවියන් පහළ කළ මෙම වරප්‍රසාදය මතක් කර, (මේ වෙනුවෙන් ඔබ ඔහුව නැමද) “මේ මත (නැගීමට) ශක්තියක් නොමැත්තන් වශයෙන් සිටි අපට මෙය වසඟ කර දුන් අය ඉතාමත් පරිශුද්ධවන්තයෙකි” යයිද
١٧.රහ්මාන්ට ඔවුන් උපමා කරන දැය (ගැහැනු දරුවා) මගින් ඔවුන්ගෙන් කෙනෙකුට (ඉපදුණ බවට) සුභාරංචි කියනු ලැබුවහොත් (ගැහැනු දරුවන්ව අවමානයෙන් යුතුව අදහස් කරන) ඔහුට ඇති වන කෝපයෙන් ඔහුගේ මුහුණ කළු වී යන්නේය
١٩.තවද රහ්මාන්ගේ වහලූන් වන මලායිකාවරුන්ව කාන්තාවන් යයි පවසනවා නොවෙද! (අපි) ඔවුන්ව උත්පාදනය කරන අවස්ථාවේදී මොවුන් (අප සමග සිටිමින්) බලාගෙන සිටියෙහුද? මොවුන් (බොරුවට මනක්කල්පිත කර) පවසන මේ සියල්ල (අපගේ සටහන් පොතෙහි) ලියනු ලැබ (ඒ ගැන) ප්‍රශ්න කරනු ලබන්නාහ
٢٣.මෙසේම ඔබට පෙරද අපි (අපගේ) දූතයාව කුමන රටවැසියන් වෙත යැව්වෙමුද, ඔවුන්ගෙන් සැප පහසුවෙන් ජීවත් වූ අය “නියත වශයෙන්ම අපි අපගේ මුතුන් මිත්තන්ව එක් මාර්ගයක දුටුවෙමු. නියත වශයෙන්ම ඔවුන්ගේ පා සටහන් ඔස්සේම අනුගමනය කරමින්ම යන්නෙමු” යයි නොකියා සිටියේ නැත
٢٤.(එයට එම දූතයින් ඔවුන්ට) “ඔබගේ මුතුන් මිත්තන් කුමක් මත සිටිනු ඔබ දුටුවෙහුද, ඊටත් වඩා ඍජු මාර්ගය මා ඔබ වෙත ගෙනැවිත් සිටියදීද, (ඔබගේ මුතුන් මිත්තන්ව ඔබ අනුගමනය කරන්නේ)?” යයි විමසූහ. එයට ඔවුන් “(එසේය! ඔවුන්වම අපි අනුගමනය කරන අතර) ඔබ ගෙන ආ දැයද නියත වශයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙමු” යයිද පැවසූහ
٢٩.නමුත් (ඔහුගේ පරම්පරාවේ දරුවන් වන මෙම අරාබිවරුන් නම්, තමන්ගේ පියා වන ඉබ්රාහිම්ගේ හොඳ ඔවදන් අමතක කර, පිළිරූ ආරාධනාවෙහි යෙදුනාහ. එසේ තිබියදී) මොවුන් වෙත (මෙම ධර්මය වන) සත්‍යයද, පැහැදිලි (මගේ මෙම) දූතයාද පැමිණෙන තුරු මොවුන්වද, මොවුන්ගේ මුතුන් මිත්තන්වද, (දඬුවම් නොකර මෙලොවදී) සුවය විඳින ලෙසටම මා අත්හැර දැමුවෙමි
٣٢.(නබියේ!) ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන් ඛෙදා දෙන අය ඔවුන් වන්නෙහුද? මෙලොව ජීවිතයෙහි ඔවුන්ගේ ජීවනෝපායට අවශ්‍යතාවයන් ඔවුන් අතරේ අපිම ඛෙදා දී, ඔවුන්ගේ සමහරකගේ පදවීන් සමහරෙකුට වඩා අපිම උසස් කළෙමු. ඔවුන්ගෙන් සමහරෙක්, සමහරෙකුව (සේවකයින් වශයෙන්) එක්කාසු කර ගැනීම සඳහා (නබිත්වය යයිද), ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන් නම්, ඔවුන් එක්කාසු කර ඇති වස්තූන්ට වඩා ඉතා උසස්ය. (එය ඔහු කැමති තම වහලූන්ටම ලබා දෙන්නේය)
٣٣.(මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ වස්තු සම්පත් දැක, ආශාවෙන් තොර) මිනිසුන් (සියල්ලන්ම ඔවුන් මෙන් ප්‍රතික්ෂේප කරන) එකම කොට්ඨාශයක් බවට පත් වන්නෙහු යන්න නොවන්නේ නම්, (අල්ලාහ් වන) රහ්මාන්ව ප්‍රතික්ෂේප කරන්නන්ගේ ගෙවල්වල මුදුන් වහලයද ඒ මත ඔවුන් නැග ගන්නා පඩි පෙළවල් පවා අපි රිදියෙන් නිර්මාණය කර හරින්නෙමු
٣٥.(රිදියෙන් කිමෙක්ද! මේවා) රත්තරනින්ම අලංකාර කර දමන්නෙමු. මන්දයත් මේවා සියල්ල මෙලොව ජීවිතයෙහි ඇති (විනාශ වී ගිය හැකි අල්ප) සුවයන් (සැප සම්පත්) මිස, වෙන කිසිවක් නැත. ඔබගේ දෙවියන් වෙත ඇති පරලොව (ජීවිතය) නම්, (ඉතාමත් උසස් හා ස්ථීරවත් එකක් වන්නේය. එය දෙවියන්ට) බිය වී කටයුතු කරන්නන්ටම අයත් වන්නේය
٣٨.(අප වෙත පැමිණෙන තුරුම එසේ අදහස් කරමින් සිටිනු ඇත). ඔවුන් අප වෙත පැමිණියහොත් නම්, (ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට) “මටත් ඔබටත් අතරේ නැගෙනහිරටත් බටහිරටත් ඇති දුර ප්‍රමාණය තිබුනා නම් අගනේය නොවෙද?” යයිද “(අපව මාර්ගය වැරද යැවූ අපගේ) මෙම මිතුරා ඉතාමත් නපුරු කෙනෙකි” යයිද පවසනු ඇත
٤٦.නියත වශයෙන්ම මූසාව, අපි අපගේ (විවිධ) ප්‍රාතිහාර්යයන් සමග ෆිර්අව්න් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “නියත වශයෙන්ම මා ලෝකයන් සියල්ලෙහි දෙවියන් විසින් යවන ලද එක් දූතයෙකි” යයි කීවේය
٤٩.ඒ අවස්ථාවේදී ඔවුන් (මූසාට) “ඕ සූනියම්කාරයා! (ඔබගේ ප්‍රාර්ථනාව බාර ගන්නා බවට) ඔහු ඔබට ලබා දුන් පොරොන්දුව මගින් (මෙම දඬුවම පහ කර), අපට (දයාව පහළ කිරීම) සඳහා ඔබ, ඔබගේ දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනු මැනව! (එසේ පහ කර හැරියහොත්) නියත වශයෙන්ම අපි (ඔබගේ) ඍජු මාර්ගයට පැමිණෙන්නෙමු” යයි පැවසූහ
٥٨.“අපගේ දෙවිවරුන් උසස්ද? නැතහොත් ඔහු උසස්ද?”යි විමසන්නට ඉදිරිපත් වූහ. (පුහු) වාද විවාද කිරීමට මිස, ඔබ වෙත ඔවුන් ඔහුව උදාහරණයකට ගත්තේ නැත. කිමෙක්ද! මොවුන් පුහු තර්ක කරන ජනතාවක් වශයෙන් සිටින්නාහ!”
٥٩.(ඊසා නම් වූ) ඔහු නම් (අපගේ) වහලෙකි. (ඔහු දෙවියෙකුද නොව. අපගේ පුතාද නොව. ඔහු මෙසේ පැවසුවේද නැත. මෙය ප්‍රතික්ෂේප කර පවසා ඇත්තේය). ඔහු කෙරෙහි අපි දයාව පහළ කර, ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට ඔහුවද එක් ආදර්ශයක් බවට පත් කළෙමු
٦٣.ඊසා (ප්‍රාතිහාර්යයන්ගෙන්) පැහැදිලි දැය ගෙන ආ අවස්ථාවේදී (තම ජනතාවට) “ඇත්තෙන්ම ඥානය මා ඔබට ගෙනැවිත් ඇත්තෙමි. ඔබ තර්ක කරමින් සිටින දැය ගැන සමහර දැය ඔබට විවිරණය කර පවසන්නෙමි. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී මට අවනත වනු” යයිද
٧١.(විවිධ වර්ගයේ ආහාරයන් හා පානයන්ගෙන්ද පිරි) රණ් බන්දේසිද, කුසලාණද, ඔවුන් වටා කැරෙකෙමින් තිඛෙණු ඇත. එහිදී ඔවුන් සිත් ඇලූම් කරන දැයද, ඔවුන්ගේ ඇස් පිනා යන දැයද ඔවුන්ට ලැඛෙනු ඇත. (ඔවුන්ට) “මෙහි සදාකල් ඔබ වාසය කරමින් සිටිනු” (යයිද කියනු ලැබේ)
٧٧.(මෙසේ තිබියදී ඔවුන් නිරයේ අධිපතිට) “ඕ මාලික්! ඔබගේ දෙවියන් අපගේ කාරණාව අවසන් කර දමත්වා! (මරණය මගින් හෝ අපට නිදහස ලැබුනාදෙන්!)” යයි ශබ්ද නගන්නාහ. එයට ඔහු “(නොහැක), නියත වශයෙන්ම ඔබ (මේ තත්වයටම දඬුවම විඳිමින්ම නොමැරී) ස්ථීරව සිටිය යුතුය” යයි පවසනු ඇත
٨٠.නැතහොත් ඔවුන් (තමන්ගේ මනසෙහි) සඟවා තබා ඇති දැයද, නැතහොත් (තමන් තුළ) රහසින් කතා කරන දැයද, නියත වශයෙන්ම අපට ළඟා නොවනු ඇතැයි ඔවුන් අදහස් කරමින් සිටින්නෙහුද? නැත. ඔවුන් වෙත ඇති අපගේ මලායිකාවරුන් (සෑම දැයක්ම) සටහන් කරමින්ම සිටින්නාහ
٨٦.(අල්ලාහ් වන) ඔහු හැර, කුමක් ඔවුන් (දෙවියන් යයි) ආරාධනා කරන්නෝද, ඒවා (මොවුන් වෙනුවෙන් ඔහු වෙත) මැදිහත් වී කතා කිරීමට ශක්තියක් නොමැත. එහෙත් කවුරුන් සත්‍යය දැන, එය ප්‍රසිද්ධියේම පවසන්නෝද ඔවුන් හැර. (ඔහුගේ අනුමැතිය ලැබුණහොත් ඔවුන් ඔහු වෙත මැදිහත් වී කතා කරනු ඇත)