نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.මිනිසුන්ට ඔවුන්ගේ ප්‍රශ්න ගණනය කිරීමේ (දිනය) ළඟා වෙමින්ම ඇත්තේය. එහෙත් ඔවුන් නම්, එය ප්‍රතික්ෂේප කර, කිසි දුකක් නැති අය වශයෙන්ම සිටින්නාහ
٣.ඔවුන්ගේ හෘදයන් (සත්‍යය) සිතන්නේම නැත. තවද මෙවැනි අපරාධකාරයින් (අපගේ දූතයා ගැන) “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිමෙක්ද? ඔබ බලා සිටියදීම (ඔහුගේ) සූනියමෙහි (පැටළෙන්නට) පැමිණෙන්නෙහුද?”යි තමන් තුළ රහසින් කතා කර ගන්නාහ
٤.“අහස්හි හෝ භූමියෙහි හෝ (රහසින්ද, ප්‍රසිද්ධියේද ඇති) සියලූ වදන් මගේ දෙවියන් හොඳින් දන්නේය යයි (ගෙනහැර දක්වන මෙන් නබිවරයා වෙත) ඔහු කීවේය. (මන්දයත්) ඔහු (සියල්ල) සවන් දෙන්නෙකු වශයෙන් හා හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය
٥.(අපගේ ආයාවන් ගැන) “මේවා විසිරී ඇති සිතුවිලි නොවෙද! ඔහුම මේවා බොරුවට මනක්කල්පිත කර ගත්තේය. ඔහු කිවිඳියෙකි. (තම කවි නිර්මාණය කිරීමේ ශක්තියෙන් නිර්මාණය කළ වදන්ය මේවා” යයි පවසන අතර) “පෙර කාලයේදී පැමිණි දූතයින් (ගෙන ආ දැය) මෙන්, මොහුද (අපි කැමති අන්දමට) එක් සාධකයක් අප වෙත ගෙන ආ යුතුය” යයිද පවසන්නාහ
٧.(නබියේ!) ඔබට පෙරත් (ඔබ වැනි) පිරිමින්ම මිස අපි, අපගේ දූතයින් වශයෙන් යැව්වේ නැත. (ඔබට දැනුම් දෙන අන්දමටම අපගේ නියෝගයන්) ඔවුන්ට වහී (මගින්) දැනුම් දුන්නෙමු. එබැවින් (මොවුන්ට ඔබ මෙසේ පවසනු: “මෙය) ඔබ නොදන්නේ නම්, පෙර තිඛෙණ ධර්මය හිමි අයගෙන්වත් විමසා දැන ගනු”
١٩.අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුට අයත් දැයයි! ඔහුගේ සන්නිධානයෙහි සිටිය හැකි (මලායිකාවරුන් වුවද කම් නැත, ඔවුන්ද ඔහුගේ වහලූන්ය!) ඔවුන් ඔහුව නොනැමද ආඩම්බර බස් ෙදාඩන්නට හෝ කම්මැලි හෝ නොවන්නාහ
٢٢.අහස්හිද, භූමියෙහිද අල්ලාහ් හැර, වෙනත් දෙවිවරුන් සිටියෙහු නම්, ඒ දෙකම (භේද බින්න වී) විනාශ වී යන්නට ඉඩ තිබුණි. අර්ෂ්හි අධිපති වන අල්ලාහ්, ඔවුන් වර්ණනා කරන (මෙවැනි) ගතිගුණයන්ගෙන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි
٢٣.ඔහු කරන දැය ගැන (ඇයි කළේ? කුමක් නිසා කළෙහිදැයි?) කිසිවෙකුටත් ඔහුගෙන් ප්‍රශ්න කළ නොහැකිය. (එතරම් නිදහස්, නිවහල්, බලසම්පන්නයෙකි). එහෙත් ඔහු නම්, සියල්ලන්වම (ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන) ප්‍රශ්න කළ හැක්කෙකි
٢٤.(නබියේ!) මොවුන් අල්ලාහ් නොවන දැය දෙවිවරුන් වශයෙන් ගෙන ඇත්තෙහුද? (එසේ නම්, ඔවුන්ට) “මා සමග සිටින්නන්ගෙන් ධර්මයද, මට පෙර සිටියවුන්ගේ ධර්මයන්ද (එනම් කුර්ආන්, ඉන්ජීල්, තව්රාත්) මෙන්න මේ ඇත්තේය. (අල්ලාහ් නොවන දැය නැමදීමට) ඔබගේ සාක්ෂීන් ඔබ ගෙන එනු” යයි කියනු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සත්‍යය නොදැන ප්‍රතිෂේප කරන්නාහ
٢٦.(එසේ තිබියදී) මොවුන් රහ්මාන් (මලායිකාවරුන්ව තමන්ට ගැහැනු) දරුවන් වශයෙන් ඇර ගත්තේය යයි පවසන්නාහ. ඔහු නම්, ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. (මලායිකාවරුන් ඔහුගේ දරුවන්) නොව; (ඔවුන් ඔහුගේ) ගෞරවණීය වහලූන්ය
٣٠.ආරම්භයේදී එකට එක්කාසු වී තිබුණු අහස්ද, භූමියද අපිම වෙන්කර තැබුවෙමු යන්නද, පණ ඇති සෑම දැයක්ම ජලයෙන් උත්පාදනය කළෙමු යන්නද, මෙම ප්‍රතික්ෂේප කරන්නන් අවධානය කළ යුතු නොවේද? (මෙය) ඔවුන් විශ්වාස නොකරන්නෙහුද
٣٦.(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් ඔබව දුටුවහොත් “ඔබගේ දෙවිවරුන්ගේ අඩුපාඩුකම් පවසන්නා මොහුද?”යි ඔබව (ගෙනහැර දක්වා තමන් තුළ ඔබ ගැන) සමච්චල් නොකර සිටින්නේ නැත. තවද ඔවුන් නම්, රහ්මාන් (දෙවියන්)ගේ නාමය පැවසීමද පිළිකුල් කරන්නාහ
٤٢.(නබියේ! මොවුන්ට) “රාත්‍රියෙහි හෝ දහවලෙහි හෝ පැමිණිය හැකි රහ්මාන්ගේ දඬුවමෙන් ඔබව බේරා ගන්නේ කවරෙක්ද?”යි ඔබ විමසනු. එහෙත් මොවුන් නම්, තමන්ගේ දෙවියන්ව සිහි කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර දැමූහ
٤٣.මොවුන්ව (අපගේ දඬුවමෙන්) වැළැක්වීමට (ශක්තියක් ඇති) දෙවිවරුන්, අපව හැර (වෙන කිසිවෙකුත්) ඇත්තේද? ඔවුන් (මොවුන්ට උදව් කිරිම කෙසේ වෙතත්), තමන්ට තමන්ම උදව් කර ගන්නට හෝ ශක්තියක් නැති දැයයි. එබැවින් අපට විරුද්ධව ඔවුන්ට උදව් කිරීමට හෝ නොහැක
٤٤.මොවුන්වද, මොවුන්ගේ මුතුන් මිත්තන්වද (දීර්ඝ කාලයක් දක්වා) සුවය විඳීමට සැලැස්සුවෙමු. එබැවින් මොවුන්ගේ ආයුෂ කාලයද වැඩි විය. (එබැවින් මොවුන් උඞ `ගු වූවෙහුද?) නියත වශයෙන්ම අපි මොවුන් වටා ඇති භූමිය (ක්‍රම ක්‍රමයෙන්) අඩු කර, (මොවුන්ව සිර කර)ගෙනම පැමිණීම, මොවුන් දුටුවේ නැද්ද? මොවුන් අපගෙන් ජයග්‍රහණය කරන්නෙහුද
٤٥.(නබියේ! ඔවුන්ට “දඬුවම මගින්) මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නේ වහී මගින් මා හට දැනුම් දුන් දැයයි! (මා ස්වයංව කිසිවක් කීවේ නැත)” යයි ඔබ පවසනු. (මොවුන් නම් බිහිරන් මෙන් සිටින්නාහ. එබැවින්) මෙම බිහිරන්ට බිය ගන්වා අනතුරු ඇඟවූවද, එය ඔවුන් (සවන්) නොදෙන්නාහ
٤٧.විනිශ්චය දිනදී නිවැරදි තරාදියක්ම අපි සිටුවන්නෙමු. කිසිම ආත්මයකට (යම්කිසිවක් අඩු කර හෝ වැඩි කර හෝ) අපරාධයක් කරනු නොලැබේ. (පින්, පව්) එක් අබ ඇටයක ප්‍රමාණයක් තිබුණා වුවද, එයද (කිරා බැලීමට) ගෙන එන්නෙමු. ගණනය කිරීමට අපිම ප්‍රමාණවත්ය. (වෙන කිසිවෙකුගේ උදව්වක් අපට අවශ්‍ය නැත)
٥٨.(ඒ අන්දමටම ඔවුන් ගිය පසු) ඒවායෙන් විශාල පිළිරුව හැර, (අනිත්) සියල්ල කෑලි කෑලි වලට කඩා බිඳ දැමුවේය. ඔවුන් (ආපසු පැමිණි පසු මේ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා) විශාල පිළිරුව වෙත යනු ඇත (යයි එය පමණක් කඩා දැමුවේ නැත)
٦٥.පසුව (ලැජ්ජාවට පත්ව ටික වෙලාවක්) හිස පහතට හෙළා සිටිමින් (ඉබ්රාහීම්ට) “මේවා කතා නොකරන්නේය යන්න නියත වශයෙන්ම ඔබ දන්නෙහිය! (එසේ තිබියදී මේවායෙන් විමසන මෙන් අප වෙත කෙසේ නම් පවසන්නෙහිද?)”යි පැවසූහ
٧٣.තවද අපගේ නියෝගයන් (ජනතාවට) ලබා දී, ඍජු මාර්ගය දැනුම් දිය හැකි ප්‍රධානීන් බවටද මොවුන්ව පත් කළෙමු. තවද දැහැමි කාරණාවන් කරන මෙන්ද, සලාතය නොකඩවා සලාත් කරන මෙන්ද, සකාත් ගෙවමින් සිටින මෙන්ද, මොවුන්ට වහී මගින් අපි දැනුම් දුන්නෙමු. මොවුන් සියල්ලන්ම අපවම නමදිමින් සිටියහ
٧٤.ලුත්වද (නබිවරයෙකු බවට පත් කර) ඔහුට ඥානයද, අධ්‍යාපනයද ලබා දී, නපුරු කාරණාවන් කරමින් සිටි රටින්ද අපි ඔහුව බේරා ගත්තෙමු. නියත වශයෙන්ම එම රටවැසියන් (මිනිසුන්ගෙන්) ඉතාමත් නපුරු ජනතාවක් වශයෙන්ද, ඉමහත් පාපතරයන් වශයෙන්ද සිටියහ
٧٩.විනිශ්චය කිරීමෙහි (දාවුද්ටද, ඔහුගේ පුත් සුලෙයිමාන්ටද අතරේ මත භේද ඇති වූ අවස්ථාවෙදී), අපි සුලෙයිමාන්ට එහි සාධාරණය පැහැදිලි කර දුන්නෙමු. මොවුන් දෙදෙනාටම (තීන්දු දීමේ) දැනුමද, ඥානයද අපි ලබා දී තිබුනෙමු. කඳුද, පක්ෂීන්ද, දාවුද්ට වසඟ කර දුන්නෙමු. ඒවා ඔහු සමග සුවිශුද්ධ කර ගායනා කළහ. අපිම (මේ සියල්ල) කළෙමු
٨٢.මුහුදෙහි කිමිදී (මුතු, පබළු වැනි දැය ගෙන) ආ හැකි ෂෙයිතාන්වරුන්ව (අපි ඔහුට වසඟ කර දී තිබුනෙමු). මේ හැර, (ඔහුට අවශ්‍යය වූ) බොහොමයක් වැඩ කටයුතුද ඒවා කරමින් සිටියහ. අපිම ඒවා අවධානය කර බලමින් සිටියෙමු
٨٣.අයියූබ්වද, (අපි අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු තම දෙවියන්ට “නියත වශයෙන්ම අසනීපයක් මාව පීඩා කරමින් ඇත්තේය. (එය පහ කර හරිනු මැනව!). ඔබ නම්, දයාබරවන්තයින්ගෙන් ඉමහත් දයාබරවන්තයෙකි” යයි ප්‍රාර්ථනා කළ අවස්ථාවේදී
٨٤.අපි ඔහුගේ ප්‍රාර්ථනාව බාරගෙන, පීඩා කරමින් තිබූ අසනීපයද පහ කර, ඔහුගේ පවුලද අපි ඔහුට ලබා දී අපගේ දයාවෙන් නැවතත් ඒ වගේම සංඛ්‍යාවක් (ඔහුට පවුලක් වශයෙන්) ලබා දුන්නෙමු. මෙය (අපව) නමදින්නන්ටද (අප වෙත ප්‍රාර්ථනා කරන්නන්ටද) හොඳ වැටහීමක් ලබා දෙන්නක් බවට ඇත්තේය
٨٧.(යූනුස් නබි වන) දුන්නූන්වද (අපගේ දූතයෙකු බවට පත් කළෙමු. තම ජනතාවගෙන් ඈත් වී) ඔහු කෝපයෙන් යුතුව පිටමං වූ අවස්ථාවේදී, (අපි ඔහුව අල්ලා ගැනීමට) ඔහු කෙරෙහි අපට ශක්තියක් නැතැයි සිතා ගත්තේය. (එබැවින් ඔහුව මාළුවෙකු ගිල ගැනීමට සැලැස්සුවෙමු. මාළුවාගේ කුසේ) අන්ධකාරයේ සිටි ඔහු (අපට) “ඔබ හැර නැමදුමට යුතු හිමියෙකු වෙන කිසිවෙකුත් නැත. ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. නියත වශයෙන්ම මා නම්, අපරාධකරුවන්ගෙන් කෙනෙකු බවට පත් වුනෙමි. (මා හට සමාව දී දයාව පහළ කරනු මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය
٨٩.සැකරියියාවද, (දූතයෙකු වශයෙන් යැව්වෙමු). ඔහු තම දෙවියන්ට “මගේ දෙවියනේ! ඔබ මාව (දරුවන්ගෙන් තොර) තනිකඩයෙකු බවට පත් නොකරනු! ඔබ නම් උරුමක්කාරයින්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි” යයි ප්‍රාර්ථනා කළ අවස්ථාවේදී
٩٠.අපි ඔහුගේ ප්‍රාර්ථනාව බාරගෙන, (වඳභාවයෙහි සිටි) ඔහුගේ භාර්යයාව (ගැබ් ගැනීමට) සුදුස්සියක් බවට පත් කර, යහ්යාව ඔහුට (දරුවෙකු වශයෙන්) ලබා දුන්නෙමු. නියත වශයෙන්ම මොවුන් සියල්ලන්ම දැහැමි කාරණාවන් කිරීමෙහි කෙනෙකුට කෙනෙකු ඉදිරියෙන් සිටියහ. (අපගේ දයාවට) කැමැත්තෙන්ද (දඬුවමට) බියෙන්ද අප වෙත ප්‍රාර්ථනා කරමින් සිටියහ. මොවුන් සියල්ලන්ම අප වෙත මනස තුළින් බිය බැතිමත්වද සිටියහ
٩١.තමන්ගේ පතිවත ආරක්ෂා කර ගත් (මර්යම් නමැත්)තියවද (ඔබ මතක් කර දෙනු. අපගේ දූතයා වන ජිබ්රීල් මගින්) එහි (ඇයගේ ගර්භයෙහි) අපගේ ප්‍රාණයන්ගෙන් (එක් ප්‍රාණයක්) අපි පිම්ඹෙමු. ඇයවද ඇගේ පුතණුවන්වද ලෝකවාසීන්ට එක් සාධකයක් බවටද පත් කළෙමු
٩٢.(විශ්වාසවන්තයිනි!) ඔබ සියල්ලන්ම (එකම ධර්මයක් අනුගමනය කරන) එකම (උම්මත් - සහෝදරත්වයෙන් යුත්) සමූහයකට අයත් අයයි. (මෙහි කිසිම භේදයක් නැත). ඔබ සියල්ලන්ටම දෙවියන් මා එක්කෙනෙකි! එබැවින් මාවම ඔබ නමදිනු
٩٧.(යුග අවසානය ගැන වූ) සත්‍ය පොරොන්දුව ළඟා විය. (එය පැමිණෙන විට, එය දකින) ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇස් ඇරුණු ඇරුණු ආකාරයටම තිඛෙණු ඇත. (තවද ඔවුන්) ‘අපට විනාශයයි! නියත වශයෙන්ම අපි මේ ගැන කණගාටු නොවන අය වශයෙන්ම හිඳිමින්, අපට අපිම හානියක් කර ගත්තෙමු!” (යයි විළාප නගන්නාහ)
١٠٤.ලියන ලද ලිපිය හකුළන්නාක් මෙන් අහස හකුළන දිනදී පළමුවැනි වරට අපි ඔවුන්ව උත්පාදනය කළ ආකාරයටම (එදිනදී) අපි (ඔවුන්ට පණ දී) ඔවුන්ව පුනරුත්ථානය කරන්නෙමු. එය අප කෙරෙහි අනිවාර්යයෙන් කළ යුතු පොරොන්දුවක් වන්නේය. නියත වශයෙන්ම අපි (එය) අනිවාර්යයෙන්ම කරන්නෙමු
١٠٩.“තවද ඔබ ප්‍රතික්ෂේප කළා වුවද, මා (මගේ දූත මෙහෙවර) ඔබ සියල්ලන්ටම සමාන වන සේ ගෙනහැර දැක්වූවෙමි. ඔබට බිය ගන්වනු ලබන දඬුවම (අනිවාය්‍යයෙන්ම පැමිණෙන්නේය. එහෙත් එය) සමීපයෙහි ඇත්තේද, දුරින් ඇත්තේද යන්න මා නොදන්නෙමි” යයි පවසනු මැනව
١١٢.(තවද) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියනේ! (මටත් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ටත් අතරේ) ඔබ සාධාරණ තීන්දුවක් ලබා දෙනු මැනව!” ‘අපේ දෙවියන්ම ඉමහත් දයාබරවන්තයෙකි. ඔබගේ (බොරු) කියමන්වලට විරුද්ධව ඔහු වෙතම උදව් උපකාර ඉල්ලා සිටින්නෙමු”