نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.යා. සීන්
١٢.නියත වශයෙන්ම අපිම මරණයට පත් වූවන්ව (පරලොවදී) පණ දී නැගිට්ටවන්නෙමු. ඔවුන් කරමින් යැවූ දැයද, ඔවුන් අත්හැර දමා ගිය දැයද, අපි ලියන්නෙමු. මේවා සෑම දැයක්ම (ලව්හුල් මව්ෆූල් නමැති) පැහැදිලි පිටුවෙහි සටහන් කර තබා ඇත්තෙමු
١٣.(නබියේ!) අපගේ දූතයින් පැමිණි එක් රටවැසියන්ව ඔවුන්ට උදාහරණයක් වශයෙන් පවසනු. අපි ඔවුන් වෙත (යහ්යා, ඊසා, ආදී) දූතයින් දෙදෙනෙකු යැවූ අවස්ථාවේදී ඒ දෙදෙනාවම ඔවුන් බොරුකාරයින් කළහ. එබැවින් (ෂමඌන් නමැති) තුන්වැනි දූතයා මගින් (ඒ දෙදෙනාටම) උදව් කළෙමු
١٨.එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔබලාගේ පැමිණීම දුර්නිමිත්තක් වශයෙන්ම ගණන් ගන්නෙමු. ඔබ (මෙයින්) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබට ගල් ගසා මරා දමන්නෙමු. තවද අපගේ වේදනා ගෙන දෙන දඬුවමද ඔබව අල්ලා ගනු ඇත” යයි පැවසූහ
٢٣.“ඔහු හැර, (වෙන කිසිවක්) මා දෙවියන් වශයෙන් ඇර ගන්නෙමිද? රහ්මාන් මට යම්කිසි විපතක් කිරීමට අදහස් කළහොත් මේවායේ මැදිහත් වීම (එහි) කිසිවක් මගෙන් වළක්වා නොහරිනු ඇත. (එයින්) මාව මේවා විසින් බේරා ගැනීමටද නොහැක”
٢٦.(එහෙත් ජනයා ඔහුගේ හොඳ දේශනාවන්ට කණ් නොදී ඔහුව ඝාතනය කර දැමූහ. එබැවින් දෙවියන්ගේ සන්නිධානයෙන් ඔහුට) “ඔබ ස්වර්ගයට ඇතුළු වනු මැනව!” යයි කියනු ලැබීය. (ස්වර්ගයට ඇතුළු වූ) ඔහු “මගේ ජනතාව දැන ගත යුතු නොවේද?”
٤٧.“අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් (දුප්පතුන්ට) දානමාන කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් “අල්ලාහ් අදහස් කළහොත් ඔහුම ආහාර ලබා දිය යුතු අයට අපට ආහාර දිය හැකිද? ඔබ ප්‍රකට දුර්මාර්ගයෙහි මිස, වෙන කිසිවක් නැත” යයි විශ්වාසවන්තයින්ට මෙම ප්‍රතික්ෂේප කරන්නන් (සමච්චලයෙන්) පවසන්නාහ
٥٢.(තවද) “අපගේ ශෝකයයි! අපව, අපගේ (සොහොන් වන) නිදන ස්ථානයන්ගෙන් නැගිට්ටෙව්වේ කවරෙක්ද?”යි විමසනු ඇත. (එයට මලායිකාවරුන් ඔවුන්ට) “රහ්මාන් (ඔබට) දුන් පොරොන්දුවද, නබිවරුන් (ඔබට) සත්‍යය යයි ගෙනහැර දැක්වූවේද මෙයයි” (යයි පවසන්නාහ)
٦٧.අපි අදහස් කර තිබුණේ නම්, ඔවුන්ගේ රුව වෙනස් කර, ඔවුන් සිටි ස්ථානයේම සිටින සේ (ගලක් වශයෙන් හෝ නොන්ඩියෙක් වශයෙන් හෝ) කර ඇත්තෙමු. ඒ අතර ඔවුන් විසින් ඉදිරියට යාමටද නොහැකි වන්නට ඉඩ තිබුණි. පසුපසට යාමටද ඉඩ නොතිබිණි
٧٦.(නබියේ! ඔබ ගැන ‘ඔබ බොරුකාරයෙකි’ යයිද) ඔවුන්ගේ කියමන ඔබව කණගාටුවට ලක් කළ යුතු නැත. නියත වශයෙන්ම අපි ඔවුන් (තමන්ගේ මනසෙහි) සඟවා ගන්නා දැයද, (ඊට වෙනස්ව තමන්ගේ මුවින්) ඔවුන් එළිදරව් කරන දැයද හොඳින් දන්නෙමු
٧٨.ඔහු තමන්ගේ උත්පාදනය (තමන්ව කෙසේ නිර්මාණය කරනු ලැබුවේද) යන්න අමතක කර දමා, එක් උදාහරණයක් අප වෙත ගෙනහැර දක්වන්නේය. “දිරා පත්ව පස් බවට පත් වූ (මෙම) ඇටසැකිළ්ලට පණ දෙන්නේ කවරෙක්ද?”යි ඔහු විමසනුනේය