نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.සාද්. (හොඳ ඔවදනින් හා) මතක් කිරීම් වලින් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම! (මෙය අප විසින් පහළ කරන ලදී)
٤.(ඔවුන්ට) බිය ගන්වා අනතුරු ඇඟවිය හැකි දූතයෙකු (වන ඔබ) ඔවුන්ගේ (වාර්ගියන්)ගෙන්ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් පුදුමයට පත් වී “මොහු බොරු කියන සූනියම්කාරයෙකි” යයි (ඔබ ගැන) මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ
٦.ඔවුන්ගෙන් වූ ප්‍රධානීන් (අනිත් අයට “මොහුගෙන්) ඔබ ඈත් වී යනු. ඔබගේ දෙවිවරුන්ගෙන් ඔබ ස්ථීරව සිටිනු. (ඔබගේ දෙවිවරුන්ව අත්හැර දමන මෙන් පවසන) මෙම කාරණාව නියත වශයෙන්ම (ඔබට එරෙහිව වූ) අදහසක් වන්නේය” යයි (පවසමින්ම) ගියහ
٨.“අපගෙන් මොහුගේ නාමයෙන් (පමණක්)ද (ධර්ම) ඔවදන් පහළ කරනු ලැබුවේ?” යයිද (පැවසූහ). එසේ නොව. ඇත්තෙන්ම මොවුන් මගේ (ධර්මයෙහි) මතක් කිරීම ගැනම ඉමහත් වූ සැකයෙහි සිටින්නාහ. එසේය! මේ දක්වා ඔවුන් (මගේ) දඬුවම විඳ බැලූවේම නැත
٢٢.දාවූද් වෙත ඇතුළු වූ විට, ඔහු ඔවුන් ගැන (බිය වී) තිගැස්සුනේය. එයට ඔහු “(ඕ දාවූද්!) ඔබ බිය නොවනු. (අප දෙදෙනාම) එක පක්ෂයේ මිනිසුන්ය. අපගෙන් කෙනෙකු අනිත් කෙනා කෙරෙහි අපරාධයක් කර ඇත්තේය. අප අතරේ ඔබ සාධාරණ ලෙස තීන්දුවක් දෙනු. (එහි) වැරැද්දක් ඇති නොකරනු. අපව ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු”
٢٣.“නියත වශයෙන්ම මොහු මගේ සහෝදරයෙකි. ඔහු අත එළුවන් අනූ නව දෙනෙකු සිටින්නේය. මා වෙත එකම එක එළුවෙකු සිටින්නේය. (එසේ තිබියදී) ඔහු එයද (තමන්ට) ලබා දිය යුතුය යයි කියමින් තර්ක විතර්ක කර මගෙන් ජය අත් කර ගත්තේය” යයි පැවසුවේය
٢٤.(එයට) දාවූද් “ඔබගේ එළුවා ඔහු තමන්ගේ එළුවන් සමග එක්කාසු කර හරින මෙන් ඉල්ලා සිටීම, නියත වශයෙන්ම ඔහු ඔබ කෙරෙහි කරන අපරාධයකි. නියත වශයෙන්ම යහළුවන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට වංචා කරන්නාහ. විශ්වාසය තැබූ දැහැමි ක්‍රියාවන් කරන අය හැර. (විශ්වාසවන්තයින් එසේ කරන්නේ නැත. වංචා නොකරන) මෙවැන්නන් ඉතාමත් අල්පයකි” යයි පැවසුවේය. (මේ අතර) දාවූද් වන ඔහු, නියත වශයෙන්ම අපිම ඔහුව පිරික්සුමට ලක් කර හැරියෙමු යයි සිතා, තම දෙවියන් වෙත (තමන්ගේ වැරැද්දට) සමාව දෙන මෙන් ඉල්ලා, නැවී බිම වැටී (සුජූද් කර නැමද, තම දෙවියන්ගෙන්) ප්‍රාර්ථනා කළේය
٢٥.එබැවින් (සාධාරණය ඉල්ලා පැමිණි අය විසින්, තම නැමදුමෙහි යම් වැරැද්දක් සිදු වී, තමන් වැරැද්දක් කළාය යයි) එය (ඔහු අදහස් කිරීම ගැන) අපි සමාව දුන්නෙමු. නියත වශයෙන්ම ඔහුට අපගේ සන්නිධානයෙහි (ඉතාමත්) සමීපස්ත (උසස්) පදවියද, අලංකාරවත් වාසස්ථානද ඇත
٢٦.(එබැවින් අපි ඔහුට) “ඕ දාවූද්! නියත වශයෙන්ම අපි ඔබව භූමියෙහි (අපගේ) නියෝජිතයා වශයෙන් පත් කළෙමු. එබැවින් ඔබ මිනිසුන් අතරේ සාධාරණ වශයෙන් තීන්දු ලබා දෙනු. මනසෙහි වූ ආශාවන් අනුගමනය නොකරනු. (අනුගමනය කළහොත් එය) ඔබව අල්ලාහ්ගේ මාර්ගයෙන් වැරද යාමට සැලැස්වෙනු ඇත. නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් වැරද යන්නෝද, ඔවුන් (ප්‍රශ්න) ගණනය කරන දින අමතක වීමේ හේතුවෙන් ඔවුන්ට නියත වශයෙන්ම දරුණු දඬුවම් ඇත” (යයි කීවෙමු)
٢٧.අහස්ද, භූමියද, මේවා මධ්‍යයෙහි ඇති දැයද, නිකරුණේ අපි උත්පාදනය කළේ නැත. මෙය (නිකරුණේ යන්න) ප්‍රතික්ෂේප කරන්නන්ගේ සිතුවිල්ලකි. ප්‍රතික්ෂේප කරන මොවුන්ට විනාශයයි. මොවුන්ට (නිරා) ගින්නම ලැඛෙනු ඇත
٣١.(යුද්ධය සඳහා පිළියෙල කර තිබුනු) උසස් අශ්වයින් (දිනක්) සැන්දෑ කාලයේදී, ඔහු ඉදිරියට ගෙන එනු ලැබූ අවස්ථාවේදී, (ඒවා දෙසම බලා සිටීම නිසා සූර්යයා අස්ථමයට ගොස් ඔහුගේ නැමදුම් කාලය වැරදී ගියේය. එයට ඔහු)
٣٩.(පසුව ඔහුට) “මේවා සියල්ල අපගේ වරප්‍රසාදයන් වන්නේය. එබැවින් (මේවා දානමාන වශයෙන් දී) ස්තූති කරනු. නැතහොත් (ඒවා ඔබ වෙතම) රඳවා තබා ගනු. (එය ඔබගේ කැමැත්තට අනුව ඇති කාරණාවකි. ඔබ දුන්නෙහිද, නැද්ද යන්න ඔබගෙන්) ගණන් හිලව් විමසනු ලබන්නේ නැත” (යයිද)
٤٢.(එයට අපි) “ඔබගේ කකුලෙන් (භූමියට) තට්ටු කරනු” (යයි කීවෙමු. ඔහු තට්ටු කළ විට, එහි උල්පතක් ඉකුත් වී ජලය ගලා බසින්නට විය. එවිට ඔහුට) “මෙන්න ශීතවත් නාන තැනක්. (මෙයම ඔබගේ) පානය වන්නේය” (යයි කීවෙමු. එමගින් ඔහුගේ අසනීපයන් සුව වී ගියේය)
٤٤.(තණ කොළ) මිටක් අතට ගෙන එමගින් (ඔබගේ බිරිඳට) ගසනු. ඔබ, (ඔබගේ) දරුවන්ව කඩා බිඳ නොදමනු” (යයි කීවෙමු). නියත වශයෙන්ම අපි ඔහුව ඉතාමත් ඉවසිලිවන්තයෙකු වශයෙන්ම දුටුවෙමු. (ඔහු ඉතාමත්) හොඳ වහලෙකි. නියත වශයෙන්ම ඔහු (සෑම කාරණාවකදීම අප දෙස) බලා සිටින්නෙකු වශයෙන්ම සිටියේය
٦٠.(එයට ඔවුන්) “මෙය ඔවුන්ට ශුභ ගමනක් නොවනු ඇත. නියත වශයෙන්ම මොවුන් නිරයට යන්නන්ය!” (යයි පවසන්නාහ). එයට ඔවුන් (එම ප්‍රධානීන් පසුපසින් පැමිණ ඔවුන්ට “අපට) නොව. ඔබටයි ශුභ ගමනක් නොවන්නේ. ඔබයි අපට මෙය සොයා දුන්නේ. (එබැවින් අප දෙපාර්ශවයේම) රැෙඳන ස්ථානය ඉතාමත් නපුරුය” යයි පවසන්නාහ
٨٦.(එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: (මිනිසුනේ!) මෙයට (මෙම ධර්මය සමුදීරණය කර පෙන්වීම සඳහා) මා ඔබ වෙත කිසිම කුලියක් ඉල්ලූවේ නැත. තවද (ඔබ නොඉසිළිය යුතු යම්කිසි බරක් ඔබ මත) පටවන්නන්ගෙන් කෙනෙකු බවට මා නැත