نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.කාෆ්. හා. යා. අයින්. සාද්
١٠.එයට ඔහු “මගේ දෙවියනේ! (මෙයට) මට සාධකයක් ලබා දෙනු (මැනව!)” යයි ඉල්ලා සිටියේය. (එයට) ඔහු (දෙවියන්), “ඔබට (මා ලබා දෙන) සාධකය නම්, ඔබ (අංග සම්පූර්ණයෙන් සිටියදීම) රාත්‍රීන් තුනක්ද, (දහවල් තුනක්ද) මිනිසුන් සමග කතා කිරීමට නොහැකි බවට පත් වනු ඇත” යයි පැවසුවේය
١١.පසුව ඔහු (පුරුදු පරිදි ජනතාවට හොඳ ඔවදන් දීමට නැමදුම්පළෙහි මිහ්රාබ් නමැති) අති උතුම් ස්ථානයෙන් පිටත් වී තම ජනතාව ඉදිරියට පැමිණියේය. (එහෙත් ඔහුට මුවින් කතා කිරීමට නොහැකි විය). එබැවින් උදේ සවස (දෙවියන්ව) ප්‍රශංසා කර, සුවි ශුද්ධ කරනු යයි (තම අතින්) ඔවුන්ට සංඥා කර පෙන්වූවේය
١٨.(මර්යම් ඔහුව දුටු වහාම) “නියත වශයෙන්ම මා ඔබගෙන් මාව බේරා ගන්නා මෙන් රහ්මාන් වෙතින් ප්‍රාර්ථනා කරන්නෙමි. ඔබ හොඳ ගති පැවතුම්වලින් යුක්ත අයෙකු වශයෙන් සිටින්නෙහු නම්, (මෙතැනින් වහාම ඉවත් වනු)” යයි පැවසුවාය
٢١.එයට ඔහු “ඒ ආකාරයටම (සිදු වනු ඇත). එය මට ඉතාමත් පහසුය. ඇයව මිනිසුන්ට එක් සළකුණක් වශයෙන්ද, අපගේ වරප්‍රසාදයක් වශයෙන්ද, අපි පත් කරන්නෙමු. මෙය අවසාන වශයෙන් මනක්කල්පිත කරනු ලැබූ කාරණාවකි’ යයි ඔබගේ දෙවියන්ම පවසන්නේය” යයි කීවේය
٢٣.පසුව ඇයට දරු ප්‍රසූතයේ වේදනාව ඇති වී, එක් ඉඳි ගසක් යටට ගිය විට, “මීට පෙරම මා මිය ගියා නම් අගනේය නොවෙද! (එසේ මිය ගියා නම්, මා ගැන තිඛෙණ සිතුවිල්ලම කිසිවෙකුගේ මතකයේ නොතිඛෙණ සේ) සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇත්තෙමි” යයි (ශෝකයෙන් යුතුව) පැවසුවාය
٢٦.“(එම පලතුරු) ඔබ අනුභව කර, (මෙම උල්පත් ජලය) පානය කර, (මෙම ළදරුවා දැක) ඔබ (ඔබගේ) ඇස් පිනා යනු මැනව! ඔබ කුමන මිනිසෙකු දුටුවා වුවද, ‘නියත වශයෙන්ම මා රහ්මාන් වෙනුවෙන් උපවාසයේ යෙදෙමි. එබැවින් අද දින කිසිම මිනිසෙකු සමග කතා නොකරමි’ යයි පවසා හරිනු” (යයිද පැවසුවේය)
٣٥.එබැවින් (ඔහු දෙවියන්ද නොව; දෙවියන්ගේ පුත්‍රයාද නොව; මන්දයත්) දරුවන් ගැනීම අල්ලාහ්ට (පොඩියක් හෝ) සුදුස්සක් නොව; ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. යම්කිසි දැයක් තීරණය කළහොත් එය ‘වනු!’ යයි ඔහු පැවසීම පමණක්ම (ඇති ප්‍රමාදයයි). එවෙලේම එය සිදු වන්නේය
٣٧.නමුත් ඔවුන්ගෙන් වූ එක් සමූහයක් (මේ ගැන) තමන් අතරේ (නිකරුණේ) තර්ක කරමින් සිටින්නාහ. එබැවින් (අපි පැවසූ මෙය) ප්‍රතික්ෂේප කරන්නන් (සියල්ලන්ම අප වෙත) ඒකරාශී විය යුතු එක් ඉමහත් වූ දිනදී ඔවුන්ට විනාශයයි”
٣٨.(අද දින මෙය ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටියා වුවද), අප වෙත ඔවුන් පැමිණෙන දින (අපගේ නියෝගයන්ට) ඉතාමත් හොඳින් සවන් දෙනු ඇත. (අපගේ දඬුවම්) ඉතාමත් හොඳින්ම (තමන්ගේ ඇස් වලින්ද) දකිනු ඇත. එහෙත් එම අපරාධකරුවන් මෙදින ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ
٤٨.“ඔබගෙන්ද, අල්ලාහ් හැර ඔබ (දෙවියන් යයි) ආරාධනා කරන දැයෙන්ද, මා ඈත් වන්නෙමි. මගේ දෙවියන්වම මා ප්‍රාර්ථනා කරමින් සිටින්නෙමි. මගේ දෙවියන්ගෙන් මා කරන ප්‍රාර්ථනාවන් (මා හට) වළක්වා නොලබනු ඇතැයි විශ්වාස කරන්නෙමි” (යයිද පැවසුවේය)
٤٩.පසුව ඔහු ඔවුන්ගෙන්ද, ඔවුන් නමදිමින් සිටි අල්ලාහ් නොවන දෙවිවරුන්ගෙන්ද, ඈත් වූවේය. (ඉන් පසුව) ඉස්හාක්වද, යාකූබ්වද, ඔහුට (දරුවන් වශයෙන්) අපි ලබා දුන්නෙමු. ඔවුන් සෑම කෙනෙකුවම නබිවරුන් බවටද පත් කළෙමු
٥٠.ඔවුන්ට අපගේ වරප්‍රසාදයන්ද ලබා දුන්නෙමු. සත්‍යයම (කතා කරන මෙන් වූ) ඉතාමත් උසස් දිවද ඔවුන්ට ලබා දුන්නෙමු. (පසුව පැමිණෙන්නන් අද දක්වාද, අෙලෙහිස්සලාම්, අෙලෙහිමුස්සලාම් යයි සැමදා ප්‍රශංසා කළ හැකි උසස් පදවීන්ද ඔවුන්ට ලබා දුන්නෙමු)
٥٨.(ඉහත සඳහන්) මොවුන් සියල්ලන්ම අල්ලාහ් දයාව පහළ කළ නබිවරුන් වන්නාහ. මොවුන් ආදම්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද, නූහු සමග අපි (නැවෙහි) පටවා ගත් අයගේ (පරම්පරාවේ දරුවන්ගෙන්ද) ඉබ්රාහීම්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද, ඉස්රායීල් (නමැති යාකූබ්)ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද, ඇති අය වන්නාහ. තවද අපි තෝරාගෙන, ඍජු මාර්ගයෙහි යන්නට සැලැස්වූ අයගෙන්ද වූ අයයි. ඔවුන් කෙරෙහි රහ්මාන්ගේ ආයාවන් සමුදීරණය කරනු ලැබුවහොත් හ~න්නන් වශයෙන් හිස නවා සුජූද් කර (සලාත්) කරන්නාහ
٦٠.එහෙත් ඔවුන්ගෙන් කවුරුන් (පසුතැවිලි වී) පාපයන්ගෙන් ඈත් වී විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන්ම කරන්නෝද, ඔවුන් ස්වර්ගයෙහි ඇතූළු වනු ඇත. ඔවුන්ට (දෙනු ලබන ඵලවිපාකවලින්) පොඩියක් හෝ (වැරැද්දක් කර), අපරාධයක් කරනු නොලබන්නාහ
٦٤.(අපගේ මලායිකාවරුන් මෙසේ පවසන්නාහ: “නබියේ!) ඔබගේ දෙවියන්ගේ නියෝගයෙන් මිස, අපි පහළ වන්නේ නැත. අප ඉදිරියේ ඇති දැයද, පසුපසින් ඇති දැයද, මේ දෙක අතරේ ඇති දැයද ඔහුට අයත් දැයයි. මෙහි (කිසිවක්) ඔබගේ දෙවියන් අමතක කර දමන්නෙකු නොව”
٦٥.“අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද නිර්මාණය කර, පෝෂණ කරන්නේද ඔහුමය! එබැවින් ඔහු (එක් කෙනෙකු)වම ඔබ නමදිනු. ඔහුට අවනත වීමෙහි (ඔබට ඇති වන අමාරුකම්ද) ඔබ විඳ දරා ගනු. ඔහුගේ ගතිගුණයන්ට සම වන කවුරුන්ව හෝ ඔබ දන්නෙහිද?”
٧٣.ප්‍රතික්ෂේප කරන්නන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත්, ඔවුන් විශ්වාසවන්තයින්ව “අපගේ සමූහයන් දෙකෙන් කවුරුන්ගේ නිවස (දැනට) උසස් වශයෙන්ද, අන් අයගේ පෙනුමට අලංකාරවත්ව ඇත්තේද?”යි පවසන්නාහ
٧٥.“කවුරුන් දුර්මාර්ගයෙහි සිටින්නේද, ඔහුට පොරොන්දු වන ලද නියමිත වාරය පැමිණෙනු දකින තුරු, රහ්මාන් ඔහුට කාල අවකාශයක් ලබා දෙන්නේය. (එම වාරය අවසන් වන විට) ඔහුට දඬුවම් ලැඛෙනු ඇත. නැතහොත් ඔහුගේ කාලය අවසන් වී යනු ඇත. (ඒ අවස්ථාවේදී) කවුරුන්ගේ නිවස නපුරුද, කවුරුන්ගේ සමුහය ඛෙලහීනද යන්න නියත වශයෙන්ම ඔවුන් දැන ගන්නාහ” යයි (නබියේ!) ඔබ (ඔවුන්ට) පවසනු මැනව
٧٦.කවුරුන් ඍජු මාර්ගයෙහි යන්නෝද, ඔවුන්ව අල්ලාහ් නැවත (නැවතත්) ඍජු මාර්ගයෙහිම ඇතුළු කරන්නේය. ස්ථීරව තිබිය හැකි දැහැමි ක්‍රියාවන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි (උසස්) හොඳ ඵලවිපාකද, හොඳ අවසානයද ලබා දිය හැකි දැය වශයෙන් ඇත්තේය