نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.(පින් පව් දෙක පැහැදිලිව) වෙන්කර දැනුම් දෙන මෙම ධර්මය තම වහලා (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කෙරෙහි පහළ කළ තැනැත්තා ඉතාමත් භාග්‍යවන්තයෙකි. මෙය ලෝකවාසී සියල්ලන්වම බිය ගන්වා අනතුරු අඟවන්නක් බවට ඇත්තේය
٢.මෙම ධර්මය පහළ කළ තැනැත්තා කෙබඳු අයදයත් අහස් හා භූමියෙහි පාලනය ඔහුටම අයත්ය! ඔහු කිසිවෙකුවත් (තමන්ගේ) දරුවන් වශයෙන් ඇර ගත්තේද නැත. ඔහුගේ පාලනයෙහි ඔහුට කිසි සහායයෙකුද නැත. ඔහුම සියල්ල උත්පාදනය කර, ඒවාට අයත් ස්වභාවයද සැලැස්වූ අයයි
٣.(මෙසේ තිබියදී සමානයන් තබා නමදින්නන්) ඔහු නොවන දැය දෙවිවරුන් වශයෙන් ඇර ගන්නාහ. ඒවා කිසිවක් උත්පාදනය කළේ නැත. (එහෙත්) ඒවාද කිසිම හොඳක් හෝ නරකක් හෝ කර ගැනීමට ශක්තියක් නැති දැයයි. තවද පණ දීමට හෝ මරණයට පත් කිරීමට හෝ පණ දී නැගිට්ටවීමට හෝ ශක්තියක් නැති දැය වශයෙන්ම ඇත්තේය
٤.ප්‍රතික්ෂේප කරන්නන් මෙසේ පවසන්නාහ: “(ශුද්ධ වූ කුර්ආනය වන) මෙය, බොරු ගොතා ඔහු මනක්කල්පිත කර ගත් දැයක් මිස, වෙන කිසිවක් නැත. මෙහි (මනක්කල්පිත කිරීමෙහි) වෙනත් ජනතාවන් ඔහුට උදව් කරන්නාහ”. (නමුත් සත්‍යය කුමක්දයත් මෙමගින්) ඔවුන්ම අපරාධයද, බොරුවද පවසන්නාහ
٦.(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “(එසේ නොව). අහස්හිද, භූමියෙහිද ඇති රහස් දන්නේ කවුරුන්ද, ඔහුම මෙය පහළ කළේය. (ඔබ පසුතැවිලි වී ඔහු දෙසට හැරුණහොත්) නියත වශයෙන්ම ඔහු (ඔබගේ මෙම වැරදි වලට) ඉතාමත් සමාව දෙන්නෙකු හා කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය”
٧.(නැවතත්) ඔවුන් මෙසේ පවසන්නාහ: “මෙම දූතයාට (කුමක් නම් සිදු වී ඇත්ද)? ඔහු (අප මෙන්ම) ආහාර අනුභව කරන්නේය. කඩ වීදියටද යන්නේය. (ඔහු දෙවියන්ගේ දූතයා වශයෙන් සිටින්නෙහි නම්), ඔහු වෙනුවෙන් මලායිකාවරයෙකු යවනු ලැබ, ඔහු, ඔහු සමග එක්කාසු වී බිය ගන්වා අනතුරු ඇඟවිය යුතු නොවේද
٨.“නැතහොත් ඔහුට නිධානයක් ලබා දිය යුතු නොවේද? නැතහොත් ඔහු ආහාරයට ගත යුතු (පලතුරු වර්ග ලබා දිය හැකි) උයන් වත්තක් ඔහුට තිබිය යුතු නොවේද?”යි මෙම අපරාධකරුවන් (විශ්වාසවන්ත-යින්ගෙන් විමසන අතර) “ඔබ සූනියම් කරන ලද මිනිසාවම අනුගමනය කරන්නෙහුය” යයිද පවසන්නාහ
١٠.නබියේ! ඔබගේ දෙවියන් වන ඔහු ඉතාමත් භාග්‍යවන්තයෙකි. ඔහු අදහස් කළහොත් (මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඉල්ලා සිටින මාලිගාවන් කිමෙක්ද?) මීටත් වඩා උසස් ස්වර්ගයන් ඔබට ලබා දිය හැකි අයෙකි. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින් ඇත්තේය. (ඒවායෙහි) ඔබට බොහෝ මාලිගාවන්ද සලස්වා තබනු ඇත
١٧.ඔවුන්වද, අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි (අල්ලාහ් නොවන) දෙවිවරුන්වද, (විනිශ්චය සඳහා) ඒකරාශී කරන දිනදී (එම දෙවිවරුන්ගෙන්) “මගේ මෙම වහලූන්ව ඔබ මාර්ගය වැරද යාමට සැලැස්සූවෙහුද? නැතහොත් ඔවුන් තමන් විසින්ම මාර්ගය වැරද ගියෙහුද?”යි (දෙවියන්) විමසනු ඇත
١٨.එයට ඒවා (දෙවියන්ට) “ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔබව හැර (අන් කිසිවක්) අපි, අපට ආරක්ෂකයෙකු වශයෙන් ගැනීම අපට සුදුසු නැත. එහෙත් ඔබම ඔවුන්ටද, ඔවුන්ගේ මුතුන් මිත්තන්ටද සැප සම්පත් දුන්නෙහිය. ඔවුන් (ඔබව) සිහි කිරීම අමතක කර දමා (තමන් විසින්ම පාපයන් කර) විනාශ වී යන මිනිසුන් බවට පත් වූහ” යයි පවසනු ඇත
١٩.(එබැවින් එම ප්‍රතික්ෂේප කරන්නන්ට “ඔබව මාර්ගය වැරද යාමට සැලැස්සුවේ මොවුන්ම යයි) ඔබ පැවසූ දැය මේවා බොරු බවට පත් කළේය. එබැවින් (අපගේ දඬුවම) වළක්වා දැමීමට හෝ (මේවායෙන්) උදව් උපකාර ලබා ගැනීමට හෝ ඔබට නොහැකිය. එබැවින් ඔබගෙන් කවුරුන් අපරාධ කරමින් සිටියේද, ඔහු ඉමහත් වූ දඬුවම විඳීමට නියත වශයෙන්ම අපි සලස්වන්නෙමු” (යයි පවසන්නෙමු)
٢٠.(නබියේ!) ඔබට පෙර අපි යැවූ අපගේ දූතයින් සියල්ල නියත වශයෙන්ම (ඔබ මෙන්) ආහාර අනුභව කරන්නන් වශයෙන්ද, කඩ මණ්ඩියෙහි සැරිසරන්නන් වශයෙන්ද සිටියහ. එහෙත් ඔබගෙන් සමහරෙක් අනිත් අයට පිරික්සුමක් බවට පත් කළෙමු. එබැවින් (විශ්වාසවන්තයිනි! මෙම ප්‍රතික්ෂේප කරන්නන් වේදනා කිරීම) ඔබත් විඳ දරාගෙන සිටින්නෙහුද? (නබියේ!) ඔබගේ දෙවියන් (සියල්ල) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය
٢١.(පරලොවදී) අපව හමු වීම කවුරුන් විශ්වාස නොකළෝද, ඔවුන් “අප කෙරෙහි (කෙළින්ම) මලායිකාවරුන් පහළ කළ යුතු නොවේද? නැතහොත් (අපගේ ඇස්වලින්) අපි, අපගේ දෙවියන්ව බැලිය යුතු නොවේද?”යි පවසන්නාහ. මොවුන් තමන්ව ඉතාමත් විශාලවන්තව අදහස් කර ගනිමින් සීමාව ඉක්මවා (යන්න) ගියහ
٣٢.(නබියේ! ඔබව) ප්‍රතික්ෂේප කරන මොවුන් “මෙම කුර්ආනය සම්පූර්ණයෙන්ම ඔහු කෙරෙහි එක වර පහළ කළ යුතු නොවේද?”යි විමසන්නාහ. මෙසේ අපි ටිකෙන් ටික පහළ කර, (මෙය පිළිවෙලකට සිටින සේ නියම ආකාරයකට) සැලැස්වූවේ, ඔබගේ හෘදය ශක්තිමත් කිරීමටයි
٤٠.නියත වශයෙන්ම (මක්කාවෙහි සිටි කාෆිර්වරුන්) නපුරු ගල් වැසි පහළ වූ ගම අසළින් (විටින් විට) පසු කර යමින් සිටින්නාහ. එය මොවුන් බැලූවේ නැද්ද? ඇත්තෙන්ම මොවුන් (පරලොවදී) පණ දී නැගිට්ටවීම විශ්වාස කළේම නැත
٤٢.(තවද) “අපි ස්ථීරව නොසිටියෙමු නම්, අපගේ දෙවිවරුන්ගෙන් අපව හරවා මාර්ගය වැරද යවන්නට ඉඩ තිබුණි” (යයිද පවසන්නාහ. විනිශ්චය දිනදී) ඔවුන් දඬුවම දෑසින් දකින විට, මාර්ගය වැරද ගියවුන් කවුරුන්දැයි යන්න හොඳින් දැන ගන්නාහ
٤٤.ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ඔබගේ වදන් කණින්) අසන්නාහ යයි හෝ නැතහොත් එය සිතන්නාහ යයි හෝ ඔබ අදහස් කළෙහිද? ඔවුන් සතුන් මෙන් අය වන්නාහ මිස, වෙන කිසිවක් නැත. තවද (සතුන්ටත් වඩා) ඉතාමත් මාර්ගය වැරද ගිය අය වශයෙන්ද සිටින්නාහ
٤٥.(නබියේ!) ඔබගේ දෙවියන් සෙවණැල්ල කෙසේ (අඩු කරන්නේද), වැඩි කරන්නේද යන්න ඔබ අවධානය කළේ නැද්ද? ඔහු අදහස් කර තිබුණේ නම්, එය ස්ථීරව තිබීමට සැලැස්විය හැකිය. සූර්යයාව, චන්ද්‍රයා ඉදිරියෙන් අපිම පත් කළෙමු
٥٠.ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස (මෙම කාරණාව බොහෝ වාර ගණනක්) ඔවුන්ට විටින් විට ගෙනහැර දැක්වූවෙමු. එහෙත් ඔවුන් (ඒවා) ප්‍රතික්ෂේප කර දැමූහ. (මන්දයත්) මිනිසුන්ගෙන් බොහොමයක් ඉතාමත් ගුණමකු අය වශයෙන්ම සිටින්නාහ
٥٤.ඔහුම එක් ජල (බිඳකින්) මිනිසාව නිර්මාණය කරන්නේය. පසුව එයට ලේ සම්බන්ධ ඥාතීන්ද, විවාහ සම්බන්ධයෙන් වූ ඥාතීන්ද ඇති කරන්නේය. (නබියේ!) ඔබගේ දෙවියන් (තමන් කැමති ආකාරයන් සියල්ල කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය
٥٥.මෙසේ තිබියදී (පිළිරූ ආරාධනාවන් කරන) ඔවුන් නම්, තමන්ට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කරන්නට ශක්තියක් නැති අල්ලාහ් නොවන දැය නමදින්නාහ. මෙම ප්‍රතික්ෂේප කරන්නන් තමන්ගේ දෙවියන්ටම සතුරන් වශයෙන් සිටින්නාහ
٥٨.මරණයෙන් තොර සදා අමරණීය ජීවය (වන අල්ලාහ් එක්) කෙනෙකුවම ඔබ විශ්වාස කරනු. ඔහුගේ ප්‍රශංසාව පවසා, ඔහුව සුවි ශුද්ධ කරමින් සිටිනු. තම වහලූන් (කළ) පාපයන්(ගේ තරාතිරම් ගැන) ඔහු හොඳින් දැන සිටීම ප්‍රමාණවත්ව ඇත්තේය
٦٠.(එබැවින්) “එම රහ්මාන්ව හිස බිම තබා නමදිනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් “රහ්මාන් කවරෙක්ද? ඔබ පවසන සියල්ලට අපගේ හිස නමා නමදින්නද?”යි විමසන්නාහ. තවද එය (එසේ පැවසීම) ඔවුන්ට පිළිකුලම වැඩි කරන්නේය
٦٣.රහ්මාන්ගේ (ස්තූතියෙන් පිරි) වහලූන් (කවුරුන්දයත්) භූමියෙහි (ඉතාමත් විනීතවද), යටත් පහත්වද කටයුතු කරන්නාහ. මෝඩයින් ඔවුන් සමග තර්ක කිරීමට ඉදිරිපත් වුවහොත් ‘සලාමුන්’ යයි කියා (ඔවුන්ගෙන් ඈත් වී) යන්නාහ
٦٨.තවද ඔවුන් අල්ලාහ් සමග වෙනත් කිසිවෙකුත් දෙවියන් යයි ආරාධනා නොකරනු ඇත. අල්ලාහ් (ඝාතනය නොකළ යුතුය යයි) තහනම් කර ඇති කිසිම මිනිසෙකුව ඔවුන් අසාධාරණයේ මරා දමන්නේද නැත. අපචාරයේද නොහැසිරෙනු ඇත. එබැවින් කවුරුන් හෝ මේවා කිරීමට ඉදිරිපත් වුවහොත් ඔහුට (එම පාපයට අයත්) දඬුවම අත් කර ගැනීමට සිදු වනු ඇත
٧٠.එහෙත් (ඔවුන්ගෙන්) කවුරුන් පාපයන්ගෙන් ඈත් වී (සමාව ඉල්ලා සිටිමින්) විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, එවැන්නන්ගේ පාපයන් අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය
٧٢.තවද ඔවුන් බොරු සාක්ෂි නොපවසන්නාහ. (පුහු කාරණාවන් සිදු වන ස්ථානයන්ට නොයන්නාහ). කිසි විටෙක පුහු ක්‍රියාවන් (සිදු වන) ස්ථානයන් දෙසට ගියා වුවද, (එවායෙහි සම්බන්ධ වන්නේ නැති අතර) ගෞරවණීය අන්දමට (එය පසුකර) යනු ඇත
٧٤.තවද ඔවුන් “අපගේ දෙවියනේ! අපගේ භාර්යයාවන්වද, අපගේ දරුවන්වද, අපට ඇස් පිනා යාමට ලබා දෙනු මැනව! තවද පරිශුද්ධවන්තයින්ට මාර්ගෝපදේශ-කයින් වශයෙන්ද අපව ඔබ පත් කරනු මැනව!” යයි ප්‍රාර්ථනා කරමින් සිටින්නාහ
٧٧.(නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ මගේ දෙවියන්ව ආරාධනා කර ප්‍රාර්ථනා නොකරන්නේ නම්, (ඒ වෙනුවෙන්) ඔහු ඔබව ගණනයට ගන්නේ නැත. මන්දයත් ඔබ (ඔහුගේ ආයාවන්) නියත වශයෙන්ම බොරු කරමින්ම සිටියෙහුය. එහි දඬුවම ඔබව අනිවාර්යයෙන්ම හසු කර ගන්නේය”