٩.එහෙත් සමූද් නමැති ජනයාව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?) මොවුන් කඳු පාවුලෙහි ගල් පර්වත හාරා (එහි වාසය කරමින්) සිටියහ
١٥.එබැවින් මිනිසාව ඔහුගේ දෙවියන් පිරික්සුමට ලක් කර, ඔහුට දයාව පහළ කර, ඔහුව උසස් කළහොත් ‘මගේ දෙවියන් මාව ගෞරව කළේය’ යයි (ආඩම්බරයෙන්) පවසන්නේය
١٦.එහෙත් (දෙවියන්) ඔහුව පිරික්සුමට ලක් කර, ඔහුගේ වස්තුව ඔහුට අඩු කර හැරියහොත් ‘මගේ දෙවියන් මාව අවමන් කර හැරියේය’ යයි (ෙදාස්) කියන්නේය
٢٣.(පාපතරයින් වෙනුවෙන්) නිරය ගෙන එනු ලබන එදිනදී මිනිසාට හොඳ බුද්ධිය උදා වනු ඇත. එහෙත් ඒ අවස්ථාවේදී (උදා වන) බුද්ධියෙන් ඔහුට කුමන ප්රයෝජනයක්ද
٢٥.එදිනදී (පාපතරයින්ව) ඔහු කරන දඬුවම මෙන් වෙන කිසිවෙකුත් (කිසිවෙකුටත්) කරන්නේ නැත. (එතරම් දරුණු ලෙස ඔහු දඬුවම් කරන්නේය)
٢٦.(පාපතරයින්ව) ඔහු බැඳ දමන්නාක් මෙන් (තදින්) වෙන කිසිවෙකුත් බඳින්නේද නැත. (එතරම් තදින් ඔහු බඳිනු ඇත)