نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.තා. හා
١٠.(ඔහු තම පවුලේ උදවිය සමග ගිය අවස්ථාවේදී, තමන් යා යුතු මාර්ගය නොදැනුවත්ව සිටියදී තූර් නමැති කන්ද මත) ඔහු ගින්නක් දුටු විට, තම පවුලේ උදවියට “ඔබ (මෙහි පොඩියක්) නතර වී සිටිනු. ඇත්තෙන්ම මා ගින්දර දකින්නෙමි. එයින් එක් ගිනි පෙණෙල්ලක් හෝ ගෙන, ඔබ වෙත එන්නෙමි. නැතහොත් ගින්නෙහි (එළිය) මගින් (අපි යා යුතු) මාර්ගය දැන ගන්නෙමි” යයි කීවේය
٣٩.“(ඔබගේ වාර්ගිකයින්ගෙන් පිරිමි දරුවන්ව ෆිර්අව්න් වද දී මරා දැමුවේය. එබැවින් ඔබ ගැන ඔබගේ මව දුක් වෙමින් සිටියාය. එබැවින් කුඩා ළදරුවෙකු වූ ඔබව) ‘පෙට්ටියක බහා (නයිල්) නදියෙහි වීසි කර දමනු. එම නදිය වෙරළට සේන්දු කරනු ඇත. මටත් ඇයටත් සතුරා වශයෙන් සිටින්නාම එය ඇරගනු ඇත’ යයිද (ඔබගේ මවට දැනුම් දුන්නෙමු). ඔබ මගේ බැල්මෙහි පෝෂණය වීම සඳහාම, ඔබ කෙරෙහි මගේ කරුණාව දයාව පහළ කර, (ඔබව දුටුවන් කැමති වන බවට පත්) කළෙමු”
٤٠.“ඔබගේ සහෝදරිය (නදියේ පාවෙමින් ගිය ඔබ සමග වෙරළ දිගේ) පයින් ගොස් (ඔබව ඇරගත් අය වෙත) ‘මෙම දරුවාට (කිරි දෙන) වග කීම බාර ගත හැකි (කිරි) මවකු මා ඔබට දැනුම් දෙන්නද?’යි පවසන ලෙසට සලස්වා, (ඔබගේ) මව දුක් නොවී ඇයගේ ඇස් පිනා යාම පිණිස ඔබගේ මව වෙතම ඔබව ගෙනැවිත් (සේන්දු) කළෙමු. (මින්) පසුව ඔබ මිනිසෙකුව ඝාතනය කර දැමුවෙහිය. (ඒ සඳහා) ඔබ මැරූ දුකෙන් ඔබව බේරාගෙන, ඔබව විවිධ ආකාරයෙන් පිරික්සුමට ලක් කළෙමු. මදියන්වාසීන් වෙතද ඔබ අවුරුදු ගණනාවක් රැඳී සිටියෙහිය. ඕ මූසා! (මින්) පසුවම ඔබ (අපගේ දූතයා වන) සුදුසු තත්වයකට පත් වූවෙහිය”
٤٧.“එබැවින් ඔබ දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු: ‘අපි ඔබගේ දෙවියන්ගේ දූතයින්. ඉස්රායීල් පරම්පරාවේ දරුවන්ව අප සමග යවනු. ඔවුන්ට වේදනා නොකරනු. ඇත්තෙන්ම අපි ඔබ දෙවියන්ගේ සාධකයන් ඔබ වෙත ගෙනැවිත් ඇත්තෙමු. ඍජු මාර්ගය අනුගමනය කරන්නන් කෙරෙහි ශාන්තිය අත් වනු ඇත”
٥٣.“ඔහුම භූමිය ඔබට වාසස්ථානයක් වශයෙන් නිර්මාණය කර, (ඔබට යා හැකි) මාර්ගයද එහි නිර්මාණය කර, වලාකුළෙන් වර්ෂාවද වසින්නට සලස්වන්නේය” (යයි පිළිතුරු දුන්හ. තවද දෙවියන් පැවසුවේය යයි මෙසේ පැවසූහ: “මා පහළ කර තබන එකම ආකාරයේ වර්ෂා) ජලය මගින් (ගුණයෙන්ද, රසයෙන්ද) විවිධ වර්ගයේ ගස් වැල් (පිරිමි, ගැහැණු) ජෝඩු ජෝඩු වශයෙන් අපි ඉකුත් කරන්නෙමු”
٦١.මූසා (එහි වාසය කළ) ඔවුන්ට “ඔබට කුමන වින්නැහියක්ද? අල්ලාහ් මත අමූලික බොරු ගොතා මනක්කල්පිත කර නොපවසනු. (එසේ පැවසුවහොත්) ඔහු (තම) දඬුවම මගින් ඔබව විනාශ කර දමනු ඇත. බොරු කියූ සියල්ල විනාශ වී ගියහ” යයි පැවසුවේය
٦٦.එයට ඔහු “ඔබ (පළමුවෙන්) වීසි කරනු” යයි පැවසුවේය. (ඔවුන් වීසි කළ වහාම, වීසි කළ) ඔවුන්ගේ කඹද, ඔවුන්ගේ පොලූද ඔවුන්ගේ සූනියමෙහි හේතුවෙන් ඇත්තෙන්ම ඒවා (නාගයින් බවට පත් වී) දුවන්නාක් මෙන් මොහුට දිස් විය
٦٩.“ඔබගේ දකුණතෙහි ඇති දැය ඔබ වීසි කරනු. ඔවුන් කළ (සූනියම්) සියල්ල එය ගිල දමනු ඇත. ඔවුන් කළ දෑ සියල්ල සූනියම්කරුවන්ගේ (පුහු) කුමන්ත්‍රණ (මිස, ඇත්තක් නොව). සූනියම්කරුවන් කොහේ ගියා වුවද, ජයග්‍රහණය කරන්නේම නැත” (යයිද පැවසුවෙමු)
٧٠.(මූසා තම සැරයටිය වීසි කළ වහාම, එය විශාල නාගයෙක් බවට පත් වී, ඔවුන් කර තිබූ සූනියම් සියල්ල ගිල දැමුවේය. එය දැක ඇත්ත වටහා ගත්) එම සූනියම්කරුවන් සුජූද් කරන්නන් වශයෙන් බිම ඇද වැටී “අපිත් මූසා, හාරූන් ආදී මේ දෙදෙනාගේ දෙවියන්ව විශ්වාස කළෙමු” යයි පැවසූහ
٧١.(මෙය දුටු ෆිර්අව්න්) “මා ඔබට අනුමැතිය ලබා දීමට කළින්ම ඔබ ඔහුව විශ්වාස කළෙහිය. නියත වශයෙන්ම ඔහු ඔබට සූනියම් උගන්වා දුන් ඔබගේ ප්‍රධානියා (මෙන් හැෙඟන්නේය). එබැවින් ඔබගේ අත් හා පා මාරුවෙන් මාරුවට කපා, නියත වශයෙන්ම ඔබලාව ඉඳී ගස්වල එල්ලා දමන්නෙමි. ස්ථීර වූ දඬුවම් දීමෙහි අපගෙන් දරුණු තැනැත්තා කවුරුන්ද යන්නද නියත වශයෙන්ම ඔබ දැන ගන්නෙහුය” යයි පැවසුවේය
٧٢.එයට ඔවුන ් (ෆිර්අව්න්ට) “අප වෙත පැහැදිලි සාධකයන් පැමිණි පසු, අපව නිර්මාණය කළ අයව ප්‍රතික්ෂේප කර දමා ඔබට අපි කිසි කලෙක කැමති වන්නේම නැත. ඔබට පුළුවන් දැයක් ඔබ කර ගනු. ඔබ කරන සෑම දැයක්ම මෙලොව ජීවිතයෙහි පමණකි”
٧٣.“නියත වශයෙන්ම අපි (සත්‍ය) අපගේ දෙවියන්වම විශ්වාස කරමු. අපගේ වැරදිද ඔබගේ බල කිරීම මගින් අපි කළ සූනියම් (සූනියමේ වැරදි වලට)ද ඔහු අපට සමාව දෙනු ඇත. අල්ලාහ්ම (ඔබටත් වඩා) ඉතාමත් උසස්වන්තයෙකු යයිද, ස්ථීරවන්තයෙකු වන්නේය” යයිද පැවසූහ
٧٤.ඇත්තෙන්ම කවුරුන් වැරදිකරුවෙකු වශයෙන් තම දෙවියන් වෙත පැමිණෙන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරයම (ඵලවිපාක වනු ඇත). එහි ඔහු මැරෙන්නේද නැත. (සුවයෙන් යුතුව) ජීවත් වන්නේද නැත. (දඬුවම හා දහදුක විඳිමින්ම සිටිනු ඇත)
٧٧.නියත වශයෙන්ම අපි මූසාට වහී මගින් මෙසේ දැනුම් දුන්නෙමු: “ඔබ අපගේ වහලූන්ව කැඳවාගෙන, රාත්‍රිය්දීම පිටත්ව යනු. (මගදී හරස්වන) මුහුදෙහි (ඔබගේ සැරයටියෙන්) ගසා වියළී ගිය මාර්ගය ඔවුන්ට ඇති කරනු. (ඔබව සතුරන්) ළඟා වේවි යයි ඔබ බිය නොවනු. (එම මුහුදෙහි ඔබගේ ජනතාව ගිලී යනු ඇතැයිද) ඔබ බිය නොවනු” (යයිද දැනුම් දුන්නෙමු)
٧٨.(ඒ අන්දමටම මූසා නබි ඉස්රායීල්වරුන්ව කැඳවාගෙන ගිය වහාම) ෆිර්අව්න් තම සේනාව සමග ඔවුන් පසුපස ගියේය. මුහුදු (ජලය මොවුන්ගෙන් කිසිවෙකුත් නොබේරෙන සේ) ඔවුන්ව ගිල්වා දැමිය යුතු අන්දමට ගිල්වා දැමීය
٨٠.ඉස්රායීල පරම්පරාවේ දරුවනි! නියත වශයෙන්ම අපි ඔබව ඔබගේ සතුරන්ගෙන් බේරාගෙන, තූර් නමැති කන්ෙඳහි දකුණු දෙසට (පැමිණියහොත් ඔබට තව්රාත්) ධර්මය (ලබා දෙන බවට) පොරොන්දු දී, (ආහාර නොලැඛෙණ කාන්තාරයෙහි) ඔබට මන්නු සල්වා ද පහළ කළෙමු
٨١.“අපි ඔබට ලබා දුන් දැයෙන් හොඳ දැය අනුභව කරමින් සිටිනු. එහි ඔබ සීමාව ඉක්මවා නොයනු. (සීමාව ඉක්මවවුවහොත්) ඔබ කෙරෙහි මගේ කෝපය පහළ වනු ඇත. කවුරුන් කෙරෙහි මගේ කෝපය පහළ වන්නේද, ඔහු නියත වශයෙන්ම විනාශ වී යනු ඇත”
٨٦.(එවෙලේම) මූසා ඉතාමත් දුකෙන් හා කෝපයට පත් වූ කෙනෙකු වශයෙන් තමන්ගේ ජනතාව වෙත ආපසු පැමිණ “මගේ ජනතාවෙනි! ඔබගේ දෙවියන් ඔබට (තව්රාත් නමැති ධර්මය ලබා දෙන බවට) අලංකාරවත් පොරොන්දුවක් ලබා දුන්නේ නැද්ද? ඔහු පොරොන්දුවක් දී අධික දින සංඛ්‍යාවක් ගත වූයේද? නැතහොත් ඔබ කෙරෙහි ඔබගේ දෙවියන්ගේ කෝපය පහළ විය යුතුය යයි ඔබ කැමැත්තෙන්ම ඔබ මට ලබා දුන් පොරොන්දුවට වෙනස්කම් කළෙහුද?”යි විමසුවේය
٨٧.එයට ඔවුන් “ඔබට ලබා දුන් පොරොන්දුවට අපගේ කැමැත්තට අපි වෙනස්කම් කළේ නැත. නමුත් අපි උසුළාගෙන පැමිණි (ෆිර්අව්න්ගේ) ජනතතාවගේ රණ් ආභරණ (ගින්නෙහි වීසි කරන මෙන් බල කරනු ලැබ), එහි ඒවා අපි වීසි කළෙමු. ඒ ආකාරයටම සාමිරීද (තමන් වෙත තිබූ ආභරණ) වීසි කළේය”
٨٨.“පසුව ඔහු, වසු පැටවෙකුගේ පිළිරුවක් (ජනතාව ඉදිරියේ) එළිදැක්වූවේය. එයට (වසු පැටවෙකුගේ ශබ්දයට සමාන අර්ථයක් නැති) ශබ්දයක්ද තිබුණි. (මෙය දුටු) සමහරෙක් ‘මෙය ඔබගේද, මූසාගේද දෙවියන් වන්නේය. (මෙය) අමතක වී (මූසා කන්ඳට) ගියේය” යයි පැවසූහ
٩٤.එයට ඔහු “මගේ මවගේ පුතුනේ! මගේ හිසද යටි රැවුලද අල්ලා (නො)අදිනු. (මා ඒ අවස්ථාවේදී ඔවුන්ගෙන් ඈත් වී තිබුණේ නම්), ‘ඉස්රායීල පරම්පරාවේ දරුවන් අතරේ ඔබ ඛෙදීමක් ඇති කර දැමුවෙහිය. ඔබ මගේ වදනට සැලකුවේ නැත’ යයි ඔබ මා සමග කෝප වනු ඇතැයි නියත වශයෙන්ම බිය වී (ඔවුන් සමග) සිටියෙමි” යයි පැවසුවේය
٩٧.එයට මූසා (ඔහුට “මෙතැනින්) ඈත් වනු. නියත වශයෙන්ම ඔබ (කවුරුන්ව දුටුවා වුවද) “මා හට ළං නොවනු. (මට ළං නොවනු. මට ළං වුවහොත් ඔබටත් මටත් උණ වැළෙඳනු ඇත)’ යයි පවසමින් ඒ මේ අත සැරි සැරීමම මෙලොවෙහි ඔබට අයත් දඬුවම වන්නේය. (පරලොවෙහි නම්), නියත වශයෙන්ම ඔබට පොරොන්දු දෙන ලද දඬුවම ඇත. ඔබ එයින් බේරෙන්නේම නැත. මෙන්න ඔබ ආරාධනා කරමින් සිටි දෙවියන්ව බලනු. නියත වශයෙන්ම මා එය ගින්නෙහි දවා (උණු කර අළු කර) මුහුදෙහි විසිරුවා හරින්නෙමි” යයිද
١٠٨.“එදිනදී (සියල්ලන්ම, සැමදා) කැඳවන්නාගේ ශබ්දයම අනුගමනය කර යන්නාහ. එහි කිසිම වරදක් ඇති වන්නේ නැත. රහ්මාන්ට බිය වී සියලූ ශබ්දයන් අඩු වී යනු ඇත. (පහත් හඬින් වූ) අඩි ශබ්දය මිස, (වෙන කිසිවක්) ඔබ නොඅසන්නෙහිය”
١١٤.සත්‍ය රජු වන අල්ලාහ්ම ඉතාමත් උසස්වන්තයෙකි. (නබියේ!) කුර්ආනය ගැන ඔබට වහී දැනුම් දෙනු ලැබ, එය අවසන් වීමට පෙරම (එය සමුදීරණය කිරීමට) ඔබ ඉක්මන් නොවනු. එහෙත් “මගේ දෙවියනේ! මගේ අධ්‍යාපන දැනුම නැවත (නැවතත්) වැඩි කරනු” යයි ඔබ ප්‍රාර්ථනා කරනු මැනව
١١٧.(එබැවින් අපි ආදම්ට) “ඕ ආදම්! නියත වශයෙන්ම මොහු ඔබටත් ඔබගේ බිරිඳටත් සතුරෙකු වනු ඇත. ඔබ දෙදෙනාවම මෙම උයන් වත්තෙන් ඔහු පිටමං නොකර සිටීමට ඔබ (ප්‍රවේසමෙන්) සිටිනු. නැතහොත් ඔබ අමාරුවේ වැටෙන්නෙහුය” යයි පැවසුවෙමු
١٢١.(අවසානයේදී) ඒ දෙදෙනාම (තහනම් කරනු ලැබූ) එය අනුභව කළහ. එවෙලේම (ඒ දෙදෙනාම නිර්වස්ත්‍ර වී) ඒ දෙදෙනාගේ රහස් අවයවයන් එළිදරව් වීමත් සමගම එම උයනේ කොළ අතු මගින් තමන්ව ආවරණය කර ගැනීමට ඉදිරිපත් වූහ. එබැවින් ආදම් (ඉබ්ලීස්ගේ උගුලට පැටළී වැරදි කර), තම දෙවියන්ට වෙනස්කම් කර, මාර්ගය වැරද ගියේය
١٢٣.(තවද මේ දෙදෙනාට) “ඔබ දෙදෙනා මෙතැනින් පිටමං වනු. ඔබ (ඔබගේ පරම්පරාවේ දරුවන්)ගෙන් සමහරෙක් සමහරෙකුට සතුරන් වශයෙන් පත් වන්නාහ. ඒ අතර නියත වශයෙන්ම මගේ ඍජු මාර්ගය ඔබ වෙත පැමිණෙනු ඇත. කවුරුන් මගේ ඍජු මාර්ගය අනුගමනය කරන්නේද, ඔහු මාර්ගය වැරද යන්නේම නැත. පරාජිත වන්නේද නැත”
١٢٤.“කවුරුන් මගේ හොඳ ඔවදන් ප්‍රත්කෂේප කරන්නේද, ඔහුගේ ජීවිතය නියත වහයෙන්ම ඉතාමත් දුක් ගැහැට වලින් පිරි එකක් වශයෙන්ම තිඛෙණු ඇත. විනිශ්චය දිනදී නම්, අපි ඔහුව අන්ධයෙකු වශයෙන්ම නැගිට්ටවන්නෙමු” යයි පැවසුවේය
١٢٦.(එයට) “මෙසේ (අන්ධයෙකු වශයෙන්ම ඔබගේ කාරණාවන් සියල්ල තිබුණි). අපගේ ආයාවන් ඔබ වෙත පැමිණියේය. ඔබ ඒවා (සැළකිල්ලෙහි නොතබා) අමතක කර දැමුවේය. ඒ අන්දමටම අද දින ඔබවත් (සැලකිල්ලට නොගෙන) අමතක කරනු ලැබීය” යයි පවසනු ඇත
١٢٧.එබැවින් කවුරුන් සීමාව ඉක්මවා තම දෙවියන්ගේ ආයාවන් විශ්වාස නොකර (සීමාව ඉක්මවා) කටයුතු කරන්නේද, ඔහුටත් මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු. (ඔහුට ලැඛෙණ) පරලොව දඬුවම නම්, ඉතාමත් දරුණු හා ස්ථීරවද වන්නේය
١٢٨.මොවුන්ට පෙර විසූ කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර දැමුවෙමු යන කාරණාව මොවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කළේ නැද්ද? (විනාශ වී ගිය) ඔවුන් වාසය කළ ස්ථානයන්ට සමීපයෙන්ම මොවුන්ද ගමන් කරන්නාහ. බුද්ධිය ඇති අයට නියත වශයෙන්ම එහි සාධකයන් බොහොමයක් ඇත
١٢٩.(නබියේ! ඔවුන්ගේ දඬුවමට අයත් කාලය විනිශ්චය දිනය යයි) එක් කාල අවකාශයක් ගැන සඳහන් කරනු ලැබ ඇති ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කළින්ම ඇති වී නොතිබුණේ නම්, (ඒ අවස්ථාවේදීම) දඬුවම ඔවුන්ව අල්ලා ගනු ලැබ ඇත්තේය
١٣٠.එබැවින් ඔවුන් (ඔබව අවමන් කර) කතා කිරීම ගැන ඔබ ඉවසීමෙන් යුතුව විඳ දරා ගනු (මැනව!). සූර්ය උදාවට පෙරද , සූය්‍ය_ අස්ථමයට පෙරද රාත්‍රී කාලයන්හිද , ඔබගේ දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින් සිටිනු මැනව! (මෙසේ) දහවලේ දෙකෙළවරෙහිද (දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින් සිටිනු මැනව! මෙමගින්) ඔබට (ආධ්‍යාත්මික්) තෘප්තියක් අත් කර ගත හැකිය
١٣١.(නබියේ!) ඔවුන්ගෙන් සමහරෙකුට සුවය විඳීමට අපි ලබා දී ඇති දැය දෙසට ඔබ, ඔබගේ බැල්ම නොහෙළනු. (මේවා සියල්ල) මෙලොව ජීවිතයෙහි අලංකාරයන්ය! ඔවුන්ව පිරික්සුමට ලක් කිරීම සඳහාම (අපි ඒවා ඔවුන්ට ලබා දී ඇත්තෙමු). නමුත් ඔබගේ දෙවියන් (ඔබට) ලබා දී තිඛෙණ දැය නම්, ඉතාමත් උසස් හා ස්ථීරවත් දැයයි
١٣٢.(නබියේ!) සලාත් කරමින් සිටින මෙන් ඔබ, ඔබගේ පවුලේ උදවිය පොළඹවනු (මැනව!) ඔබත් ඒ කෙරෙහි ස්ථීරව සිටිනු (මැනව!) අපි ඔබගෙන් කිසිවක් ඉල්ලූවේ නැත. එහෙත් ඔබට අවශ්‍යය සෑම දැයක්ම අපිම ලබා දෙමින් සිටින්නෙමු. අවසාන යහපත, පරිශුද්ධ ගති ගුණය උදෙසාය
١٣٣.“තමන්ගේ දෙවියන්ගෙන් (අපි ආශා කරන අන්දමට) එක් සාධකයක් (ප්‍රාතිහාර්යයක්) ඔහු අප වෙත ගෙන ආ යුතු නොවේද?”යි ඔවුන් පවසන්නාහ. කිමෙක්ද, පෙර ධර්මයන්හි වූ පැහැදිලි සාධකයන් ඔවුන් වෙත පැමිණියේ නැද්ද? (පැමිණ ඇත්තේය)
١٣٤.(අපගේ දූතයා වන) මොහු පැමිණීමට පෙරම අපි මොවුන්ව දඬුවම් කර විනාශ කර තිබුනේ නම්, “අපගේ දෙවියනේ! ඔබ අපට එක් දූතයෙකු යැවිය යුතු නොවේද? (එසේ යවා තිබුනේ නම්) අපි මෙම අවමානයටද, නින්දාවටද ලක් වීමට කළින්ම ඔබගේ ආයාවන් අනුගමනය කර ඇත්තෙමු” යයි පවසන්නාහ
١٣٥.(නබියේ!) ඔබ මෙසේ පවසනු: “සෑම කෙනෙකුම බලාපොරොත්තුවෙන් සිටින්නන්ය! එබැවින් ඔබත්, (ඔබට පැමිණිය යුතු දැය ගැන) බලාපොරොත්තුවෙන් සිටිනු. ඍජු මාර්ගයෙහි සිටින්නන් කවරෙක්ද? (දුර්මාර්ගයෙහි සිටින්නන් කවරෙක්ද?) ඍජු මාර්ගය අත් කර ගත් අය කවරෙක්ද? යන්න පසුව ඔබ නියත වශයෙන්ම හොඳින් දැනගන්නෙහුය”