نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.අලිෆ්. ලාම්. මීම්
٣.(අපගේ නබි) “මෙය (තමන් විසින්ම) මනක්කල්පිත කර ගත්තේය” යයි (ඔබ ගැන) ඔවුන් පවසන්නෙහුද? එසේ නොව! මෙය ඔබගේ දෙවියන්, (ඔබට) පහළ කරන ලද සත්‍ය (ධර්මය) වන්නේය. ඔබ පෙර (මේ දක්වා) කිසිම දූතයෙකු නොපැමිණි (මෙම අරාබි) ජනතාව ඍජු මාර්ගයෙහි යවනු පිණිස, ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාම (මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය)
٤.අල්ලාහ්ම අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාපිත කළේය. (ඔබව) බේරා ගන්නට හෝ නැතහොත් (ඔබට) මැදිහත් වී කතා කරන්නට හෝ ඔහු හැර, (වෙන කිසිවෙකුත්) ඔබට නැත. (මෙය) ඔබ සිතා බැලිය යුතු නොවේද
١٠.“(අපි මරණයට පත් වී) භූමියෙහි විනාශ වී ගිය පසු ඇත්තෙන්ම අපි අළුත් උත්පාදනයන් වශයෙන් නිර්මාණය කරනු ලබන්නෙමුද?”යි ඔවුන් කියන්නාහ. (එසේ) නොව, ඔවුන් තමන්ගේ දෙවියන්ව හමු වීමද ප්‍රතික්ෂේප කරන්නාහ
١١.එබැවින් (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ කෙරෙහි ඔබගේ දෙවියන් විසින් පවරනු ලැබ ඇති මලක්කල් මව්ත් (නමැති මලායිකාවරයා)ම ඔබගේ පණ අත්පත් කරන්නේය. පසුව (නැවතත් පණ දෙනු ලැබ), ඔබගේ දෙවියන් වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය”
١٢.(නබියේ! විනිශ්චය සඳහා) මෙම වැරදිකරුවන් තමන්ගේ දෙවියන් ඉදිරියේ (නවතා තබන අවස්ථාවේදී) ඔවුන් හිස නැමූ අය වශයෙන් “අපගේ දෙවියනේ! අපගේ ඇස්ද, කණ්ද, විවෘත විය. (අපි සියල්ල බලාද, අසාද දැන ගත්තෙමු. පෙර තිබූ ලෝකයට වරක්) ආපසු යවනු. අපි දැහැමි ක්‍රියාවන්ම කරන්නෙමු. නියත වශයෙන්ම අපි (මෙම විනිශ්චය දිනය) ස්ථීර වශයෙන් විශ්වාස කරන්නෙමු” යනුවෙන් (ප්‍රාර්ථනා කිරීම) ඔබ දකින්නේ නම්, (ඒ අවස්ථාවේදී ඔවුන්ගේ තත්වය කෙතරම් දීනවූ තත්වයකට වැටී ඇත්දැයි දැක ගන්නෙහිය)
١٣.අපි කැමති වී තිබුණේ නම්, (මොවුන්ගෙන් වූ) සෑම මිනිසෙකුටම ඔහු ඍජු මාර්ගයෙහි යා හැකි බුද්ධිය දී ඇත්තෙමු. එහෙත් “ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද (වූ පාපතරයින්) සියල්ලන් මගින් නියත වශයෙන්ම මා නිරය පුරවන්නෙමි” යන මගේ පොරොන්දුව (මීට පෙරම) ඇති වන්නට තිබුණි
١٤.“එබැවින් (අපව) හමු වන ඔබගේ මෙම දිනය ඔබ අමතක කර දැමීමේ ඵලවිපාක ඔබ විඳ බලනු. (මේ දිනය ඔබ අමතක කළ අන්දමටම අද) අපිද ඔබව අමතක කර දැමුවෙමු. ඔබ කරමින් තිබූ (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් සදාකල් ස්ථීර වූ දඬුවම විඳිමින් සිටිනු” (යයිද කියනු ලැබේ)
١٥.අපගේ ආයාවන් මතක් කර දෙනු ලැබුවහොත් කවුරුන් (භූමියෙහි) වැටී නළල බිම තබා සුජූද් කර, තමන්ගේ දෙවියන්ව ප්‍රශංසා කර සුවිශුද්ධ කරන්නෝද, ඔවුන්ම අපගේ ආයාවන් ඇත්තෙන්ම විශ්වාස කළ අයයි. ඔවුන් උඞඟූ වී ආඩම්බර බස් ෙදාඩන්නේද නැත
١٦.ඔවුන් (රාත්‍රියේ) නිදි යහනාවෙන් නැගිට තමන්ගේ දෑත් ඔසවා (මෑත් වී) තමන්ගේ දෙවියන් වෙත විශ්වාසය තබා බිය වී (ඔහුගෙන්) ප්‍රාර්ථනා කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් ඔවුන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ
١٧.ඔවුන් කළ (දැහැමි) කාරණාවන්ට ඵලවිපාක වශයෙන් ඔවුන් වෙනුවෙන් (පිළියෙල කර) සඟවා තබන ලද ඇස් පිනා යා හැකි (පරිත්‍යාග) කිසිවෙකුටත් දැන ගත නොහැක. (එතරම් උසස් පරිත්‍යාගයන් ඔවුන් වෙනුවෙන් පිළියෙල කරනු ලැබ ඇත්තේය)
٢٠.කවුරුන් පාපයන් කරන්නෝද, ඔවුන් රැඳී සිටින ස්ථානය (නිරා) ගින්නය. එයින් ඔවුන් පිටමං වීමට උත්සාහ කරන සෑම විටම, ඒ තුළට ඇද දමනු ලැබ “ඔබ බොරු කරමින් සිටි මෙම (නිරා) ගින්නෙහි දඬුවම විඳ බලනු” යයි ඔවුන්ට කියනු ලැබේ
٢٥.(නබියේ! ඔවුන්ගෙන් පසු මාර්ගෝපදේශකයන් වශයෙන් පත් වූ අය තමන් තුළ තර්ක කරමින් විවිධ කොටස් වශයෙන් ඛෙදී ගියහ). මොවුන් කුමන කාරණාවක තර්ක කරමින් සිටින්නෝද, ඒ ගැන විනිශ්චය දිනදී ඔබගේ දෙවියන් නියත වශයෙන්ම ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත
٢٦.මොවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර ඇත්තෙමු. ඔවුන් වාසය කළ ස්ථානයන් කෙරෙහිම මොවුන් යාම් ඊම් කරමින් සිටියද, මොවුන්ට ඍජු මාර්ගය නොපෙණුනිද? නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත. (මෙයටවත්) ඔවුන් සවන් දෙන්නේ නැද්ද
٢٧.නියත වශයෙන්ම අපිම වියළී ගිය භූමිය දෙසට (වැසි) වලාකුළු පදවා ගොස් (වසින්නට සලස්වා) එමගින් මොවුන්ද, මොවුන්ගේ (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ආහාරයට ගත හැකි භෝගද (තණ, ගස් කොලන් ආදිය)ද ඉකුත් කරන්නෙමු යන්න ඔවුන් අවධානය කළේ නැද්ද? (මෙය පවා) ඔවුන් අවධානය කර බැලිය යුතු නොවේද