١٣.එබැවින් (මිනිසුන්, ජින්වරුන් වන) ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
١٤.පුළුස්සන ලද බඳුන් මෙන් (තට්ටු කළහොත් ටං ටං ගාන) ශබ්දයක් ගෙන දෙන කිරි මැටියෙන් ඔහු (පළමු) මිනිසාව උත්පාදනය කළේය
٢١.එබැවින් (මිනිස් හා ජින්වරුනි!) ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
٢٩.අහස්හිද, භූමියෙහිද සිටින සියල්ලන්ම (තමන්ට අවශ්‍ය දැය) ඔහු වෙතම ඉල්ලා සිටින්නාහ. (ඔහු ක්‍රියා විරහිතව සිටියේ නැත). සෑම දිනකම (අළුත් අළුත් අන්දමට) සෑම තත්වයකම සිටින්නේය
٣٣.මිනිස්, ජින් සමූහයිනි! ඔබ අහස් හා භූමියෙහි සීමාව ඉක්මවා තරනය කර යාමට ඔබ විසින් හැකි නම්, එසේ යනු. එහෙත් (ඒවා පාලනය කළ හැකි අති විශාල) බලසම්පන්නයා හැර, ඔබට යා නොහැකිය. (එවැනි පාලනයද, බලයද ඔබට නැත)
٣٥.(ඔබ ඒවායෙන් පිටමං වීමට කැමති වී ගියහොත්) ඔබ කෙරෙහි ගිනි දහරාද, තදින් රත් කරන ලද තඹ (කාල-තුවක්කු උණ්ඩ වැනි දැය)ද වීසි කර (පහර දෙනු) ලැබේ. එය වලක්වා ගැනීමට ඔබට නොහැකිය
٣٩.එදිනදී යම්කිසි මිනිස් හා ජින් කෙනෙකු වෙතින් හෝ පාපයන් ගැන විමසනු ලබන්නේ නැත. (ඔවුන්ගේ සළකුණු මගින්ම දැන ගනු ලැබේ)
٤١.වැරදිකරුවන්ව ඔවුන්ගේ මුහුණේ සළකුණු මගින්ම දැන ගනු ලබන්නාහ. ඔවුන්ගේ ඉදිරි කෙස් රොදින්ද, කකුල් වලින්ද අල්ලා ඇදගෙන එනු (ලැබ නිරයෙහි වීසි කරනු) ලැබේ
٤٤.මෙයටද, උතුරණ ලෝදියටද අතරේ (දෙපැත්ත ගිනි ගත් දර කැබැල්ලක හසුවුනු කූඹීන් මෙන්) ඔවුන් ඒ මේ අත දුවන්නාහ
٥٤.ඉස්තබ්රක් නමැති සේද මෙට්ටයන් (යහනාවන්) මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටිනු ඇත. එම උයන් දෙකේ පලතුරු වර්ග (කඩා ගැනීමට) ළං වී තිඛෙනු ඇත
٥٦.ඒවායෙහි පහත බැල්මෙන් යුත් (අලංකාරවත්) කන්‍යාවන්ද සිටිනු ඇත. මොවුන්ට පෙර ඔවුන්ව කිසි මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ස්පර්ශ කර නැත
٧٢.(ඔවුන්ම) හූර් (නමැති අලංකාරවත් කන්‍යාවන්)ය. ඔවුන් (මුතු, පබලූ වලින් නිමා කරන ලද) කූඩාරම්හි වාසය කරන්නාහ
٧٦.(ස්වර්ගවාසීන්) උසස් කොළ වර්ණයෙන් යුත් මැණික් ඔබ්බන ලද ලෝම ඇතිරිල්ලෙහි (ආහාර) අනුභව කර, කොට්ට මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටින්නාහ