٨.(විශ්වාසය තැබූ) ඔවුන්ගෙන් යම්කිසි වැරැද්දක්ද ඔවුන් දුටුවේ නැත. එහෙත් ඉතාමත් ප්රශංසාවට අයත් අයද, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකුද වන අල්ලාහ්ව ඔවුන් විශ්වාස කළා මිස. (මෙයම ඔවුන් වැරද්දක් වශයෙන් දුටුවහ)
٩.අහස් හා භූමියෙහි පාලනය ඔහුටම අයත්ය! (ඔහුව විශ්වාස කිරීම නිසාම ඔවුන්ව වේදනා කළහ). අල්ලාහ් නම්, (මොවුන් කළ) සියල්ලටම සාක්ෂි වශයෙන් සිටින්නේය
١٠.ඔවුන් විශ්වාසය තැබූ පිරිමින්වද, ගැහැනුන්වද, මෙසේ වේදනා කර, පසුව (ඒ ගැන) ඔවුන් (පසුතැවිලි වී) සමාව ඉල්ලා නොසිටියෙද ඔවුන්ට නිරයේ වේදනාවද පිළිස්සෙන ගින්නෙන් වේදනාවද හිමිවේ
١١.නියත වශයෙන්ම විශ්වාස කර දැහැමි ක්රියාවන් වල නිරත අයට යටින් දිය දහරා ගලා බසිනා ස්වර්ගයද හිමිවේ. එය ඉතාමත් ශ්රේෂ්ඨය
١٢.(නබියේ! මෙම අපරාධකාරයින් ගැන ඔබ දුක් නොවනු. මන්දයත්) නියත වශයෙන්ම ඔබ දෙවියන්ගේ ග්රහණය ඉතාමත් දරුණුය. (එයින් ඔවුන්ට බේරෙන්නටම නොහැක)
١٣.නියත වශයෙන්ම ඔහුම (ඔවුන්ව) උත්පාදනය කළේය. (ඔවුන් මරණයට පත් වූ පසුද ඔවුන්ව) ඔහුම පුනරුත්ථානය කරන්නේය
٢٢.ලව්හුල් මව්ෆූල්හිද (සටහන් කරනු ලැබ) ඇත්තේය. (මෙය මොවුන් ප්රතික්ෂේප කිරීමෙන් සිදු විය හැක්කේ කුමක්ද)