اسلام‌هاوس · සිංහල

1.හා මීම්
17.සියලු (ආගමික) කරුණු වල පැහැදිලිතාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. නමුත් ඔවුන් වෙත ඥානය පැමිණිමෙන් පසුව ඔවුන් අතර වූ (ඊර්ෂ්‍යා සහගත) අසාධාරණකම් හේතුවෙන් මිස (වෙනත් කිසිවක් සඳහා) ඔවුහු මතභේද ඇති කර ගත්තේ නැත. ඔවුන් මතභේද ඇති කර ගනිමින් සිටි විෂය පිළිබඳ නියත වශයෙන්ම ඔබේ පරමාධිපති මතුලොවෙහි විනිශ්චය කරනු ඇත
19.නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔබ මුදවා ගෙන) ඔබට ප්‍රයොජනයක් සලසන්නේම නැත. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ භාරකරුවෝය. තවද අල්ලාහ් බිය බැතිමතුන්ගේ භාරකරුය
23.(නබිවරය) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද. ඔහුව ඔබ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග හැරියේය. ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්‍රා ‍තැබුවේය. ඔහුගේ බැල්ම මත ආවරණයක් තැබුවේය. අල්ලාහ්ගෙන් පසු ව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද
24.“මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නොකරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමාන කරනු මිස නැත
26.(නබිවරය) ඔබ පවසන්න. අල්ලාහ් නුඹලා ජීවත් කරවයි, පසු ව නුඹලා මරණයට පත් කරයි, පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරයි, එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති
32.“තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැයි අපි නොදනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නොසිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නොවූයෙමු යැයි නුඹලා පැවසුවෙහුය