٧.(නැවත) නැවතත් ඉන් පසුවද නොකඩවා (බොහොමයක් භූමි චලනයන්) පැමිණෙන (දින අනිවාර්යයෙන්ම යුග අවසානය සිදු වන්නේය)
١٠.(මෙසේ තිබියදී ප්රතික්ෂේප කරන්නන් මෙය ප්රතික්ෂේප කර) “අපි (මරණයට පත් වූ පසු) ඇත්තෙන්ම (පණ ලබා දී) කළින් තිබූ තත්වයට ආපසු ගෙන එනු ලබන්නෙමුද?”
١٣.(මෙය එසේ සිදු විය හැකි දැයක් නොව යයි ඔවුන්ට දැනෙන්නට ඉඩ ඇත. එහෙත් අපට නම්) එය එක්තරා භයානක චලනයක්, (එක්තරා බලපෑමක් හා භයානක ශබ්දයක්) පමණකි
١٩.“(එසේ නම්) ඔබ දෙවියන් දෙසට යා හැකි මාර්ගය මා ඔබට දැනුම් දෙන්නෙමි. ‘ඔහුට ඔබ බිය වනු’යි පවසනු” (යයි මූසාට දෙවියන් නියෝග කළේය)
٤٠.කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයෙහි (ප්රශ්න කිරීම සඳහා නැගී සිටීම) ගැන බිය වී (පහත් වර්ගයේ ශරීර) ආශාවන්ගෙන් ඈත්ව තමන්ව වළක්වා ගත්තේද
٤٥.ඒ ගැන බිය වන්නන්ට නියත වශයෙන්ම ඔබ බියගන්වා අනතුරු අඟවන්නෙකු (මිස, වෙන කිසිවෙකු නොව. එය පැමිණෙන සමයද, කාලයද දැන්වීම ඔබගේ යුතුකමක් නොව)
٤٦.එය ඔවුන් (දෑසින්) දකින දිනදී සවස හෝ නැතහොත් උදේ හෝ එක අල්ප මොහොතක් මිස, (මෙලොවදී) රැඳී සිටියේ නැත යයිම ඔවුන්ට දැනෙනු ඇත