نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.තා. සීන්. මේවා ශුද්ධ වූ කුර්ආනයේ සමහර ආයාවන් වන්නේය. තවද (මෙම ශුද්ධ වූ කුර්ආනය) පැහැදිලි ධර්මය වන්නේය
٧.මූසා (තූර් නමැති කන්ඳ අසළින් යමින් සිටියදී) තම පවුලේ උදවියට “නියත වශයෙන්ම මා එක් ගින්නක් දකින්නෙමි. (ඔබ ටිකක් නැවතී සිටිනු. මා ගොස් අපගේ මාර්ගය ගැන) යම්කිසි කාරණාවක් එහි සිට දැනගෙන එන්නෙමි. නැතහොත් ශීතයට ගිනි තැපීමට ගිනි පෙණෙල්ලක් හෝ ගෙන එන්නෙමි” යයිද කීවේය
٨.ඔහු ඒ අසළට පැමිණි අවස්ථාවේදී “ගින්නෙහි සිටින්නා (මලායිකාවරයා) මතද, ඒ අසළ සිටින්නා (මූසා) මතද, ඉමහත් භාග්‍යය ලබා දෙන ලදී” යයි (දෙවියන්ගේ සන්නිධානයෙන් ශබ්ද නගා පවසන) ලද අතර “ලෝකයන් සියල්ල පෝෂණය කර, පරිපාලනය කරන අල්ලාහ් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි” යයි පවසන ලදී
١٠.(“ඔබ, ඔබගේ සැරයටිය වීසි කරනු” යයිද, පවසන ලදී. එසේ ඔහු එය වීසි කළ විට), නාගයෙකු මෙන් සෙළවීම දැක (බිය වී) ඔහු ආපසු හැරී නොබලා (උගෙන්) ඈත් වී දිව්වේය. (එබැවින් අපි මූසාට) “ඕ මූසා! ඔබ බිය නොවනු. නියත වශයෙන්ම මා වෙත කිසිම දූතයෙකු බිය නොවන්නාහ
١٢.“(ඕ මූසා!) ඔබ, ඔබගේ අත, ඔබගේ ලපැත්තෙහි ඇති (කමිස සාක්කුවෙහි) දමනු. එය නපුරෙන් තොර ස්වේත වර්ණයෙන් (ආලෝකමත් වී දීප්තිමත්ව) එළියට එනු ඇත. (මෙම සාධකයන් දෙකම) ෆිර්අව්න්ටද, ඔහුගේ ජනතාවටද (ඔබ ගෙන යාමට) අයත් සාධකයන් නවයෙන් ඇති ඒවා වන්නේය. ඇත්තෙන්ම ඔවුන් පාපයන් කරන ජනතාව වශයෙන් සිටින්නාහ”යයි පවසන ලදී
١٥.දාවූද්ටද, සුලෙයිමාන්ටද නියත වශයෙන්ම අපි (මෙලොවදීද, පරලොවදීද ප්‍රයෝජනවත් වන) අධ්‍යාපනය ලබා දුන්නෙමු. එයට ඒ දෙදෙනාම “ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය. ඔහුම විශ්වාසය තැබූ තමන්ගේ (හොඳ) වහලූන්ගෙන් බොහොමයක් දෙනාට වඩා අපව උසස් කර තැබුවේය” යයි පවසා (කෘතඥ) වූහ
١٦.පසුව සුලෙයිමාන්, දාවූද්ට උරුමක්කාරයා කර, “මිනිසුනේ! පක්ෂීන්ගේ භාෂාව අපිට උගන්වා දෙනු ලැබ ඇත්තේය. අපට (අවශ්‍ය) සියලූ වස්තූන්ද, (අප්‍රමාණවම) දෙනු ලැබ ඇත්තේය. නියත වශයෙන්ම මෙය (දෙවියන්ගේ) ඉතාමත් පැහැදිලි වරප්‍රසාදයකි” යයි පවසා (කෘතඥද) වූවේය
١٨.ඒවා කුහුඹුවන් වාසය කරන එක් ඇළක් අසළින් පැමිණි අවස්ථාවේදී (ඒවායෙහි) එක් ගැහැනු කුහුඹුවෙකු (අනිත් කුහුඹුවන්ට) “ඕ කුහුඹුවණි! ඔබ, ඔබගේ නිවෙස් තුළට ඇතුළු වනු. සුලෙයිමාන්ද, ඔහුගේ යුධ සේනාවද, (ඔබ සිටිනු) නොදැනුවත්ව ඔබව (තමන්ගේ කකුල්වලින්) පාගා නොදැමිය යුතුය” යයි පැවසීය
١٩.උගේ වදනට සවන් දුන් සුලෙයිමාන් මද සිනහවක් පාමින්, “මගේ දෙවියනේ! ඔබ මා කෙරෙහිද, මගේ දෙමව්පියන් කෙරෙහිද, ලබා දුන් ඔබගේ වරප්‍රසාදයන්ට (ඔබට) මා කෘතඥ වීමට දයාව පහළ කරනු මැනව! ඔබ සෑහීමට පත් විය හැකි දැහැමි කාරණාවන්ද මට කළ (හැකි භාග්‍යය මා හට ලබා දී) දයාව පහළ කර, ඔබගේ දයාව මගින් ඔබගේ හොඳ වහලූන්ගෙන් මාවද එකතු කර හරිනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය
٢٤.ඇයද, ඇයගේ (රට)වැසියන්ද අල්ලාහ් හැර, සූය්‍යයාට (නළල බිම තබා) සුජූද් කර නමදිනු මා දුටුවෙමි. ඔවුන්ගේ මෙම කාරණාව ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් කර පෙන්වා, ඔවුන්ව ඍජු මාර්ගයෙන් වළක්වා දැමුවේය. එබැවින් ඔවුන් ඍජු මාර්ගය අත් කර ගත්තේ නැත”
٣٣.එයට ඔවුන් “අපි බලසම්පන්නයන් වශයෙන්ද, දරුණු යුද්ධ කරන්නට හැකි අය වශයෙන්ද සිටින්නෙමු. (යුද්ධ කරන්නේද, සාමය රකින්නේද යන) මෙම කාරණාව (ගැන තීරණයක් ගැනීම) ඔබ සතුය. එබැවින් ඔබ නියෝග කිරීමෙහි (ඇති වාසි අවාසිය) ඔබ හොඳින් අවධානය කර බලනු” යයි පවැසූහ
٣٥.“එබැවින් මා එතුමා වෙත (උසස් භාණ්ඩවලින් පිරි) එක් තුටු පඬුරක් යවා, (එය ගෙන යන) දූතයින් (එතුමා වෙතින්) කුමන පිළිතුරක් ගෙන එන්නේද යන්න මා බලාපොරොත්තුවෙන් සිටින්නෙමි” යයි පවසා (ඒ අන්දමටම යැවුවාය)
٣٦.ඔවුන් (එම දූතයින්) සුලෙයිමාන් වෙත පැමිණි විට, (ඔවුන්ට සුලෙයිමාන්) “ඔබ භාණ්ඩ මගින් මට උදව් (කිරීමට අදහස්) කරන්නෙහුද? අල්ලාහ් මට ලබා දී ඇති දැය ඔබට ලබා දී ඇති දැයට වඩා (අධික වශයෙන් හා) උසස් දැය වශයෙන්ම ඇත්තේය. ඔබගේ (මෙම) තුටු පඬුර මගින් ඔබම සතුටට පත් වනු” යයිද
٣٧.“ඔබ ඇය වෙත ආපසු යනු. කිසිවෙකු විසින් විරුද්ධ විය නොහැකි යුද සේනාවක් සමග නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එන්නෙමු. ඔවුන්ව අවමන් කර, එම රටින් පන්නා දමන්නෙමු. ඇයද අවමානයට ලක් වනු ඇත” යයිද පවසා (ආපසු යැවීමෙන් අනතරුව)
٣٩.එයට ජින්වරුන්ගෙන් වූ ඉෆ්රීත් (නමැති වීරයෙකු) “ඔබ, ඔබගේ ස්ථානයෙන් නැගී සිටීමට පෙරාතුවම එය මා ගෙන එන්නෙමි. නියත වශයෙන්ම මා මෙයට ශක්තිවන්තයෙකි. (ඉතාමත්) විශ්වාසයෙන් යුත්තෙකුද වන්නෙමි” යයි පැවසුවේය
٤٠.(එහෙත් ඔවුන්ගෙන්) ධර්ම ඥානය ලැබූ කෙනෙකු (සිටියේය. ඔහු සුලෙයිමාන් නබිට) “ඔබ ඇස් පිල්ලම් ගැසීම තරම් නිමේෂයකින් එය මා ඔබ වෙත ගෙන එන්නෙමි” යයි පවසා (එසේම ගෙනැවිත් තැබුවේය). එය තමන් ඉදිරියේ තබා තිබීම (සුලෙයිමාන්) දුටු වහාම “මෙය මගේ දෙවියන්, මා ඔහුට කෘතඥ වනවාද, නැද්ද යනුවෙන් මාව පිරික්සීම සඳහා (මා හට) පහළ කළ ඉමහත් වරප්‍රසාදයකි. කවුරුන් (දෙවියන්ට) කෘතඥ වන්නේද ඔහු, තමන්ටම යහපතක් කර ගන්නේය. කවුරුන් කෘතඥ වීම ප්‍රතක්ෂේප කරන්නේද, (ඔහු තමන්ටම හානියක් සොයා ගන්නේය. එබැවින් දෙවියන්ට කිසිම පාඩුවක් නැත). නියත වශයෙන්ම මගේ දෙවියන් (කිසිවෙකුගේ) අවශ්‍යතාවයක් නොවන්නෙකු හා ඉතාමත් ගෞරවවන්ත-යෙකු වශයෙන් සිටින්නේය” යයි පවසා, තමන්ගේ වැඩකාරයින්ට
٤٢.ඇය පැමිණ සේන්දු වූ විට, (ඇයට) “ඔබගේ සිංහාසණය මෙවැන්නක් සේ (ඇත්තේද)?”යි විමසුවේය. (එයට) ඇය “මෙය සම්පූර්ණයෙන්ම ඒ වාගේම ඇත්තේය. මීට පෙරම (ඔබගේ ශ්‍රේෂ්ඨත්වය ගැන වූ කාරණාව) අපට දැනුම් දෙනු ලැබීය. අපි සම්පූර්ණයෙන්ම (ඔබට) අවනත වී පැමිණ ඇත්තෙමු” යයි කීවාය
٤٤.පසුව ඇයට “මෙම මාලිගාවට ඇතුළු වනු” යයි කියනු ලැබුවාය. ඇය එය දුටු අවස්ථාවේදී (පොලොවෙහි පතිත කර තිබූ පළිඟූ), ජලය යයි සිතා ඇඳුම (නොතෙමී සිටිනු පිණිස) වළලූකරෙන් (පොඩියක්) ඔසවා ගත්තාය. (සුලෙයිමාන් “එය වතුර නොව) පළිඟූ පතිත කර ඇති මාලිගාවකි” යයි පැවසුවේය. එයට ඇය “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මටම හානියක් කර ගනිමින් සිටියෙමි. ලෝකයන්හි දෙවියන් වන අල්ලාහ්ට, සුලෙයිමාන් සමග මමත් සම්පූර්ණයෙන්ම අවනත වන්නෙමි” යයි පැවසුවාය
٤٧.එයට ඔවුන් “ඔබත්, ඔබ සමග සිටින්නන්වද අපි දුර්නිමිති වශයෙන් අදහස් කරන්නෙමු”යයි පැවසූහ. එයට ඔහු “අල්ලාහ්ගේ සන්නිධානයෙ-න්ම දුර්නිමිති පැමිණියේය. ඔබ (ඉතා ඉක්මනින් අල්ලාහ්ගේ) පිරික්සුමට ලක් විය යුතු ජනතාවක් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය
٤٩.ඔවුන් “සාලිහ්වද, ඔහුගේ පවුලේ උදවියවද ‘අපි රාත්‍රියේදීම විනාශ කර දමන්නෙමු. (මෙය කිසිවෙකුටත් පවසන්නේ නැත)’ යයි අල්ලාහ් මත දිව්රා ගනු මැනව! පසුව ‘ඔහුගේ පුවලේ උදවිය කපා දමන ලද ස්ථානයට පැමිණියේම නැත. නියත වශයෙන්ම අපි ඇත්තම කියන්නෙමු’ යයි ඔහුගේ ආරක්ෂකයින්ට කියමු” යයි (තමන් තුළ) කියා ගත්හ
٥٦.එයට ඔහුගේ ජනතාව (තම ජනතාවට) “ලුත්ගේ පවුල සම්පූර්ණයෙන්ම ඔබගේ රටින් ඔබ එළවා දමනු. නියත වශයෙන්ම ඔවුන් ඉතාමත් පරිශුද්ධ මිනිසුන් (මෙන් කතා කරන්නාහ)” යයි (සමච්චලයෙන් මෙන්) පැවසුවා මිස, වෙන කිසිම පිළිතුරක් දුන්නේ නැත
٥٩.එබැවින් (නබියේ!) “ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය. තමන්ගේ වහලූන්ගෙන් ඔහු තෝරා ගත් අය කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයිද “අල්ලාහ් උසස්වන්තයෙක්ද, නැතහොත් ඔවුන් (ඔහුට) සමානයන් තබන්නන්ද?” යයිද පවසනු මැනව
٦٠.(තවද) අහස්ද, භූමියද උත්පාදනය කර, වලාකුළෙන් ඔබ වෙනුවෙන් වැස්ස වසින්නට සලස්වන්නා කවරෙක්ද? අපිම එමගින් (ඇස් පිනා යාම පිණිස) අලංකාරවත් වතුද වැවෙන්නට සලස්වන්නෙමු. අපගේ (උදව්වෙන් තොර) එහි තිඛෙණ ගස් වැවෙන්නට සැලැස්වීමට ඔබට නොහැකිය. එබැවින් අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? නැත. (මෙසේ තිබියදී) මොවුන් (තමන්ගේ මනක්කල්පිත දෙවිවරුන්ව දෙවියන්ට) සම කරන ජනතාවක් වශයෙන් සිටින්නාහ
٦١.භූමිය ස්ථීර වූ වාසස්ථානයක් වශයෙන් නිර්මාණය කර එහි මධ්‍යයෙහි ගංඟාවන්ද, ඒ සඳහා ස්ථීර වූ කඳුද නිර්මාණය කළේ කවරෙක්ද? මුහුදු දෙකක් අතරේ බාධකයක් ඇති කළේ කවරෙක්ද? (මේවා කළ) අල්ලාහ් සමග නැමදුමට යුත්තෙකු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තේම) නැත. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙයද) නොදැනුවත් අය වශයෙන්ම සිටින්නාහ
٦٢.(විපතක පැටළී) දඟලමින් සිටින අය (ආරක්ෂාව පතා) ආරාධනා කළහොත් (ඔවුන්ට) පිළිතුරු දී, ඔවුන්ගේ අමාරුකම් පහ කරන්නේ කවරෙක්ද? භූමියෙහි ඔබව (තමන්ගේ) නියෝජිතයින් වශයෙන් පත් කළේ කවරෙක්ද? (මෙවැනි) අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තේම නැත). ඔබ (මේ ගැන) සිතන්නේ ඉතාමත් අල්පයකි
٦٣.මුහුදෙහි හෝ ගොඩ බිමෙහි හෝ අන්ධකාරයෙහි හෝ ඔබට මාර්ගය පෙන්වන්නේ කවරෙක්ද? ඔහුගේ වරප්‍රසාදයන්ට පෙර (සිසිල්) සුළඟ ශුභාරංචියක් වශයෙන් යවන්නා කවරෙක්ද? අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තේම නැත). ඔවුන් සමානයන් තැබීමෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි
٦٤.ආරම්භයේදී (කිසිම නිදසුනක් නොමැතිවම) උත්පාදනයන් නිර්මාණය කළේ කවරෙක්ද? (එසේම නැවත) නැවතත් උත්පාදනය කරමින් සිටින්නේ කවරෙක්ද? වලාකුළෙන් (වැස්ස පහළ කර) භූමියෙහි (ධාන්‍ය ආදිය වැඩීමට සලස්වා) ඔබට ආහාර ලබා දෙන්නේ කවරෙක්ද? අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නේද? “ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (මෙයට) ඔබගේ සාධකයන් ගෙන එනු” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව)
٨١.අන්ධයින්වද, ඔවුන්ගේ දුර්මාර්ගයෙන් ඍජු මාර්ගයට ගෙන ඒමටද ඔබට නොහැකිය. කවුරුන් අපගේ ආයාවන් විශ්වාස කරන්නෝද, ඔවුන්ටම ඔබ (අපගේ ආයාවන්ට) සවන් දීමට සැලැස්විය හැකිය. ඔවුන් (එයට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නාහ
٨٢.(අවසාන දිනය ගැන වූ) පොරොන්දුව ඔවුන්ට ළඟා වූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් භූමියෙන් එක් සතෙකු අපි ඉකුත් කරන්නෙමු. එය නියත වශයෙන්ම (කුමන) මිනිසුන් අපගේ ආයාවන් විශ්වාස නොකළෝද, යන්න ඔවුන්ට කියා පානු ඇත
٨٤.ඔවුන් සියල්ලන්ම (තමන්ගේ දෙවියන් වෙත) පැමිණෙන අවස්ථාවේදී (ඔවුන්ට දෙවියන්) “ඔබ අපගේ ආයාවන් වටහා නොගෙන සිටියදී එය බොරු කර දැමුවෙහුද? (එසේ නොවූවේ නම්), පසුවත් ඔබ කුමක් නම් කරමින් සිටියෙහුද?”යි විමසනු ඇත
٨٦.නියත වශයෙන්ම අපිම ඔවුන්ට සැප පහසුව ලබා ගැනීමට රාත්‍රියද, (සියල්ල) හොඳින් දැක බලා ගැනීමට දහවලද, ඇති කළෙමු යන්න ඔවුන් (අවධානය කර) බැලූවේ නැද්ද? නියත වශයෙන්ම මෙහි විශ්වාසය තැබූ ජනතාවට බොහෝ සාධකයන් ඇත්තේය
٨٨.ඔබ දකින කඳු, ඒවා ඉතාමත් ස්ථීරව සිටින බවට අදහස් කරමින් සිටින්නෙහුය. (එහෙත් එදිනදී) ඒවා වලාකුළු මෙන් (අහසෙහි) විසිරී පියාඹා යනු ඇත. සෑම වස්තුවක්ම (උත්පාදනය කර), ස්ථීර වශයෙන් පිළිවෙලකට තැබූ අල්ලාහ්ගේ කලාවට අනුව (එසේ සිදු වනු ඇත). නියත වශයෙන්ම ඔහු, ඔබ කරමින් සිටින සියල්ල හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය
٩١.(නබියේ! ඔබ මෙසේ පවසනු): “ඉතාමත් ගෞරවයෙන් පිරි මෙම නිරයේ (අධිපති වන) දෙවියන්වම (දෙවියන් එක් කෙනෙකුවම) නමදින මෙන් මා නියෝග කරනු ලැබ ඇත්තෙමි. සියලූ වස්තූන් ඔහුටම අයත්ය! තවද ඔහුටම සම්පූර්ණයෙන්ම අවනත වූවෙකු වශයෙන් සිටින මෙන්ද මා නියෝග කරනු ලැබ ඇත්තෙමි”
٩٢.තවද ශුද්ධ වූ කුර්ආනය මා (සියල්ලන්ටම) සමුදීරණය කර පෙන්වන මෙන්ද (නියෝග කරනු ලැබ ඇත්තෙමි. එමගින්) කවුරුන් ඍජු මාර්ගය අත් කර ගන්නේද, ඔහු තම පෞද්ගලික වාසිය තකාම ඍජු මාර්ගයෙහි යන්නේය. කවුරුන් හෝ (මෙයින්) ඈත් වුවහොත් (නබියේ! ඔබ ඒ ගැන කණගාටු නොවනු). “නියත වශයෙන්ම මා බිය ගන්වා අනතුරු අඟවන්නෙකු පමණි. (බල කරන්නෙකු නොව)” යයි පවසනු
٩٣.“සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයත්ය. (ඔහු විනිශ්චය දින පැමිණීමට අයත්) තමන්ගේ සාධකයන් ඉතාමත් ඉක්මනින් ඔබට පෙන්වනු ඇත. ඒ අතර ඒවා ඔබ (සත්‍යය යයි) දැන ගන්නෙහුය” යයි (නබියේ!) ඔබ පවසනු මැනව! (දැනට) ඔබ කරමින් සිටින දැය ගැන (නබියේ!) ඔබගේ දෙවියන් නොසැලකිලිමත්ව නොවේ