٣١.නිරයෙහි ආරක්ෂකයින් වශයෙන් මලායිකාවරුන්වම මිස, (වෙන කිසිවෙකුත්) අපි නියම කළේ නැත. ප්රතික්ෂේප කරන්නන්ව පිරික්සීම සඳහාම (මෙසේ) මොවුන්ගේ ගණනය (දහනව දෙනෙකු වශයෙන්) අපි ඇති කළෙමු. ධර්මය හිමි අය, (මෙය) ස්ථීර වශයෙන් විශ්වාස කළ යුතුය. මෙය, විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය, වැඩි කරනු ඇත. ධර්මය හිමි අයද, විශ්වාසවන්තයින්ද, (මේ ගැන) සැක සිතිය නොයුතුය. එහෙත් කවුරුන්ගේ හෘදයන්හි අසනීපය ඇත්තේද, ඔවුන්ද, ප්රතික්ෂේප කරන්නන්ද, “මෙම උදාහරණය මගින් අල්ලාහ් කුමක් (දැනුම් දීමට) අදහස් කළේද?”යි පවසන්නාහ. (නබියේ!) මෙසේම අල්ලාහ් තමන් අදහස් කරන අයව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් අදහස් කරන අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔබ දෙවියන්ගේ සේනාවන්, ඔහු හැර වෙන කිසිවෙකුත් දැන ගන්නේ නැත. මේවා මිනිසුන්ට හොඳ ඔවදනම මිස, වෙන කිසිවක් නැත
٣٧.ඔබගෙන් කවුරුන් (ඒ දෙසට) කළින් යාමට හෝ, නැතහොත් (එය අත්හැර) ඈත්ව යාමට හෝ කැමති වන්නේද, ඔහුට (එය බියගන්වා අනතුරු අඟවන්නේය)
٤٨.එබැවින් (ඔවුන් වෙනුවෙන්) මැදිහත් වී කතා කරන්නන්ගේ රෙකමදාරුවද, (එදිනදී) ඔවුන්ට කිසිම ප්රයෝජනයක් අත් කර දෙන්නේ නැත
٥٢.(මෙපමණක්ද?) ඔවුන්ගෙන් සෑම කෙනෙකුම දිගහැර සමුදීරණය කරනු ලබන ධර්මයක් තමන්ටද ලබා දිය යුතුය යයිද කැමති වන්නාහ
٥٦.අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔවුන්ට හොඳ ඔවදන් ලබා ගත නොහැක. (අපි) බිය යුතු කෙනාද, (අපට) සමාව දිය හැකි කෙනාද ඔහුය