نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.අලිෆ්. ලාම්. මීම්
٨.(මෙය) ඔවුන් තමන් තුළම අවධානය කළ යුතු නොවේද? අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද, සාධාරණ හේතුවක් නොමැතිවද, නියමිත කාල අවකාශයක් නොමැතිවද, අල්ලාහ් උත්පාදනය කළේ නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු දෙවියන්ගේ හමු වීමද ප්‍රතික්ෂේප කරන්නාහ
٩.මොවුන් භූමියෙහි සංචාරය කර, මොවුන්ට පෙර සිටි අයගේ අවසානය කෙසේ වූවේද යන්න බැලිය යුතු නොවේද? (පෙර විසූ) ඔවුන් මොවුන්ට වඩා ශක්තිසම්පන්නයන් වශයෙන්ද, මොවුන් කොපමණ ප්‍රමාණයට භූමිය සීසා සංවර්ධනය කළෝද, ඊටත් වඩා අධික වශයෙන් (භූමිය) සීසා සංවර්ධනය කළ අය වශයෙන්ද, ඔවුන් සිටියහ. (මෙසේ තිබියදී සාධකයන්ගෙන්) පැහැදිලි ඒවා සමගම ඔවුන්ගේ දූතයින් ඔවුන් වෙත පැමිණියහ. අල්ලාහ් ඔවුන්ට කිසි විටෙකත් හානියක් කරන්නේ නැත. එහෙත් ඔවුන් (එම නබිවරුන්ව බොරුකාරයින් කර) තමන්ට තමන්ම නපුරක් කර ගත්හ
٢١.(ඔබ එක්කාසු වී ජීවත් විය හැකි ඔබගේ) භාර්යයාවන්ව ඔබ ඔවුන් වෙත හිත සුව ලැබීම පිණිස ඔබගෙන්ම ඔහු නිර්මාණය කර, ඔබ අතරේ ආදරයද කරුණාවද ඇති කර තිබීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. සිතා වටහා ගත හැකි ජනතාවට මෙහිද නියත වශයෙන්ම (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත
٢٣.රාත්‍රියේද, දහවලේද, නිදාගෙන (විඩාව නිවා ගැනීම)ද, (භූමියෙහි විවිධ ප්‍රදේශයන්ට ගොස්) ඔබ ඔහුගේ වරප්‍රසාදයන් සොයා ගැනීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. සවන් දෙන ජනතාවට මෙහිද නියත වශයෙන්ම (බොහොමයක්) සාධකයන් ඇත
٢٤.ලාභයද, බියද ලබා දිය හැකි සේ විදුලිය ඔහු ඔබට පෙන්වීමද, වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා එමගින් මිය ගිය පොළොව සශ්‍රීක කිරීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. බුද්ධිමත් ජනතාවට නියත වශයෙන්ම මෙහි (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත්තේය
٢٥.අහස්ද, භූමියද, ඔහුගේ නියෝගයට අනුව ස්ථීරව තිබීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. (ඔබට නියම කරනු ලැබූ කාලය දක්වා ඔබ එහි ජීවත් වී මරණයට පත් වූ පසු භූමියෙහි භූමදානය කරනු ලැබීමෙන්) පසුද ඔහු ඔබව කැඳවුවහොත් එකම එක ශබ්දයකින් එවෙලේම ඔබ භූමියෙන් ඉකුත් වනු ලබන්නෙහුය
٢٧.ඔහුම උත්පාදනයන් (පෙර නිදසුණක් නොමැතිවම ආරම්භයේදී) නිර්මාණය කරන්නේය. ඔහුම (ඒවා මරණයට පත් වූ පසුද, පණ දී) ඒවා පුනරුත්ථානය කරන්නේය. මෙය ඔහුට ඉතාමත් පහසුය. අහස්හිද, භූමියෙහිද ඉතාමත් උසස් උපමාවන් ඔහුටම අයිතිය. ඔහු (සියල්ලට) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය
٢٨.(මිනිසුනේ! ඔබ ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය දැන ගැනීම පිණිස) ඔබ තුළම ඔහු එක් උදාහරණයක් ඔබට පවසන්නේය. ඔබගේ ‘දකුණත් හිමි කර ගත් අය’ගෙන් කවුරුන්ව හෝ අපි ඔබට ලබා දුන් වස්තූන්ගෙන් ඔබ සමග මිතුරන් කරගෙන, ඔබ සමානත්වය සම්බන්ධයෙන් දස්කම් පාන්නෙහුද? ඔබ ඔබව ගණනයට ගන්නාක් මෙන් ඔවුන්වද ගණනයට ගන්නෙහුද? (ගණනයට නොගන්නවා නොවෙද! එසේ තිබියදී මගේ උත්පාදනයන්ව ඔබ මා හට සමානයන් වශයෙන් කළ හැකිද?) බුද්ධිමත් ජනතාවට (අපගේ) ආයාවන් මෙසේ විවරණය කර පවසන්නෙමු
٢٩.එහෙත් අපරාධකාරයින් කිසිම දැනුමක් නැතිවම තමන්ගේ සිත් (තුළ ඇතිවන) ආශාවන් අනුගමනය කරමින් කටයුතු කරන්නාහ. අල්ලාහ් කවුරුන්ව දුර් මාර්ගයෙහි අත්හැර දැමුවේද, ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකි අය කවරෙක්ද? තවද ඔවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත
٣٠.(නබියේ!) ඔබ, ඔබගේ මුහුණ (ඉස්ලාමීය) ධර්මය දෙසටම සම්පූර්ණයෙන්ම (හරවා) ස්ථීරවත් කරනු මැනව! අල්ලාහ් මිනිසුන්ව උත්පාදනය කළ මාර්ගයම ඔහුගේ ස්වභාවික මාර්ගය වේ. අල්ලාහ්ගේ උත්පාදනයන්හි කිසිම වෙනසක් නැත. මෙයම (නිවැරදි) ස්ථීරවත් මාර්ගය වේ. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු මෙය දැන ගන්නේ නැත
٣٣.මිනිසුන්ට කුමක් හෝ විපතක් ළඟා වන විට, ඔවුන් තමන්ගේ දෙවියන් දෙසට මුහුණ හරවා ඔහු වෙතින් ප්‍රාර්ථනා කරන්නාහ. පසුව ඔහු (එය පහ කර) ඔවුන්ව තමන්ගේ වරප්‍රසාදයන් විඳින සේ සැලැස්සුවහොත් ඔවුන්ගෙන් එක් කොටසක් තමන්ගේ දෙවියන්ටම සමානයන් තබන්නාහ
٣٦.මිනිසුන් (අපගේ) වරප්‍රසාදයන් විඳින සේ අපි සැලැස්සුවහොත් එමගින් ඔවුන් සතුටට පත් වන්නාහ. එහෙත් ඔවුන්ගේ ආත්ම (සොයා) යැවූ (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් ඔවුන්ට යම්කිසි විපතක් ඇති වන විට, එවෙලේම ඔවුන්ගේ විශ්වාසය බිඳී යන්නේය
٣٧.නියත වශයෙන්ම අල්ලාහ් තමන් අදහස් කරන අයට ආහාර විස්තීරණ කර දෙන්නේය. (තමන් අදහස් කරන අයට) සීමා සහිතව ලබා දෙන්නේය යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත්තේය
٣٨.(නබියේ! ඔබගේ වස්තුවෙන්) ඥාතීන්ට උරුම වූ දැය ඔවුන්ට ලබා දෙමින් (සිටිනු). (එසේම) දුප්පතුන්ටද, මැගියන්ටද, (ඔවුන්ට උරුම දැය ලබා දෙමින් සිටිනු). කවුරුන් අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස කැමති වන්නෝද, ඔවුන්ට මෙයම ඉතාමත් අගනේය. මෙවැන්නන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය අත් කර ගත හැකි අයයි
٣٩.අනිත් මිනිසුන්ගේ වස්තුවත් සමග එක්කාසු කර, (ඔබගේ වස්තුවද) අධික කර ගැනීම සඳහා පොළියට ඔබ දෙන මුදල් අල්ලාහ්ගේ සන්නිධානයෙහි අධික වන්නේ නැත. එහෙත් අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස තකා සකාත් වශයෙන් යම් කිසිවක් ඔබ දුන්නහොත් හෝ (එය අල්ලාහ්ගේ සන්නිධානයෙහි අධික වන්නේය). මෙවැන්නන්ම (ඵලවිපාක) දෙගුණයක් වශයෙන් අත් කර ගත හැකි අයයි
٤٠.අල්ලාහ්ම ඔබව උත්පාදනය කළ අයයි. ඔබට ආහාර ලබා දෙන්නාද ඔහුය. පසුව ඔහුම ඔබව පණ ගන්වන්නේය. මේවායෙන් යම් කිසිවක් කළ හැකි දැය ඔබගේ දෙවිවරුන්ගෙන් යම් කිසිවෙක් ඇත්තේද? ඔවුන් තබන සමානයන්ගෙන් ඔහු ඉතාමත් උසස්වන්තයෙකු හා ඉතාමත් පරිශුද්ධවන්තයෙකි
٤١.මිනිසුන්ගේ අත් සොයා ගත් (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් මුහුදෙහිද, ගොඩ බිමෙහිද, අපරාධයන් ඇති විය. (ඒවායෙන්) ඔවුන් ඈත් වනු පිණිස, ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන්ගෙන් සමහරක් ඔවුන් (මෙලොවදීම) විඳින සේ ඔහු සලස්වන්නේය
٤٤.කවුරුන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටින්නේද, ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. කවුරුන් දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහු (එය පරලොවදී) තමන්ට හොඳක් වශයෙන්ම සලස්වා ගන්නේය
٤٦.ඔහුගේ වරප්‍රසාදයන් ඔබ විඳින සේ සැලැස්වීමටද, ඔහුගේ නියෝගයට අනුව නැව් යාත්‍රා කිරීමටද, (එමගින් විවිධ රටවල්වලට ගොස්) ඔබ, ඔහුගේ වරප්‍රසාදය සොයා ගැනීමටද, (වැස්සට පෙර ශීත) සුළං ශුභාරංචි වශයෙන් ඔහු යැවීමද, ඔහුගේ සාධකයන්ගෙන් එකක් වන්නේය. (මේ වෙනුවෙන්) ඔබ කෘතඥ වන්නෙහුද
٤٧.(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට පෙරද බොහොමයක් දූතයින්ව ඔවුන්ගේ ජනතාව වෙත යැව්වෙමු. ඔවුන්ද ඔවුන් වෙත පැහැදිලි වූ දැය (වන සාධකයන්) ගෙන ආවාහ. (එහෙත් ඒවා ඔවුන් ප්‍රතික්ෂේප කර දැමූහ). එබැවින් (ඒවා ප්‍රතික්ෂේප කළ) වැරදිකරුවන් වෙත අපි පළි ගත්තෙමු. (මන්දයත් මෙසේ පළි ගෙන) විශ්වාසවන්තයින්ට උදව් කිරීම අප කෙරෙහි අනිවාර්යය යුතුකමක් වශයෙන් තිබුණි
٤٨.අල්ලාහ්ම සුළං යවන්නේය. ඒවා වලාකුළු දක්කාගෙන යන්නේය. ඔහු කැමති ප්‍රකාර එය අහසෙහි විසිරී යාමට සලස්වා කඩින් කඩ සිටීමට සලස්වන්නේය. ඒ මැදින් වැස්ස වසිනු ඔබ දකින්නෙහුය. තම වහලූන්ගෙන් ඔහු කැමති අයව එය පැමිණ සේන්දු වීමට සැලැස්සුවහොත් ඔවුන් සතුටින් පිනා යන්නාහ
٥٠.(නබියේ! මෙසේ) අල්ලාහ්ගේ දයාවෙන් ඇති වූ සළකුණු (වන ඵලවිපාක) ඔබ අවධානය කර බලනු! මැරී ගිය භූමිය කෙසේ නම් සශ්‍රීක කරන්නේද! නියත වශයෙන්ම මේ අන්දමටම මරණයට පත් වූ අයවද පණ දීමට සලස්වන්නේය. ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි
٥٣.අන්ධයින්වද ඔවුන්ගේ දුර්මාර්ගයෙන් ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමටද ඔබට නොහැක. සම්පූර්ණයෙන්ම අවනත වූවන් වශයෙන් අපගේ ආයාවන් මත විශ්වාසය තැබූවන් හැර, (අන් කිසිවෙකුත් ඔබගේ හොඳ ඔවදන් වලට) සවන් දෙන සේ ඔබ සැලැස්වීමටද (ඔබට නොහැක)
٥٤.අල්ලාහ් ඔබව (ආරම්භයේදී) ඛෙලහීන වූ තත්වයක උත්පාදනය කරන්නේය. (එම) ඛෙලහීනයෙන් පසු, ඔහුව (තරුණ) ශක්තියද ලබා දෙන්නේය. (එම) ශක්තියෙන් පසු (ඉදුණු කෙස් වලින් යුතු) මහළුභාවයද, ඛෙලහීනත්වයද ලබා දෙන්නේය. ඔහු තමන් කැමති ප්‍රකාර එසේ (ඔබව) උත්පාදනය කරන්නේය. ඔහු (සියල්ල) හොඳින් දන්නෙකු හා ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය
٥٦.එහෙත් අධ්‍යාපන දැනුමද, විශ්වාසයද ලබා දුන් අය, (එය ප්‍රතික්ෂේප කර) “අල්ලාහ්ගේ (සටහන්) පොතෙහි ඇති සේ ඔබ පණ ලැබී නැගිටින (මෙ)දින දක්වා (භූමියෙහි) රැඳී සිටියෙහුය. මෙය (මරණයට පත් වූවන්) පණ ලැබී නැගිටින දිනයයි. නියත වශයෙන්ම ඔබ (මෙය) දැන නොගත් අය වශයෙන්ම සිටියෙහුය” යයි පවසන්නාහ
٥٨.මිනිසුන්ව (තෘප්තියට පත් කිරීමට) අවශ්‍ය උදාහරණයන් සියල්ල මෙම කුර්ආනයයෙහි නියත වශයෙන්ම අපි පවසා ඇත්තෙමු. (මෙය බාර නොගත් ඔවුන් කැමති වන) කුමන සාධකයක් ඔබ ඔවුන් වෙත ගෙන ගියා වුවද, (නබියේ!) “ඔබත් (ඔබට ලැදි අයත්) බොරුකාරයින්ම මිස, වෙන කිසිවෙකු නොව” යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ
٦٠.එබැවින් (නබියේ!) ඔබ (විඳ දරාගෙන) ඉවසිලිමත්ව සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. (එබැවින් අවසානයේදී, නබියේ! ඔබම ජය ගන්නෙහුය. පරලොව) ස්ථීර වශයෙන් විශ්වාස නොකළ මොවුන් නියත වශයෙන්ම ඔබව (ඔබගේ විශ්වාසයෙන්) සසළ නොකෙරෙත්වා