١٤.නියත වශයෙන්ම එසේ නොව. ඔවුන් කරමින් සිටි (නපුරු) ක්රියාවන්ම ඔවුන්ගේ හෘදයන්හි මලකඩ කැලලක් මෙන් පතිත විය. (එබැවින්ම මෙසේ පවසන්නාහ)
١٥.(විනිශ්චය සඳහා ගෙන එනු ලබන) එදිනදී නියත වශයෙන්ම ඔවුන් තම දෙවියන්ගේ (වරප්රසාදයන්)ගෙන් ඈත්ව වළක්වනු ලබන්නාහ
٣١.(ඔවුන්ගෙන් ඈත් වී) තමන්ගේ පවුලේ උදවිය වෙත ගියා වුවද, (නැවතත්) ඔවුන්ගේ කාරණාවෙහි (සමච්චල් කර කතා කරමින්) සතුටට පත් වන්නාහ
٣٢.(අතර මගදී) ඔවුන් මොවුන්ව දුටුවහොත් (මොවුන්ව ගෙනහැර දක්වා) “නියත වශයෙන්ම මොවුන් මාර්ගය වැරද ගියහ” යයිද පවසන්නාහ
٣٣.(විශ්වාසවන්තයින් ගැන කුමක් නිසා නම් මොවුන් මෙතරම් දුක් වන්නෙහුද?) මොවුන් ඔවුන් කෙරෙහි ආරක්ෂකයින් වශයෙන් යවනු ලැබුවේ නැත නොවෙද
٣٦.“(විනිශ්චය දිනය) ප්රතික්ෂේප කළ මොවුන්ට, මොවුන්ගේ ක්රියාවන්ට සරිලන ඵලවිපාක දෙනු ලැබුවේද?” (යයිද විමසනු ඇත)