٥.අහස්ද, භූමියද, ඒවා මධ්‍යයෙහි ඇති දැයද උත්පාදනය කර, පෝෂණය කරන්නා, පහත දිසා (වන් හා ඉහළ දිසා) වන්හි දෙවියන්ය
٦.නියත වශයෙන්ම ඔබගේ (දෙවියන් වන) අපි (මෙම භූමියට ඉතාමත් ළඟින්) පහතින් ඇති අහසෙහි බැබළෙන තාරකාවන් මගින් අලංකාරවත් කර තබා ඇත්තෙමු
٩.(මන්දයත් එයට ළඟා වන සෑම කෙනෙකුටම) විවිධ දිශාවන්ගෙන් (ගින්නෙන්) පහර දෙනු ලැබ, එළවා දමනු ලබන්නාහ. ඔවුන්ට ස්ථීර වූ දඬුවම් ඇත
١٠.(යම්කිසි විදිහකින් වැරදීමකින් හෝ යම් වදනක්) හොරෙන් ඇසීමට ළං වුවහොත් එවෙලේම ඔහුව ගිණි පුපුරු වීසි වන ගින්න මගින් එළවනු ලැබේ
١١.(නබියේ!) උත්පාදනයන්ගෙන් ඉතාමත් ශක්තිවන්තයින් ඔවුන්ද? නැතහොත් අපි උත්පාදනය කර ඇති දැය (වන අහස්, භූමිය, තාරකාවන් ආදී) දැයද? (යයි ප්‍රතික්ෂේප කරන්නන් වන) මොවුන්ගෙන් විමසනු. නියත වශයෙන්ම අපි ඔවුන්ව (ලැජ්ජයි) ඇලෙන සුළු කිරිමැටියෙන්ම උත්පාදනය කර ඇත්තෙමු
١٢.(නබියේ!) ඔබ (අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් දැක) විමතියට පත් වන්නෙහිය. ඔවුන් නම්, (එය) සමච්චල් කරන්නෙහුය
١٦.“අපි මරණයට පත් වී (දිරා ගොස්) පස් බවටද, ඇට බවටද පත් වූ පසු, ඇත්තෙන්ම අපි නැගිටිටවනු ලබන්නෙමුද?” (යයිද)
٢٤.“(එහි) ඔවුන්ව නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන්ගෙන් (ප්‍රශ්න ගණනය) කරනු ලැබිය යුතුව ඇත්තේය” (යයිද කියනු ලැබේ)
٢٥.“ඔබට කුමක් සිදු වූයේද? (ලොවෙහි ඔබ කෙනෙකුට කෙනෙකු උදව් කරමින් සිටි අන්දමට මෙහිදී) ඔබ කුමක් නිසා කෙනෙකුට කෙනෙකු උදව් කර නොගත්තේද?” (යයිද විමසනු ලැබේ)
٢٨.(සමහරෙක් තමන්ගේ ප්‍රධානීන්ට) “නියත වශයෙන්ම ඔබ අප වෙත බලෙන්ම පැමිණ, (ඔබට අවනත වන මෙන් අපට බල) කළෙහුය” යයි පවසනු ඇත
٣١.“එබැවින් (දඬුවම ගැන වූ) අපගේ දෙවියන්ගේ පොරොන්දුව සත්‍යය කර හැරියේය. නියත වශයෙන්ම අපි (සියල්ලන්ම දඬුවම) විඳිය යුතු අයයි”
٣٢.“(එසේය!) ඔබව අපි මාර්ගය වැරද යාමට සැලැස්සුවෙමු. මන්දයත් නියත වශයෙන්ම අපිත් දුර්මාර්ගයෙහිම සිටියෙමු” යයි පවසනු ඇත
٣٥.”අල්ලාහ් හැර, (ඔබට) වෙන කිසිම හිමියෙකු නැත! (ඔහුවම ඔබ නමදිනු)” යයි ඔවුන්ට පවසනු ලැබුවහොත්; නියත වශයෙන්ම ඔවුන් උඞඟූ වී
٣٦.“කිමෙක්ද! අපි පිස්සු හැදුනු කවියෙකු වෙනුවෙන් ඇත්තෙන්ම අපගේ දෙවිවරුන්ව අපි අත්හැර දමන්නෙමුද?”යි ඔවුන් පවසන්නාහ
٣٨.(මේ සියල්ල ඔබ බොරු කර හැරියෙහුය. එබැවින්) නියත වශයෙන්ම ඔබ වේදනා ගෙන දෙන දඬුවම ම විඳිය යුතුව ඇත්තේය”
٤٨.ඔවුන් වෙත බිම බලා ගත් (ඉතාමත් යටත් පහත්) බැල්මෙන් යුතු (හුරුල්ඊන් නමැති) නිර්මල කන්‍යාවන්ද සිටිනු ඇත
٥٣.කිමෙක්ද! අපි මරණයට පත් වී (දිරාපත්ව) ඇට කටු හා පස් බවට පත් වූ පසු (නැගිට්ටවනු ලබන්නෙමුද?) නියත වශයෙන්ම (අපගේ අපරාධයන්ට සරිලන) ඵලවිපාක දෙනු ලබන්නෙමුද?”යි (සමච්චලයෙන් මෙන්) පවසමින් සිටියේය
٥٧.“මගේ දෙවියන්ගේ දයාව මා හට (ලැබී) නොතිබුණේ නම්, මමත් (නිරයට) ගෙන එනු ලබන්නනගෙන් කෙනෙකු වශයෙන් සිටින්නට ඉඩ තිබුණි”
٥٩.“(නැවතත් පණ ලැබී ඇති) අපට කළින් මරණයට වඩා වෙන කිසිවක් නැත. (මින් පසු අපි කිසිදාක මැරෙන්නේම නැත. ස්වර්ගයෙහි සිටින) අපි දඬුවමට ඇතුළු කරනු ලබන්නේද නැත” යයි පවසනු ඇත
٦٢.(අල්ලාහ්ගේ සන්නිධානයෙන් ලැඛෙණ) මෙය උසස් වූ (භෝජණ) සංග්රහයද? නැතහොත් (නිරයෙහි ඇති) සක්කුම් නමැති (තිත්ත දුගඳ වෑහෙණ) ගසද
٦٦.නියත වශයෙන්ම ඔවුන් (තමන්ගේ කුස-ගින්නේ දරුණුභාවය නිසා) එයද අනුභව කරන්නාහ. එමගින් ඔවුන්ගේ කුස පුරවා ගන්නාහ. (නමුත් ඔවුන්ගේ කුස-ගින්න නිවෙන්නේ නැත)
٧٥.නූහ් (නබි උදව් උපකාර ඉල්ලා ප්‍රාර්ථනා කර) අපව ආරාධනා කළේය. අපිම (ප්රාර්ථනාවන්ට) පිළිතුරු දෙන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි
٩١.පසුව ඔහු කෝවිල තුළට ගියේය. එහි (පිළිරූ වලට විවිධ වර්ගයේ ආහාර පූජා කර තිබීම දැක), ඔවුන්ගේ පිළිරූවලට “ඔබ (මේවා) කුමක් නිසා නොකන්නේද
٩٤.(අළුත් අවුරුදු සමරන්නට ගිය අය, ආපසු පැමිණීමෙන් පසු මෙය දුටු වහාම), ඉබ්රාහීම් වෙත දිවැවිත් (ඒ ගැන විමසූ විට)
٩٧.(එයට ඔවුන් පිළිතුරු දීමට මගක් නොමැතිව කෝපයට පත් වී) “මොහු වෙනුවෙන් විශාල (ගිනි) වළක් නිර්මාණය කර, එම ගින්නෙහි ඔහුව වීසි කර දමනු” යයි පැවසූහ
٩٩.(පසුව, ඉබ්රාහීම් එම රට අත්හැර දමා පිටමං වී) “නියත වශයෙන්ම මා මගේ දෙවියන් වෙතම යන්නෙමි. ඔහු ඉතා ඉක්මනින් මා හට ඍජු මාර්ගය පෙන්වනු ඇත” (යයි කියා)
١٠٢.(ඔහුගේ එම පුතා) ඔහු සමග පා ගමනින් ඇවිදිය හැකි වයස අත් වූ විට, ඔහු (තම පුතාට) “මගේ දයාබර පුතුනේ! ඇත්තෙන්ම මා ඔබව (මගේ අතින්) ඛෙල්ල කපා බිලි දෙන බවට, මා (මගේ) සිහිනෙන් දුටුවෙමි. (මේ ගැන) ඔබ කුමන අදහසක් දරන්නෙහිද?”යි විමසුවේය. එයට ඔහු “මගේ (දයාබර) පියාණෙනි! ඔබට දෙන ලද නියෝගයට අනුවම ඔබ කරනු. අල්ලාහ් අදහස් කළහොත් (එය විඳ දරාගෙන) ස්ථීර වශයෙන් සිටින්නෙකු බවට, ඔබ මාව දකින්නෙහිය” යයි පැවසුවේය
١٠٣.එබැවින් ඒ දෙදෙනාම (දෙවියන්ගේ නියෝගයට) සම්පූර්ණයෙන්ම අවනත වී (ඉබ්රාහීම් වන) ඔහු (ඉස්මායීල් වන) ඔහුව (ඛෙල්ල කපා බිලි දීමට) මුනින් අතට බිම හෙළුවේය
١٠٥.ඇත්තෙන්ම ඔබ, (ඔබගේ) සිහිනය සැබෑ කර තැබුවෙහිය. නියත වශයෙන්ම හොඳක් කරන අයට අපි මේ අන්දමටම ඵලවිපාක දෙන්නෙමු”
١٠٧.එබැවින් (ඔහු වෙනුවට එක් නාඹර එළුවෙකු බිලි දෙන්නට සලස්වා) ඉමහත් වූ පරිත්‍යාගය මගින් ඔහුව නිදහස් කළෙමු
١١٢.(මින් පසුව) හොඳ වහලූන්ගෙන් කෙනෙකු වශයෙන් සිටි ඉස්හාක් නබිව ඔහුට (තවත් පුතෙකු වශයෙන් දෙන බවට) සුභාරංචි දුන්නෙමු
١١٣.ඔහු කෙරෙහිද, ඉස්මායීල් කෙරෙහිද, අපි අපගේ භාග්‍යයන් පහළ කළෙමු. ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන් හොඳ අයද සිටින්නාහ. ප්‍රසිද්ධියේ තමන්ට තමන්ම නපුර කර ගත් (නපුරු) අයද සිටින්නාහ
١٢٧.එහෙත් ඔවුන් ඔහුව බොරුකාරයා කර හැරියහ. එබැවින් නියත වශයෙන්ම ඔවුන් (පරලොවදී අප වෙත දඬුවම සඳහා) ගෙන එනු ලබන්නාහ
١٣٧.එබැවින් (මක්කාවාසීනී! ඔබ ෂාම් රටට වෙළෙඳාමට යන විට හා එන විට) උදේ හෝ සවස හෝ නියත වශයෙන්ම ඔබ (විනාශ වී ගිය) ඔවුන්ගේ (නගරය) හරහා ගමන් කරන්නෙහුය
١٤١.ඔවුන් (ඒ නැවේ සිටි අය අතර) කුසපත් ඇදි අවස්ථාවේදී මොහු (මුහුදට) වීසි කර දැමිය යුතු කෙනෙකු බවට පත් වූවේය
١٤٢.(එසේ ඔවුන් මොහුව වීසි කළ විට), මාළුවෙකු ඔහුව ගිල දැමුවේය. ඒ අවස්ථාවේදී ඔහු (තමන්ට තමන්ම) නින්දා කර ගනිමින් සිටියේය
١٤٥.(ඔහු සුවිශුද්ධ කරමින් සිටි හේතුවෙන්) එළිමහන් භූමියක (මාළුවාගේ බඩෙන්) ඔහුව අපි එළියට හෙළන්නට සැලැස්සුවෙමු. ඒ අවස්ථාවේදී ඔහු නම්, ඉතාමත් වෙහෙසට පත්ව සිටියේය
١٤٧.පසුව අපි ඔහුව සියක් දහසක්, නැතහොත් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් මිනිසුන් වෙත (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු
١٤٨.ඔවුන් (සියල්ලන්ම) විශ්වාස කළහ. එබැවින් අපිත් ඔවුන්ව එක් (දීර්ඝ) කාලයක් දක්වා සුවසේ ජීවත් වීමට සැලැස්සුවෙමු
١٤٩.(නබියේ!) ඔබ ඔවුන්ගෙන් විමසනු: (ඔවුන් පිළිකුල් කරන ගැහැණු දරුවන්ව ඔබගේ දෙවියන්ටද, ඔවුන්ට පිරිමි දරුවන්වද, (මනක්කල්පිත කරන්නෙහුද)
١٥٠.නැතහොත් අපි මලායිකාවරුන්ව ගැහැනුන් වශයෙන් නිර්මාණය කළාය (යයි කියනවා නොවෙද?) ඔවුන් එය බලාගෙන සිටියෙහුද
١٥٨.(නබියේ!) මොවුන් ඔහුටත්, ජින්වරුන්ටත් අතරේ ඥාති බන්ධනයක් ගැන මනක්කල්පිත කරන්නාහ. නමුත් ජින්වරුන් නම්, (තමන් වැරදි කළහොත් දඬුවම සඳහා) නියත වශයෙන්ම (අල්ලාහ් වෙත) ගෙන එනු ලබන්නාහ යයි ඔවුන් දැනගෙන සිටින්නාහ
١٦٠.පිරිසිදු සිතුවිල්ලෙන් පිරි අල්ලාහ්ගේ වහලූන් හැර, (අන් අය දඬුවම සඳහා දෙවියන් ඉදිරියට පමුණුවනු ලබන්නාහ)
١٦٥.නියත වශයෙන්ම අපි (නියෝගය ඉටු කිරීමට අල්ලාහ්ගේ අණ බලාපොරොත්තුවෙන්) කණ්ඩායම් (වශයෙන්) පෙළ ගැසී සිටින්නෙමු
١٧٠.(එහෙත් මෙසේ පවසමින් සිටි මොවුන් වෙත මෙම ධර්මය පැමිණි විට), එය මොවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. ඉතාමත් ඉක්මනින් (මෙහි ඵලවිපාක) මොවුන් දැන ගනු ඇත
١٧٥.(ඔවුන් කෙසේ නම් දඬුවමට ලක් වන්නාහ යන්න දැන ගැනීමට) ඔවුන්ව බලාගෙන සිටිනු. ඉතා ඉක්මනින් ඔවුන්ද (එය) දැක ගනු ඇත
١٧٧.(අපගේ දඬුවම) ඔවුන් මධ්‍යයට පහළ වන විට, බිය ගන්වා අනතුරු අඟවන ලද ඔවුන්ගේ අලූයම් කාලය ඉතාමත් නපුරු වනු ඇත