نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.අලිෆ්. ලාම්. රා. (නබියේ!) මේවා පැහැදිලි කුර්ආනය නමැති (මෙම) ධර්මයෙහි ඇති ආයාවන් වන්නේය
٣.(නබියේ!) ඔවුන් (හොඳින්) අනුභව කරමින්ද, (තමන්ගේ කැමැත්තට අනුව) සුවය විඳිමින්ද සිටියදී (දැනට) ඔබ ඔවුන්ව අත්හැර දමනු. (ඔවුන්ගේ පුහු) විශ්වාසයන් (පරලොව ගැන) ඔවුන් අමතක කර දැමුවේය. (මෙහි ඵලවිපාක) පසුව ඔවුන් හොඳින් දැන ගනු ඇත
٨.(නබියේ!) අපි මලායිකාවරුන්ව පහළ කරනු ලබන්නේ, නියමිත කාරණාවක් සඳහාය. (කවුරුන්ගේ හෝ කාරණාවක් අවසන් කර දැමීමට අදහස් කළහොත් මලායිකාවරයෙකු යවන්නෙමු). ඒ අවස්ථාවේදී ඔවුන්ට පොඩියක් හෝ අවකාශයක් දෙනු ලබන්නේ නැත. (එවෙලේම විනාශ කර දමනු ලබන්නාහ)
١٨.(එබැවින් මලායිකාවරුන්ගෙන්) යම්කිසි වදනක් හොර රහසේ අසාගෙන යනවා මිස, (ෂෙයිතාන් ඒවාට ළං වීමට නොහැක. එසේ ෂෙයිතාන් ළං වුවහොත්) ගිනි පුපුරු විසිරෙන (දැවෙන) ගිනි ජාලාවක් ඔහුව (ලූහු බැඳ) පසුපස එළවාගෙන යනු ඇත
٢٥.(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම මොවුන් සියල්ලන්වම (ප්‍රශ්න කිරීම සඳහා විනිශ්චය දිනදී තමන් ඉදිරියේ) ඒකරාශී කරනු ඇත. නියත වශයෙන්ම ඔහු ඥානවන්තයෙකු හා (සියල්ලම) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
٤٧.(කෙනෙකුට කෙනෙකු කෙරෙහි මෙලොවදී) ඔවුන්ගේ මනසෙහි තිබූ ක්‍රෝධයන් අපි පහ කර හරින්නෙමු. (ඔවුන්ද සත්‍ය) සහෝදරයින් වශයෙන් කෙනෙකු අනිත් කෙනාගේ මුහුණට මුහුණ ලා යහනාවන්හි (සතුටින් හාන්සි වී) සිටිනු ඇත
٦٥.“එබැවින් අද රාත්‍රියෙහි ටික වේලාවක් ඉතිරිව තිබියදීම ඔබ, ඔබගේ පවුලේ උදවිය කැඳවාගෙන (ඔවුන් ඉදිරියෙන්ද), ඔබ පසුපසින්ද සිටින සේ පිටත්ව යනු. ඔබගෙන් කිසිවෙකුත් හැරී නොබලා ඔබට නියෝග කරන ලද ස්ථානයට යනු” (යයි පැවසූහ)
٨٥.අහස්ද, භූමියද හා මේවා අතර ඇති දැයද නියමිත කාරණාවකට මිස, අපි උත්පාදනය කළේ නැත. (නබියේ! මොවුන්ගේ දඬුවමට අයත්) කාලය නියත වශයෙන්ම පැමිණෙන්නේය! (ඒ වන තුරු මෙම අපරාධකරුවන්ගේ අපරාධයන්) ඔබ ගෞරවාන්විත අන්දමට ප්‍රතික්ෂේප කරමින් සිටිනු
٨٨.(පාපතරයින් වන) මොවුන් (මෙලොවදී) විවිධ අන්දමින් සුවය විඳීමට මොවුන්ට අපි ලබා දී ඇති දැය ඔබ ඇස් ලොකු කර නොබලනු. ඔබ, මොවුන් වෙනුවෙන් කණගාටුද නොවනු. එහෙත් ඔබ විශ්වාසවන්තයින්ට ඔබගේ ආදර කරුණාව පෙන්වනු