٣.ඔවුහු දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට තැත් කරන්නාක් මෙනි
٤.අපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහි ව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත
٥.මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණි කළ ඔවුහු ඒ ගැන පිටුපාමින් සිටියා මිස නැත
٦.එවිට සැබැවින්ම ඔවුහු බොරු කළෝය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෙහු ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත
١٣.මාගේ හදවත පීඩනයට පත් ව ඇත. මාගේ දිව ක්රියාකාරී නොවෙයි. එහෙයින් හාරූන් වෙත ද (දේව පණිවිඩ) නුඹ එවනු
١٦.එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන්ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ දහම් දූතයන් වෙමු යැයි පවසනු
١٨.අපි නුඹ ව අප තුළ දරුවකු සේ හදා වඩා නොගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි (ෆිර්අවුන්) ඔහු පැවසීය
٢١.එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්රඥාව ප්රදානය කළේය. මා දහම් දූතයින් අතුරින් කෙනෙකු බවට පත් කළේය
٢٢.තවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන්ව (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහිය
٢٤.නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස් හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය
٢٨.නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය
٢٩.මා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය
٣٤.නියත වශයෙන්ම මොහු මනා දැනුමැති හූනියම් කරවෙකි යැයි තමන් අවට සිටි ප්රධානීන් හට (ෆිර්අවුන්) ඔහු පැවසීය
٣٥.ඔහුගේ හූනියම මගින් නුඹලා ව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද
٣٦.ඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්රධානීහු) පැවසුවෝය
٤١.හූනියම්කරුවෝ පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැයි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ
٤٤.එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ අනුහසින් නියත වශයෙන්ම අබිබවා යන්නෝ අපමය යැයි ඔවුහු පැවසූහ
٤٩.මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද?. නුඹලාට හූනියම ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ දමා ඇණ ගසමි යැයි පැවසීය
٥٠.කිසිදු ප්රශ්නයක් නොමැත. නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ
٥١.අප දෙවියන් කෙරෙහි විශ්වාස තැබූ මුල් අය වූ බැවින් අපගේ වැරදි වලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි ප්රිය කරන්නෙමු
٥٢.තවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්රියේ පිටත් ව යනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන් යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු
٥٧.එහෙයින් (ෆිර්අවුන් හා ඔහුගේ සමූහය භුක්ති විඳිමින් සිටි) උයන් වලින් හා උල්පත් වලින් ද අපි ඔවුන් බැහැර කළෙමු
٦١.කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන්ම අපි කොටු කරනු ලබන්නන් වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ
٦٣.ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය
٧٣.එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ?යි ඔහු (ඉබ්රාහීම්) විමසීය
١٠٩.තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත
١١٦.අහෝ ! නූහ්, නුඹ මෙයින් නොවැළකුණෙහි නම් සැබැවින්ම නුඹ ගල් ගසනු ලබන්නන් අතුරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ
١١٨.එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමග සිටින්නවුන් අතුරින් දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව
١٢٧.තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත
١٣٩.එසේ ඔවුහු බොරු කළෝය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ
١٤٥.තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත
١٥٥.මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පානය (සඳහා වූ දිනය)කි. තවද නුඹලා වෙනුවෙන් පානය සඳහා නම් කරනු ලැබූ දිනයකි
١٥٨.එවිට එම දඬුවම ඔවුහු ග්රහණය කළෝය. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවූහ
١٦٤.තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත
١٦٦.නුඹලාගේ බිරියන් අතුරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මැවූ දෑ අත හැර දමා (පිරිමින් වෙත) යන්නෙහුය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි
١٦٧.අහෝ! ලූත්, නුඹ එයින් නොවැළකුණෙහි නම්, සැබැවින්ම නුඹ බැහැර කරනු ලබන්නන් අතුරින් වන්නෙහුය යැයි ඔවුහු (නූහ්ගේ ජනයා) පැවසුවෝය
١٨٠.තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත
١٨٩.එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්රහණය කළේය. නියත වශයෙන්ම එය දරුණු දිනයක දඬුවමක් විය
٢١٣.එහෙයින් නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතුරින් කෙනෙකු වන්නෙහිය
٢١٦.නමුත් ඔවුහු නුඹට පිටුපෑවෙහු නම්, නියත වශයෙන්ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු
٢٢٧.නමුත් විශ්වාස කර යහකම් කර අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු උදව් කරනු ලැබූවන් හැර. තමන් කවර තැනකට යොමු කරනු ලබන්නේ දැයි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත