٤.අපි කැමති වුවහොත් ඔවුන්ගේ ඛෙලි යටහත් පහත් වී පැමිණෙන ලෙසට (දඬුවම්) දිය හැකි සාධකයන් අහසින් ඔවුන් මත අපි පහළ කර ඇත්තෙමු
٥.රහ්මාන්ගේ සන්නිධානයෙන් අළුත් යම්කිසි හොඳ ඔවදනක් ඔවුන් වෙත පැමිණෙන සෑම විටම එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත
٦.(එබැවින් මෙයද) ඔවුන් නියත වශයෙන්ම බොරු කළහ. එහෙත් ඔවුන් කුමක් (බොරු ගොතා) සමච්චල් කරමින් සිටින්නෝද, එහි සත්‍යය ඉතාමත් ඉක්මනින් ඔවුන් වෙත පැමිණෙනු ඇත
٧.ඔවුන් භූමිය බැලූවේ නැද්ද? (එහි) සෑම වර්ගයකම (ප්‍රයෝජනවත් විය හැකි) උසස් කොපමණදෝ පැලෑටි, ගස් වැල් වර්ග ජෝඩු ජෝඩු වශයෙන්ම අපි වැවෙන්නට සලස්වා ඇත්තෙමු
١٠.(නබියේ!) ඔබගේ දෙවියන් මූසාව කැඳවා “ඔබ අපරාධකාර (ෆිර්අව්න්ගේ) ජනතාව වෙත යනු” යයි පැවසීම ගැන ඔබ අවධානය කර බලනු
١٣.(එසේ බොරුකාරයා කළහොත්) මගේ මනස බිඳී යනු ඇත. (ඒ අතර මට ගොතභාවය තිඛෙණ බැවින්) මගේ දිවෙන් (හොඳ හැටි) කතා කිරීමට නොහැක. එබැවින් (මා සමග) හාරූන්වද පැමිණෙන මෙන් (ඔහුට) ඔබ දැනුම් දෙනු මැනව
١٤.“තවද මා කෙරෙහි ඔවුන් අත එක් චෝදනාවක්ද ඇත. ඒ වෙනුවෙන් ඔවුන් මාව ඝාතනය කර දමනු ඇතැයිද මා බිය වන්නෙමි” යයි පැවසුවේය
١٥.එයට (දෙවියන්) මෙසේ පැවසීය: “එසේ නොව. (හාරූන්වද කැඳවාගෙන) ඔබ දෙදෙනාම මගේ සාධකයන් රැගෙන යනු. නියත වශයෙන්ම මා ඔබ සමග සිටිමින් (සියල්ල) සවන් දෙමින් සිටින්නෙමි”
١٦.“එබැවින් ඔබ දෙදෙනා ෆිර්අව්න් වෙත ගොස් ‘නියත වශයෙන්ම අපි ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කරන්නාගේ දූතයින් වන්නෙමු”
١٨.(එසේ ඔවුන් ෆිර්අව්න් වෙත ගොස් පැවසූ වහාම) මෙයට ඔහු (මූසාට) “අපි ඔබව ළදරුවෙකු වශයෙන් ගෙන, හදා වඩා ගත්තේ නැද්ද? ඔබ, (ඔබගේ තරුණ වියට පත් වන තුරු) වසර ගණනාවක් අප වෙත රැඳී සිටියේ නැද්ද?”
١٩.“ඔබ (කිරීමට නොසුදුසු) කාරණාවක් (ඝාතනයක්) කළෙහිය! (එයට සමාව දී තිබියදී) ඔබ කෙළෙහි ගුණ නොදන්නෙකු වශයෙන්ම සිටින්නෙහිය!” යයි කීවේය
٢١.“එබැවින් මා ඔබට බිය වී දිව ගියෙමි. එහෙත් මගේ දෙවියන් මා හට (ඥානයද), සාධාරණයද ලබා දී තමන්ගේ දූතයින්ගෙන් කෙනෙකු වශයෙන්ද මාව පත් කළේය”
٢٢.“(මගේ ගෝත්‍රිකයින් වන) ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව ඔබ වහලූන් වශයෙන් තබාගෙන සිටින තත්වයෙහි මෙය ඔබ කියා පෑමට යුතු කෘතඥභාවයක් වන්නේද?”යි විමසුවේය
٢٤.එයට (මූසා) “අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද, උත්පාදනය කර පෝෂණය කළ අයම (ලෝකවාසීන්ගේ උත්පාදකයාද, පෝෂණය කරන්නාද වන්නේය. මෙම සත්‍යය) ඔබ විශ්වාස කරන්නෙහුද?”යි විමසුවේය
٢٦.එයට ඔහු “ඔබගේ දෙවියන් (පමණක් නොව, ඔබට) පෙර ඉකුත්ව ගිය ඔබගේ මුතුන් මිත්තන්ගේ දෙවියන්ද (ඔහුය)” යයි කීවේය
٢٨.එයට (මූසා) “නැගෙනහිර රටද, බස්නාහිර රටද, මේ අතර ඇති දැයද (වශයෙන් ප්‍රකට රටවල්ද) උත්පාදනය කර පෝෂණය කරන්නා (ඔහුය). මෙය ඔබ වටහා ගත යුතු නොවේද?”යි පැවසුවේය
٢٩.එයට ඔහු “මා හැර (වෙන කිසිවක්) ඔබ දෙවියන් යයි ඇර ගතහොත් නියත වශයෙන්ම මා ඔබව සිර ගෙදරට යවන්නෙමි” යයි කීවේය
٣٣.තවද ඔහු තමන්ගේ අත (කමිස) සාක්කුව තුළට දමා එළියට ගත්තේය. (එවෙලේම බලන්නාගේ ඇස් හීන් වන තරමට දීප්තිමත් ආලෝකයෙන් බැබළෙන) සුදු වර්ණයෙන් දිස්වුණි
٣٤.(මෙය දුටු ෆිර්අව්න්) තමන් වටා සිටි ප්‍රධානීන්ට “නියත වශයෙන්ම මොහු ඉතාමත් හොඳින් දැනුවත් සූනියම්කරුවෙකු වශයෙන් සිටින්නේය”
٣٥.“මොහු තම සූනියම මගින් ඔබගේ රටින් ඔබව එළවා දමන්නට අදහස් කරන්නේය. එබැවින් මේ ගැන ඔබ කුමක් නම්, පවසන්නෙහුද?”යි විමසුවේය
٣٦.එයට ඔවුන් ඔහුටත්, ඔහුගේ සහෝදරයාටත් එක් නියමිත කාලයක් නියම කර කැඳවන්නන් (අණ ඛෙරකරුවන්) විවිධ නගරයන්ට යවනු
٣٨.(ඒ අන්දමට කැඳවන්නන් බොහොමයක් නගරයන්ට යවනු ලැබ), නියමිත දිනදී, නියමිත වේලාවට (නියමිත ස්ථානයෙහි), සූනියම්කරුවන් සියල්ල ඒකරාශී කරනු ලැබූහ
٤٠.“සූනියම්කරුවන් ජයග්‍රහණය කළහොත් (ඔවුන්ගේ ධර්මයම) අප අනුගමනය කරන්නටද ඉඩ ඇත” (යයිද ප්‍රචාරය කරන ලදී)
٤١.සූනියම්කරුවන් සියල්ල පැමිණි අවස්ථාවේදී ඔවුන් ෆිර්අව්න්ගෙන් “ඇත්තෙන්ම අපි ජයග්‍රහණය කළහොත් එයට සරිලන කුලියක් අපට ලැඛෙයිද?”යි විමසූහ
٤٢.එයට ඔහු “එසේය, ඇත. (කුලිය පමණක්ද?) ඒ අවස්ථාවේදී නියත වශයෙන්ම ඔබ (අපගේ රාජසභාවේ උසස් පදවීන්ද), අපට සමීප ප්‍රධානීන්ගෙන්ද අය බවට පත් වන්නෙහුය” යයි පැවසුවේය
٤٤.එබැවින් ඔවුන් තමන්ගේ සැරයටිද කඹද වීසි කර,”ෆිර්අව්න්ගේ ගෞරවය මත සත්තකින්ම! නියත වශයෙන්ම අපිම ජයග්‍රහණය කරන්නෙමු” යයි පැවසූහ
٤٥.පසුව මූසාද තම සැරයටිය වීසි කළේය. එය (විශාල නාගයෙක් බවට පත් වී) ඔවුන් කර තිබූ සුනියම් සියල්ල ගිල දැමීමට පටන් ගත්තේය
٤٩.එයට (ෆිර්අව්න්) “මා ඔබට අනුමැතිය ලබා දීමට පෙරම ඔබ ඔහුව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම ඔබට සූනියම් උගන්වා දුන් ඔබගේ ප්‍රධානියා ඔහුය. (මෙහි ඵලවිපාක) ඉතා ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය. ඔබගේ අත් පා මාරුවෙන් මාරුවට කපා ඔබ සියල්ලන්වම කුරුසයෙහි තබා ඇන ගසන්නෙමි” යයි කීවේය
٥٠.එයට ඔවුන් “(එමගින්) අපට කිසිම අඩුපාඩුවක් නැත. (මන්දයත්) නියත වශයෙන්ම අපි අපගේ දෙවියන් දෙසටම ආපසු යන්නෙමු” යයි පැවසූහ
٥١.(තවද) “නියත වශයෙන්ම (මූසාව) විශ්වාස කළ අයගෙන් අපි පළමුවැනි අය වශයෙන් සිටින බැවින් අපගේ දෙවියන් අපගේ වැරදිවලට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෙමු” (යයිද පැවසූහ)
٥٢.පසුව අපි මූසාට වහී දැන්වූවෙමු. “(ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන) මගේ වහලූන්ව කැඳවාගෙන, ඔබ රාත්‍රියේදීම පිටත් වී යනු. එහෙත් නියත වශයෙන්ම ඔවුන් ඔබව අනුගමනය කරමින් ලූහු බැඳ එනු ඇත”
٥٦.නමුත් “නියත වශයෙන්ම අපි ඉතාමත් විශාල සංඛ්‍යාවකි. (ඒ සමගම) ඉතාමත් ප්‍රවේසම් සහිත අයයි” (යයි පවසා, විවිධ නගරවාසීන්ව ඒකරාශී කරගෙන ඉස්රායීල පරම්පරාවේ දරුවන් පසුපස ලූහු බැඳ ගියහ)
٦١.මෙම සමූහයන් දෙක කෙනෙකුට කෙනෙකු දුටු අවස්ථාවේදී “නියත වශයෙන්ම අපි කොටු වුනෙමු” යයි මූසාගේ සහායයන් පැවසූහ
٦٢.එයට (මූසා) “එසේ නොව. නියත වශයෙන්ම මගේ දෙවියන් මා සමග සිටින්නේය. (අපි බේරෙන) මාර්ගය නියත වශයෙන්ම අපට දැනුම් දෙනු ඇත” යයි පැවසුවේය
٦٣.එබැවින් අපි මූසාට “ඔබ, ඔබගේ සැරයටියෙන් මෙම මුහුදට ගසනු” යයි වහී (මාර්ගයෙන්) දැනුම් දුන්නෙමු. (ඔහු එසේ ගැසූ වහාම) එය (විවිධ මාර්ගයන් බවට) පැලී දෙකඩ විය. සෑම පැල්මක්ම විශාල කඳු මෙන් දිස් විය
٦٧.නියත වශයෙන්ම මෙහි (මෙම සිද්ධියේදී) පාඩමක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කළේ නැත
٧٣.“නැතහොත් (ඒවා ඔබ ආරාධනා කිරීමෙන්) ඔබට යම්කිසි හොඳක් හෝ (ආරාධනා නොකළහොත්) නරකක් හෝ කරන්නෙහුද?”යි විමසුවේය
٧٤.(එයට ඔවුන්) “නැත. අපගේ මුතුන් මිත්තන් මේ අන්දමටම (ආරාධනා) කරමින් සිටිනු අපි දුටුවෙමු. (එබැවින් අපිත් ආරාධනා කරන්නෙමු)” යයි පවැසූහ
٨٤.“පසු කාලයේදීද (යුග අවසාන දින දක්වා සියල්ල) මා හට (අෙලෙහිස්සලාම් යයි පවසන) හොඳ නාමයද (කීර්තියද) ලබා දෙනු මැනව!”
٩٤.“(පසුව) ඒවාද (ඒවා නැමද) මාර්ගය වැරද ගිය අයද සියල්ලන්ම මුණින් අතට එහි (නිරයෙහි) තල්ලූ කරනු ලබන්නාහ”
١٠٢.“අපි (ලොවට) ආපසු හැරී යන්නට හැකි වුවහොත් නියත වශයෙන්ම අපි සත්‍ය විශ්වාසවන්තයින් බවට පත් වන්නෙමු” (යයි ප්‍රාර්ථනා කරනු ඇත)
١٠٩.(මේ වෙනුවෙන්) මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකයන් උත්පාදනය කර, බේරාගෙන ආරක්ෂා කරන්නා වෙතම ඇත්තේය”
١١١.එයට ඔවුන් “ඔබව අපි විශ්වාස කරන්නද! (අපට කුලී වැඩ කරන) දීනවූ අයම ඔබව අනුගමනය කරමින් සිටින්නාහ” යයි පැවසූහ
١١٢.එයට ඔහු “ඔවුන් කරමින් සිටින වැඩ ගැන මා කුමක් නිසා දැන ගත යුතුද? (එය විපරම් කර බැලීම මගේ කාර්යයක් නොව)”
١١٣.“(මේවා ගැන) ඔවුන් වෙත ගණනය කිරීම මගේ දෙවියන් කෙරෙහිම අනිවාර්යය යුතුකමක් වන්නේය. (මා කෙරෙහි නොව. මෙය) ඔබ දැන ගත යුතු නොවේද”
١١٦.එයට ඔවුන් “ඕ නූහ්! ඔබ (මෙයින්) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබට ගල් ගසා මරා දමනු ලබන්නෙහිය” යයි පැවසූහ
١١٨.“එබැවින් මටත්, ඔවුන්ටත් අතරේ ඔබ තීන්දුවක් දී මාවද, මා සමග වූ විශ්වාසය තැබූවන්වද බේරා ගනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය
١١٩.එබැවින් අපි ඔහුවද, (විශ්වාසය තබා) ඔහු සමග සිටි අයවද (අනිත් ජීව වස්තූන්ගෙන්) පිරි නැවෙහි (පටවා) බේරා ගත්තෙමු
١٢٧.“ඒ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලිය නම්, ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කරන්නා වෙත ඇත්තේය”
١٣٥.ඔහුට ඔබ වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම මා ඉමහත් වූ දිනක දඬුවම ඔබට පැමිණෙනු ඇතැයි බිය වන්නෙමි” යයි පැවසුවේය
١٣٩.ඔවුන් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් අපි ඔවුන්ව විනාශ කර දැමුවෙමු. නියත වශයෙන්ම මෙහි (හොඳ) සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත
١٤٢.ඔවුන්ගේ සහෝදර සාලිහ් (නබි) ඔවුන්ට ඔබ (පාපයන්) වළක්වා අල්ලාහ්ට බිය වී අවනත වී කටයුතු කළයුතු නොවේද? යයි පැවසුවේය
١٤٥.මේ වෙනුවෙන් මා ඔබගෙන් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකයන් උත්පාදනය කර, පෝෂණය කරන්නා වෙතම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත”
١٥٣.එයට ඔවුන් (සාලිහ් නබිට) “සූනියමට අයත් අයගෙන් ඔබත් කෙනෙකි (එබැවින් ඔබගේ මනස කැළඹී ගියේය)” යයි පැවසූහ
١٥٤.(“ඔබ අප වැනි මිනිසෙකු මිස වෙන කිසිවෙකු නොව. ඔබ ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, අපි කැමති වන අන්දමට) යම්කිසි සාධකයක් ගෙන එනු” යයි පැවසූහ
١٥٥.එයට ඔහු “(ඔබට සාධකයක් වශයෙන්) එක් ඔටු දෙනකු සිටින්නේය. (ඔබ වතුර බොන මෙම තොටුපළෙහි) එය එක් එක් නියමිත දිනකදී ඌ බීමටද, ඔබ බීමටද, නියම කරනු ලැබේ
١٥٦.තවද ඔබ යම්කිසි හානියක් කිරීමට ඌට ළං නොවනු. එසේ වුවහොත් දිනකදී දරුණු දඬුවම් ඔබව අල්ලා ගනු ඇත” යයි පැවසුවේය
١٥٧.(මෙසේ පවසා තිබියදී ඌ වතුර බීමට ගිය අවස්ථාවේදී) ඔවුන් උගේ (කකුලේ නහරයක්) කපා දැමූහ. (එබැවින් එම ඔටුවා මරණයට පත් වූ වහාම දඬුවම් පැමිණීමේ සළකුණු දුටු විට), ඔවුන් දුකෙහි ගැලී ගියහ
١٥٨.ඔවුන්ව දඬුවමද අල්ලා ගත්තේය. නියත වශයෙන්ම (ඔවුන්ට) මෙහි එක් සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේම නැත
١٦٤.“මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකවාසීන්ව පෝෂණය කරන දෙවියන් වෙතම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත”
١٦٦.ඔබගේ භාර්යයාවන්ගෙන් (ඔබ සුවය විඳීමට) ඔබගේ රබ්බු ඔබ වෙනුවෙන් උත්පාදනය කර ඇති දැය ඔබ අත්හැර දමන්නෙහුය. නැත! ඔබ සීමාව ඉක්මවූ සමූහයකි” (යයි පැවසුවේය)
١٦٧.එයට ඔවුන් “ඕ ලුත්! (මෙසේ පැවසීමෙන්) ඔබ ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබ (අපගේ රටින්) එළවා දමනු ලබන්නෙහිය” යයි පැවසූහ
١٦٩.“මගේ දෙවියනේ! මොවුන්ගේ (මෙම නපුරු) ක්‍රියාවෙන් මාවද, මගේ පවුලේ උදවියද බේරා ගනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය
١٧١.එහෙත් ඔහුගේ එක් මැහැල්ලියක් (භාර්යයාවක්) හැර, ඇය පසුපසින් රැඳී සිටියවුන් සමග නැවතී (විනාශ වී) ගියාය
١٧٣.ඔවුන් කෙරෙහි අපි (ගල්) වරුසාවක් වසින්නට සැලැස්සුවෙමු. බිය ගන්වා අනතුරු අඟවන ලද ඔවුන් (මත වසින්නට සැලැස්වූ ගල්) වරුසාව ඉතාමත් නපුරුය
١٨٠.“මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකවාසීන්ව පෝෂණය කරමින් සිටින දෙවියන් වෙතම මිස, (වෙන කිසිවෙකුත් වෙත) නැත”
١٨٦.“ඔබ අප වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. නියත වශයෙන්ම අපි ඔබ බොරුකාරයින්ගෙන් කෙනෙකු වශයෙන්ම අදහස් කරන්නෙමු”
١٨٧.“ඔබ ඇත්ත කියන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙහු නම් අහස කෑලිවලට කඩා එයින් එක් කැබැල්ලක් අප වෙත වීසි කරනු” යයි පැවසූහ
١٨٨.එයට ඔහු “ඔබ කරමින් සිටින (නපුරු) කාරණාව මගේ දෙවියන් හොඳින් දන්නේය. (මෙයට අයත් දඬුවම ඔබට අනිවාර්යයෙන් දෙනු ඇත)” යයි පැවසුවේය
١٨٩.(එහෙත්) පසුවත් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් (ඝන) අඳුරු දිනයෙහි දඬුවම ඔවුන්ව හසු කර ගත්තේය. නියත වශයෙන්ම එය නපුරු දිනයක දඬුවමක් වශයෙන්ම තිබුණි
١٩٨.(මොවුන් කැමති අන්දමට අරාබි නොවන) අජමි (වෙනත් ජනතාවන්ට අයත්) යම්කිසි කෙනෙකු කෙරෙහි (ඔහුගේ භාෂාවෙන්) මෙය පහළ කර
٢٠٠.මෙසේ (ඍනාත්මක මනසින් යුතුව ප්‍රතික්ෂේප කරන නපුරු ගති ගුණයෙන් යුතු) මෙය මෙම වැරදිකරුවන්ගේ හෘදයන්හි අපි ඇතුළු කර ඇත්තෙමු
٢٠٥.(නබියේ!) ඔබ අවධානය කළෙහිද? අපි මොවුන්ව (මොවුන් කැමති වන ආකාරයට) වසර ගණනාවක් සැප සම්පත් විඳින්නට අත්හැර දමා සිටියද
٢١٣.එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු ආරාධනා නොකරනු. (එසේ ආරාධනා කළහොත්) එනිසා ඔබ දඬුවම් කරනු ලබන්නෙහිය
٢١٩.(නැතහොත් අන් අය සමග එක්කාසු වී නළල බිම තබා) සුජූද් කර නැමදීමේ තත්වය වෙනස් වන විටද, ඔබව ඔහු බලන්නේය
٢٢٧.(එහෙත් ඔවුන්ගෙන්) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කර, (තමන්ගේ කාව්‍යයන්හි) අල්ලාහ්ව අධික වශයෙන් සිහි කොට, (අනුන්ගේ නින්දාවෙන්) අපරාධයන්ට ලක් වූ පසු පළි ගත්තෝද, ඔවුන් හැර, (අන් අය වැරදිකරුවන්ය. අනුන්ව නින්දා කර, වේදනා ගෙන දුන් මෙම) අපරාධ කළ අය, තමන් කොහේ ආපසු යා යුතුද යන්න ඉතාමත් ඉක්මනින් දැන ගන්නෙහුය